Showing posts with label සාදාගන්නා ආකාරය. Show all posts
Showing posts with label සාදාගන්නා ආකාරය. Show all posts

Saturday, December 21, 2024

242. මාළු මිරිසට සාදාගන්නා ආකාරය

මාළු මිරිසට හදමු...


🎋අවශ්‍ය ද්‍රව්‍ය :-

🧩කෙලවල්ලා මාළු 300g(කැමති මාළු වර්ගයක් ගන්න )
🧩මිරිස් කුඩු මේස හැදි එකහමාරක් 
🧩ගම්මිරිස් කුඩු තේ හැදි 1ක් 
🧩අමු තුන පහ තේ හැදි 1ක් 
🧩බැදපු තුන පහ තේ හැදි 1ක් 
🧩රස අනුව ලුණු කුඩු 
🧩කපාගත් බී ලුණු පොඩි ගෙඩියක් 
🧩රම්පේ කරපිංචා 
🧩අමුමිරිස් කරල් තුනක් 
🧩ගොරකා බික් දෙකක් 
🧩පොඩි තක්කාලි ගෙඩියක් 
🧩තලාගත් එනසාල් කරාබු නැටි තුන බැගින් 
🧩කුරුදු පොතු කැබැල්ලක් 
🧩සුදුරු තේ හැදි කාලක් 
🧩උලුහාල් තේ හැදි කාලක් 
🧩පොල් තෙල් මේස හැදි දෙකක් 

🎋සාදන ක්‍රමය :-

👉මුලින්ම මාළු ටික කපා සෝදා පිරිසිදු කර ගන්න ...කැමති මාළු වර්ගයක් ගන්න පුලුවන් ..
👉පසුව මැටි ඇතිලියක් ලිපේ තබා තෙල් දාලා රත් වු පසුව එයට උලුහාල් ,සුදුරු ඇට දමා ගන්න ...ටික වේලාවක් තබා තලාගත් එනසාල් කරාබු නැටි කුරුදු පොතු දමා ගෙන කපාගත් බී ලුණු ,රම්පේ කරපිංචා ,අමුමිරිස් දමා තෙම්පරාදු කර මිරිස් කුඩු ,තුනපහ ,ගම්මිරිස් කුඩු ,බැදපු තුන පහ දමා කලවම් කර ගන්න ..විනාඩි දෙක තුනක් පමණ මේ සියල්ල බැද තක්කාලි ,ගොරකා දමා වතුර කොප්ප එකක් පමණ දමා ගන්න ...
👉පසුව මාළු ටිකක් පරිස්සමට දමා ගන්න ...මාළු කැඩෙන්නේ නැති වෙන්න හැන්දකින් එහෙමට මෙහෙම පෙරල ගන්න ...
මේ වගේ දෙතුන්පාරක් විතර කරමින් විනාඩි 15ක් පමණ උයා ගන්න....දාපු වතුර ප්‍රමාණය බාගයක් පමණ වගේ වෙනකල් සිදෙන්න දෙන්න ...පසුව ලුණු ඇඹුල් බලා ලිපේන් බාගන්න ...
ගොඩාක් රසයි හදලා බලන්න ...
💥රෙසපි උපුටා ගෙන ,කොපි කර පල කීරිමෙන් වලකීන්න ශෙයා කර ගෑනීමට පමණක් කාරුණික වන්න ....
Sandya kumari ...✍️📸🇱🇰
2024/12/20 (49)
මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Friday, November 15, 2024

241. කුකුල්මස් බැදල කළුවට සාදාගන්නා ආකාරය

කුකුල්මස් බැදල කළුවට උයල.


මෙහෙම හදල හරිම රසයි.වෙනසකටත් එක්ක හදල බලන්න..

අවශ්‍ය දෑ-

*චිකන් 500-600g
*බැදපු තුනපහ කුඩු තේ හැඳි 2ක්
*ගම්මිරිස් කුඩු තේ හැඳි4 ක්
*මිරිස් කුඩු තේ හැඳි 3 ක්
*කහ පිංචක්
*කපාගත් ළූනු ගෙඩියක්
*තලාගත් ඉඟුරු සුදුළූනු මේස හැන්දක්
*‍රම්පා කරපිංචා 
*තක්කලි ගෙඩි 2ක්
*සියඹලා මද දෙකක් පමණ
*අවශ්‍ය තරමට ලුණු
*කුරුඳු පොත්තක්
*තලාගත් කරදමුංගු හා කරාබුනැටි
*පොල් තෙල්

-----------------------------------------------------------------

**කුකුළ්මස් ටික සෝදා වතුර බේරෙන්න තබන්න.
හොඳින් වතුර බේරුනු පසු,ලුණු හා කහ ස්වල්පයක් දමා මිශ්‍රකර ගැඹුරු තෙලේ රන්වන් පැහැ වනතෙක් බැදගන්න.

**මැටි බඳුනක් ගෙන කුකුල්මස් බැදගත් තෙලින්ම තෙල් ස්වල්පයක් එක්කරන්න.එය රත්වන විට ඉඟුරු,සුදුළූනි,කරදමුංගු,කරාබුනැටි,රම්ප,කරපිංචා,කුරුඳු පොත්ත එක්කරන්න.

**විනාඩියක් පමණ බැදෙන්නට හැර කපාගත් තක්කලි හා ළූනු එක්කරන්න.(දෙකම බ්ලෙන්ඩර් කර පේස්ට් එකක් අයුරින් ගත්තානම් වඩාත් හොඳයි)

**තක්කලි හොඳින් මැලවුනු පසු එයට තුනපහ,මිරිස්,ගම්මිරිස් එක්කරන්න.එයත් විනාඩියක් පමණ මිශ්‍ර කර බැදගත් කුකුල්මස් එක්කරන්න.මිශ්‍ර කරන්න.

**කුකුල්මස් වැසී නොයන සේ වතුර එක්කරන්න.අවශ්‍ය නම් පොල් කිරි එක්කරගත හැක.නමුත් තෙල් හා පොල් කිරි දෙකම යොදා මස් ඉවීම එතරම් සුදුසු නැහැ.නමුත් කිරි එක්කරොත් රස වැඩී.

**අවශ්‍ය තරමට ලුණු හා සියඹලා එක්කරන්න.කලින් මස්වල ලුණුත් ඇති නිසා ලුණු එක්කිරීමේදි සැළකිලිමත් වන්න.පියනකින් වසා තබන්න..යන්තමින් ඉස්ම ගතිය තිබියදි ලිපෙන් බාගන්න..

බත්,රොටි,පාන්,නාන් කෑමට වඩාත් සුදුසුයි.
අවශ්‍ය නම් ලිපෙන් බෑමට පෙර කපාගත් මාළුමිරිස් එක්කරන්න.(කුළුබඩු ඔබට අවශ්‍ය පමණින් අඩුවැඩි කරගන්න)
මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Friday, August 23, 2024

239. මස්කට් සාදාගන්නා ආකාරය

මස්කට් සාදාගන්නා ආකාරය 


අවශ්‍ය ද්‍රව්‍ය

*໑໑ 88 (corn flour)

*ඉරිගු පිටි දිය කිරීමට වතුර 130ml

*සීනී 300g

*සීනී දිය කිරිමට වතුර 250ml

*දෙහි මේස හැන්දක්

*අවශ්‍ය නම් කැමති පාටක්, රසකාරක

*බටර් මේස හැදි 2

මුලින් ම ඉරිගු පිටි වතුර 130ml දිය කරගන්න.දැන් පෑන් එකට සීනී හා සීනී දිය කිරීමට තැබූ වතුර 300ml,දෙහි යුෂ මේස හැන්ද එකතු කර සීනී ටික දිය වෙනතුරු කවලම් කරගන්න (කැරමල් කිරීමට අවශ්‍ය නෑ)

හොදින් දියවූ සීනී මිශ්‍රණයට දිය කරගත්ත ඉරිගු පිටි මිශ්‍රණය එක් කරගන්න. (මෙය ඉක්මනින් ඝන වෙනවා )

තරමක් ඝන වූ විට , ලුණු,කැමති පාටක්, රසකාරක එක් කරගන්න.

තබාගත් බටර් ටික ටික මිශ්‍රණයට එක් කරගන්න.වි.25-30ක් වගේ යද්දී මිශ්‍රණය එක ගුලියට එනවා. දැන් බටර් ගාගත්ත තැටියක මිශ්‍රණය තුනී කර නිවෙන්නට තබා කෑලී කපා ගන්න

දැන් පුළුවන් හදාගත්ත මස්කට් ටික අමුත්තනට පිළිගන්වන්න .... 

උපුටාගැනීමකි
මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Friday, July 5, 2024

231. -මාස 6ට වැඩි බබාලට පියුරි වර්ග - sසාදාගන්නා ආකාරය

-මාස 6ට වැඩි බබාලට පියුරි වර්ග -




දරුවන්ගේ පෝෂණය සඳහා ලබා දිය හැකි එළවළු පියුරි කිහිපයක් පහතින් දක්වා ඇත.

මෙම එළවළු පියුරි ඕනෑම ප්‍රධාන වේලකට හෝ අමතර වේලකට ලබා දීමේ හැකියාව ඇත.

මෙම එළවළු පියුරි ,

ක්‍රීම් ගතියෙන් යුතු නිසා දරුවාට ගිලීමට පහසුයි.

එළවළු වල ස්වාභාවික රසය ඉස්මතු වන ලෙස පිළියල කළ යුතුයි.

එළවළුවල රසය වැඩි කරන්න බටර්  ,බිත්තර හෝ මාළු , මාස 7 සිට කුළුබඩුවර්ග දමා හෝ පිසිය හැක.

1.බ්‍රාකෝලි පියුරි

වැඩෙන දරුවාට අත්‍යවශ්‍ය විටමින් සහ සෞඛ්‍යය සම්පන්න මේද වලින් පිරුණු එළවළුවකි.

බ්‍රොකලි සහ අල ගෙඩියක් කුඩා කෑලිවලට කපා තම්බා තම්බා ගන්න.

ඉන්පසු එය ක්‍රීම් වන තුරු හොදින් පොඩි කරන්න.බ්ලෙන්ඩර් කරන්නත් පුළුවන්.

ඉන්පසු ඔලිව් ඔයිල් හෝ බටර් ස්වල්පයක් එකතු කරන්න.

2.කැරට්/බතල පියුරි

කැරට් අලයක් හෝ

පොතු ඉවත් කරගත් බතල අලයක්

ඔලිව් තෙල් හෝ බටර්

වතුර ස්වල්පයක් 

බතල හෝ කැරට් අලය හොදින් තම්බාගෙන පොඩි කරන්න.

එයට වතුර ස්වල්පයක් එක් කර බ්ලෙන්ඩර් කරගන්න.

ඔලිව් ඔයිල් හෝ බටර් එකතු කර දරුවාට ලබා දෙන්න.

3.වට්ටක්කා හා බඩ ඉරිගු පියුරි

වට්ටක්කා සහ  වාශ්පයෙන් තම්බා ගන්න.

බඩ ඉරිගු කරලක් හොදින් තම්බාගෙන ඇට ඉවත් කරගන්න.(මාස 8ට වැඩි නම් පමණක්)

තම්බාගත් වට්ටක්කා සහ බඩ ඉරිගු ඇට බටර් හෝ ඔලිව් ඔයිල් දමා බ්ලෙන්ඩර් කරගන්න.

4.බටානා පියුරි

බටානා හොදින් තම්බාගෙන එයට තම්බාගත් මාළු කෑල්ලක් එකතු කර බටර් හෝ ඔලිව් ඔයිල් සමග බ්ලෙන්ඩර් කරගන්න/ හොදින් ක්‍රීම් වනතෙක් පොඩි කරගන්න.

5.කැරට් ඉගුරු පියුරි

කැරට් තම්බාගෙන එයට  ඉගුරු,තල ඇට හා බටර් /ඔලිව් ඔයිල් එක් කර බ්ලෙන්ඩර් කරන්න.

-කෞශල්‍යා පෙරේරා -
මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Friday, May 10, 2024

228. කැකිරි මස් වගේ රසට උයමු

කැකිරි මස් වගේ රසට උයමු 


අවශ්‍ය ද්‍රව්‍ය- 

කැකිරි ග්‍රෑම් 350
පොල් කිරි කෝප්ප 1/1
මිරිස් කුඩු මේස හැදි 1 
බැදපු තුනපහ කුඩු මේස හැදි 1 
ගම්මිරිස් කුඩු තේ හැදි 1 
අමුතුන පහ කුඩු මේස හැදි 1 
කහ කුඩු තේ හැදි 1 /4
කරාබුනැටි කරල් 2
එනසාල් ඇට 2
උළුහාල් ඇට තේ හැදි 1/4
කුරුදු කෑල්ලක් 
සුදුලූනු බික් 5 
ගොරකා කෑල්ලක් 
බීලූනු ගෙඩි 1 
අමුමිරිස් කරල් 3 
කරපිංචා 
රම්පේ 
තෙල් මේස හැදි 2 
රස අනුව ලුණු 

සාදන ක්‍රමය:-

මුලින්ම කැකිරි ගෙඩියේ ඇස්ස කපා කිරි ඉවත් කරන්න. එතකොට තිත්ත රසය නැති වෙනවා.

දැන් කැකිරි ගෙඩිය සෝදා හතරැස් කෑලි කපා ගන්න. මේ කපා ගත් කෑලි වලට මිරිස් කුඩු, බැදපු තුනපහ, ගම්මිරිස්කුඩු, කහකුඩු, සහ ලුණු එකතු කරන්න. 

භාජනයකට තෙල් ටිකක් දමා එයට රම්පේ,   
උළුහාල්, කරාබුනැටි, එනසාල් දමා බැද ගන්න. ඉන් පසු කපා ගත් බීලූනු, අමුමිරිස්,    
කරපිංචා, සුදුලූනු දමා බැද ගන්න. අන්තිමට මිරිස් කුඩු තේ හැදි 1 හා අමුතුන පහ කුඩු තේ හැදි 1 එකතු කරන්න. 

මේ තෙම්පරාදුවට කැකිරි ටික එකතු කරන්න. හොදින් කළවම් කරන්න. කිරි ටික එකතු කරන්න. ගොරකා හා ලුණු එකතු කරන්න.  

අඩු ගින්දරේ තැම්බෙන්න හරින්න.කෑලි හොදට තම්බා ගන්න. තෙල් පාට වනවිට බා ගන්න. 

මුල් අයිතිය Garlic and Ginger
Ami & Hashi
මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Tuesday, April 23, 2024

223. කාමරංක කරිය සාදාගන්නා ආකාරය

දැන් බලමු කාමරංක කරිය


ලොකු කාමරංක ගෙඩි හතරක් පමන
සුදු ළූනු
රතුළූනු
අමු තුනපහ
අමු මිරිස්
රම්පෙ කරපිංචා
උලුහාල්
ගම්මිරිස් කුඩු
අබ
ලුනු
සීනි
කහ
උකු පොල් කිරි කෝප්ප භාගයක්

කාමර්ංක ගෙඩි හතරක් පහක් ගන්න එය පොඩි කැබලි වලට කපා ගන්න තරු හැඩය පෙනෙන සේ හරස් අතට කපා ගන්න

ඉන් පසු බාජනයක් ලිප තබා එයටා තෙල් ස්වල්පයක් දමා තෙල් රත්වන විට එයට
උලුහාල අබ රම්පෙ කරපිචා සුදු ළූනු රතු ළූනු අමු මිරිස් එක කර තෙම්පරාදු කරගන්න ඉන්පසු එයට කාමරංක කැබලි එක්කරගන්න හොඳින් මිශ්‍ර කරගත් පසු කහ කුඩු අමු තුනපහ කුඩු ලුනු කුඩු ගම්මිරිස් කුඩු එක්කරගන්න ඉන් පසු සීනි එක්කර හොඳින් මිශ්‍ර කරගන්න ටිකකින් කිරි කෝප්ප භාගය එක් කර මිශ්‍ර කර විනාඩි තුනකින් පමන පසු ලිපෙන් බා ගන්න
වෙනස්ම ‍රසක්


මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Thursday, March 14, 2024

221. කිරිබත් කන්න ඉකන් බිලිස් හදමු

ඉකන් බිලිස් හදමු


කිරිබත් කන්න අපි හදන්නෙ ලුණුමිරිසක් නැත්නම් අපි සාමාන්‍යන් හදන්නේ කට්ට සම්බෝලයක් නැත්නම් සීනි සම්බෝලයක්නේ. ඔන්න අද ගෙනාවෙ රසම රස වෙනස් කෑමක්. මේක මැලේෂියාවෙ ප්‍රසිද්ධ කෑමක්. හදන ක්‍රම නම් කීපයක්ම තියෙනව. ලේසියෙන් හදාගන්න පුළුවන් ක්‍රමයක් තමා මේ ගෙනාවෙ.

 ඉකන් බිලිස්

අවශ්‍ය ද්‍රව්‍ය :-

 හාල්මැස්සන් ග්‍රෑම් 100

කපාගත් ළූණු ගෙඩි 2

සෝයාසෝස් මේස හැඳි 1

සීනි මේස හැඳි 1

කඩාගත් වියලි මිරිස් කරල් 3-4ක්

සියඹලා යුෂ ස්වල්පයක්

සාදන ක්‍රමය :-
 
පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට හාල්මැස්සන් ටික දාලා බැදගන්න.

ඒ ටික අයින් කරලා ඒ පෑන් එකටම ලියාගත් ළූණු දාලා රන්වන් පාට වෙනකල් බැදගන්න. ඊළඟට චොප්කරගත් අමුමිරිස් දාලා බැදගන්න.

මේකට සෝයාසෝස්, සීනි එකතු කරන්න. ලුණු අවශ්‍ය නම් දාගන්න. සියඹලා යුෂ ටිකත් එකතු කරන්න. අන්තිමට බැදගත් හාල්මැස්සන් එකතු කරලා ලිපෙන් බාගන්න.

බ්ලෙන්ඩර් එකට දාල පොඩ්ඩක් බ්ලෙන්ඩ් කරගන්න.
අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදි .
මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Friday, January 19, 2024

219. බෝංචි මැල්ලුමක් සාදාගන්නා ආකාරය

බෝංචි මැල්ලුම.....✨️✨️✨️✨️


(බෝංචි මිල අඩු වුනාම හදලා බලන්න )

අවශ්‍ය 👇

✨️බෝංචි 
✨️කහ
✨️ලුනුකුඩු 
✨️පොල් 
✨️ගම්මිරිස් 
✨️සුදුලූනූ 
✨️රතුලූනු 
✨️උම්බලකඩ 
✨️කරපින්චා 
✨️අමුමිරිස් 
✨️තෙල් 
✨️අබ 

හදමු 👇

😊බෝංචි ටික සෝදා සිහින්ව කපා ගෙන බාජනයකට දමා ලුණු කුඩු ස්වල්පයක් සහ වතුර ස්වල්පයක් දමා මද ගින්නේ පිසගෙන ලිප වසාගෙන.

😊සිහින්ව ගාගත් පොල්,ලුණු ,කහ,ගම්මිරිස් ,සුදුලූනූ බික් එකක්,අමුමිරිස් කරලක්  වංගෙඩියට දමා හොදින් කොටාගන්න.

😊බදුනක් ලිප තබා එයට තෙල් ස්වල්පයක් දමා රත්වෙන විට අබ ඇට ස්වල්පයක් ,ලියාගත් රතුලූනු ,කරපින්චා ,උම්බලකඩ,දමා කලවම් කර කොටා ගත් පොල් මිශ්‍රණය දමා කලවම් කර එයටම බෝංචි ටිකත් දමා කූරූ ගා ගෙන ලිප වසාගන්න.

😊දැන් රසම රස බෝංචි මැල්ලුම රස බලමූ......😋

ගංගා ...✍
#කමු රසට
(බෝංචි මිල අඩු වුනාම හදලා බලන්න )


මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Monday, February 13, 2023

209. වසවිස නැති ටිපි ටිප් නිවසේදී සාදාගන්නා ආකාරය

ටිපි ටිප් හදමු. 


අවශ්‍ය දේවල් -

* තම්බා පොඩි කර ගත් අල කෝප්ප 1 ( අල ගෙඩි 3ක් පමණ)
* පාන් පිටි මේස හැදි 4 
* කිරි කෝප්ප 1/2 ( fresh milk හෝ පිටි කිරි)
* ඊස්ට් තේ හැදි 1 1/2
* කෝන් පිටි තේ හැදි 2 
* කහ 
* ලුණු තේ හැදි 1/2 
* චීස් මේස හැදි 1
* පයිපින් බෑග් එකක් 

සදා ගන්නා ආකාරය -

තම්බා ගත් අල ටික ඉතාම හොදින් පොඩි කර ගන්න (කෑලි නොසිටිනා සේ ) ඉන්පසුව cheese ස්පෙඩ් ටික එකතු කර ගන්න ( අපිට සාමාන්‍ය චීස් වුනත් එකතු කර ගන්න පුළුවන් ) 

ඒ වගේම කහ කුඩු ටික , ඊස්ට් ටික , කෝන් පිටි ටික එකතු කර ගන්න. අපේ රස පදමට ලුණු එකතු කර ගන්න. ඉන් පසුව කිරි ටික ටික එක්කර අනා ගන්න. අනා ගත්ත අල මිශ්‍රණය පිපෙන්නට විනාඩි 30ක් පමණ තබා ගන්න. 

පිපෙන්නට තිබූ අල මිශ්‍රණය පයිපින් බෑග් එක ඇතුලට දමන්න ( අවශ්‍යනම් නම් Nozzle එකක් පාවිච්චි කරන්න ) රත් වූ තෙල් තාච්චියට සාදා ගත් මිශ්‍රණය පයිප් කරන ගමන් කතුරකින් කපා ගන්න ( පොඩි ප්‍රමාණ බෝල ) ඉන්පසු රන් වන් පාට වන තෙක් බැද ගන්න.
මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Wednesday, February 1, 2023

207. වට්ටක්කා තෙලට සාදාගන්නා ආකාරය

වට්ටක්කා  තෙලට සාදාගන්නා ආකාරය 


අවශ්‍ය ද්‍රව්‍ය- 

රටලුනු ගෙඩි දෙකක් කපා ගත්
අමුමිරිස් කරල් දෙකක් කපා ගත්
කරපිංචා.රමිපා ටිකක් 
කැලි මිරිස් මෙිස හැදි 1
කහ කුඩු තේ හැදි 1/2
ගම්මිරිස් කුඩු තේහැදි 1
කුරුදු පොතු කැල්ලක්.එනසාල් කරල් 2
උමිබලකඩ කුඩු ස්වල්පයක් (තියේනම් පමනක්)
රස අනුව ලුනු
තෙල් මෙිස හැදි 2

සාදා ගන්නා ආකාරය:-

 කපා ගත්, රටලුණු, අමුමිරිස් කරපිංචා, රම්පා සියලු දේවල් ටිකක් ලොකු භාජනයකට දා ගෙන ඔබේ කැමත්ත අනුව කැලි මිරිස්, කහ, ගම්මිරිස් දා ගෙන රස අනුව ලුනුද දා ගෙන තියෙනවා නමි පමනක් උමිබලකඩ කුඩු ස්වල්පයක් එකතු කරන්න.

දැන් ඒසේරම දේවල් අතින් හොදට කවලම් කර ගන්න.

       පැන් එකක් අඩු ගින්දරේ ලිපේ තියා ගෙන එයට තෙල් මෙිස හැදි දෙකක් පමන දා ගෙන එය රත්වු පසු එයට කවලම් කරගත්ත 
රටලුණු ටික දා ගන්න.

 දැන් එයට කුරුදු කැල්ල සහ එනසාල් කරල් දෙකකත් දා ගෙන හොදට කවලම් කර ගෙන පියනකින් වහලා ලුණු ටික බැදෙන්න දෙන්න.

 තත්පර් දෙක තුනක් ගියාට පසු පියන ඇර හැන්දකින් කවලම් කර ගෙන ලුණු ටික බැදි ඇත්නම් රස අනුව ලුනු බලා කිුස්පියට බැදගත් වට්ටක්කා ටික එකතු කර ගෙන පොඩි නොවන්න කවලම් කර ගෙන නැවත රස අනුව ලුනු බලා තත්පර දෙකක් පමන ගිය පසු ලිපෙන් ඉවත් කර ගන්න.

දැන් ඉතා රසවත් අල වෙනුවට ආදේශ කර ගත් වට්ටක්කා තෙලට හදලා අවසන් ඉතිං

 හැදුවාම කියන්න බැහැ මෙි වට්ටක්කද කියලා ඒතරමි රසයි ඉතිං ඔයාලත් කැමති නම් මෙි දාලා තියෙන රෙසපියට හදලා ගෙදර අයත් එක්ක රස බලන්න ස්තුතියි

Dayangani peiris 

උපටාගැනිම -Garlic and Ginger
මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Tuesday, January 26, 2021

193. තැම්බුම් හොද්ද හදාගන්නේ මෙහෙමයි

තැම්බුම් හොද්ද හදාගන්නේ මෙහෙමයි..!


අවශ්‍ය ද්‍රව්‍ය
    ●කොත්තමල්ලි
    ●සූදුරු
    ●ගම්මිරිස්
    ●කරාබු නැටි
    ●ඉඟුරු
    ●සුදු ළූණු
    ●රතු ළූණු
    ●සියඹලා
    ●රම්පේ
    ●කරපිංචා
    ●කුරුඳු
    ●අවශ්‍ය නම් අමු මිරිස් කරලක් 
    ●කහ ස්වල්පයක්
    ●ලුනු 

සාදන ක්‍රමය 

ඉහත ද්‍රව්‍ය සියල්ල අවශ්‍ය පමණට ගෙන මදක් තලා පොඩි කර අවශ්‍ය ප්‍රමාණයට වතුර දමා හොඳින් තම්බා පානය කරන්ට.
(උපුටාගැනීමකි)
මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Saturday, March 14, 2020

172. කොරොනා වලට ගුණ සුදු ළූණු ව්‍යාන්ජනයක් සාදාගන්නා ආකාරය


කොරොනා වලට ගුණ සුදු ළූණු ව්‍යාන්ජනයක් සාදාගන්නා ආකාරය

අවශ්‍ය ද්‍රව්‍ය

සුදු ළූණු 500 g
මිටිකිරි කෝප්ප 1ක්
මිරිස් කුඩු මේස හැඳි 1/2ක්
තුනපහ කුඩු මේස හැඳි 1/4ක්
අමු මිරිස් කරල් 2ක්
උම්බලකඩ 5g
කහ ස්වල්පයක්
රම්පෙ කොළ භාගයක්
කරපිංචා කිණිති 2ක්
උළුහාල් ස්වල්පයක්


සාදන අන්දම

සුදුලූණු ඉස්සෙල්ලම පොතු සුද්ද කරලා හෝදලා දෙකට කපා ගන්න . දෙකට කපන්නේ නැතිව උයනවනම් තමයි මම කැමති . ඒත් කැමතිනම් කපාගන්න . ඊට පස්සේ කපාගත්ත අමු මිරිස් , උම්බලකඩ , රම්පෙ , කරපිංචා , මිරිස් කුඩු , තුනපහ කුඩු , කහ කුඩු , උළුහාල් , ලුණු , මිටිකිරි අර සුදු ළූණු ටිකත් එක්ක පිසින භාජනයේ එකතු කරලා හොඳට කලවම් කරගන්න . ඊට පස්සේ මද ගින්නේ පිසගන්න තමයි තියෙන්නේ . වැඩිය ගින්දර දාලා තම්බ ගන්න එපා . එහෙම උනොත් සුදු ළූණු වලින් වැඩක් වෙන්නේ නැහැ . ඒ නිසා තරමකට පිසගෙන කෑමට ගන්න . රම්පෙ දානකොට සමහර අය කොලේ විතරක් දාලා පස්සේ ව්‍යංජනයෙන් ඉවත් කරනවා . ඒත් කරන්න ඕන රම්පෙ කොලෙත් පොඩියට කපලා ව්‍යංජනයට දාන එක .

මීට අමතරව සුදු ළූණු පොත්ත පිටින් පුච්චලා මී පැණිත් එක්ක කන එකත් හොඳයි . තව සුදු ළූණු අමුවෙන් කන්නත් පුළුවන් .

එහෙනම් සුදු ළූණු උයලා කාලා බලන්න .

තවත් ලිපියකින් හමුවෙමු

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

Thursday, December 5, 2019

170. පිට්ටු සාදාගන්නා ආකාරය

පිට්ටු සාදාගන්නා ආකාරය


පොල් කෝප්ප 3
හාල් පිටි(මං ගත්තේ ඉදිආප්ප පිටි) කෝප්ප 5
කැරට් කෝප්ප 1(කැමති එලවලු දා ගන්න පුලුවන් )
ලොකු ලූණු ගෙඩි 1
තෙල් මේස හැදි 3
ලුනු රස අනූව
වතුර කෝප්ප 2ක් විතර

මුලින්ම පොල් ටික භාජනයකට දා ගෙන එයට එලවලු හා ලූණු,ලුනු,තෙල් දමා හොදින් මික්ස් කරගන්න.ඊට පස්සේ එයට පිටි ටිකත් දමා පොඩ්ඩ පොඩ්ඩ වතුර දමා පිටි කැට කර ගන්න.දැන් පිට්ටු බම්බුවට මිශ්‍රණය දමා හුමාලයෙන් තම්බා ගන්න.

මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Monday, December 2, 2019

169. සෝයා මිට් කට්ලට් සාදාගන්නා ආකාරය

ඔන්න එහෙනම් කවුරුත් ඉල්ලපු සෝයාමීට් කටිිලටිි රෙසපිය 

අවශ්‍ය දේ 
කැමති සෝයාමීට් වර්ගයක් 200g,
අමුමිරිස් කරල්2 
,⁣ලොකු ලුනු ගෙඩියක් ,
පාන් පිටි,
කරපිංචා ,
කැමති නම් පොඩි අල ගෙඩියක් තමිිබලා 
,ගමිිමිරිස් ,
මිරිස් කුඩු තේ හැදිභාගයක් ,
කරි කුඩු තේ හැදිභාගයක් ,
බැදිමට තෙල් ටිකක් ,
රස අනුව ලුණු .

හදන්නේ මෙිිහෙමයි 
 පලමුව භාජනයකට වතුර දලා සෝයාමීට් දලා විනාඩි 4තමිිබලා වතුර හොඳට මිරිකා ටික ටික ගයින්ඩර් කර ගන්න ⁣පොඩි වෙන්න .එම මිශ්‍රණයට පාන් කුඩු තේ හැදි3-4 දලා අතින් මිශ්‍ර කරන්න .ඉන්පසුව භාජනයකට තෙල් ටිකක් දලා කරපිංචා ලියා ,අමුමිරිස් ,ලුනු ලියා ,අල ගෙඩියක් පොඩි කර එකටම දලා මිශ්‍ර කරන්න .ඉන්පසු ගමිිමිරිස්,මිරිස් කුඩු ,කරි කුඩු ,දලා මිශ්‍ර කර සෝයාමීට් ටික දාන්න රස අනුව ලුණු දලා මිශ්‍ර කර බා නිවෙින්න තියන්න .දැන් පොඩි ⁣ගැබුරැ. බෝ එකට පාන් පිටි ,වතුර දලා ඝන බැටර් එකක් හදන්න .සාදා ගත් මිශ්‍රණයෙන් ටිකක් ලොකු බෝල සාදා පිටි බැටරයේ හැන්දකින් දවටා පාන් කුඩු වල පරිස්සමෙන් දවටා සාමාන්‍ය තෙල් බැද ගන්න ,ටිකක් බැදෙනකමිි හරවන්න එපා .(කටිිලටිි හොඳ කිස්පියට ඔිින නමිි බැද ගන්න කටිිලටිි ටිෂු ,පත්තර වල දාන්න එපා)නිකන් බෝල් එක කටිිිලට බැදලා දා ගන්න .

මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Sunday, September 22, 2019

167. තැඹිලි වයින් ගෙදරදි පහසුවෙන් සාදාගන්නා ආකාරය

පහසුවෙන් තැඹිලි වයින් හදමුද? 
රෙසිපි එකත් එක්කම මෙන්න



උත්සව කාලෙට ගෙදරට එන අමුත්තන්ට වයින් වීදුරුවකින් සංග්‍රහ කරන්න තිබුණනම් හොඳයි නේද? වයින් කිවුවම එක එක ජාතියෙ වයින් වර්ග තියෙනවා. ගොඩක් සැර ඒවා සැර අඩු ඒවා. ඒ අතරින් ස්වභාවික තැඹිලි වලින් වයින් එකක් ගෙදරදීම බොහොම පහසුවෙන් හදාගන්න ක්‍රමයක් තමයි මේ කියන්න යන්නේ. දැන් අපි බලමු කොහොමද මේ තැඹිලි වයින් එක හදාගන්නේ කියලා.

මේ තියෙන්නේ අවශ්‍ය ද්‍රව්‍ය..
ගෙඩි 4ක තැඹිලි වතුර,
 සිනි – 750g, 
කැරමල් -250g, 
ඊස්ට් තේ හැඳි 1 ක්,
 දෙහි යුෂ තේ හැඳි 1 ක්, 
කරදමුංගු කරල් 4 ක්, 
කුරුදු පොතු ස්වල්පයක්,
 කරාබු නැටි ස්වල්පයක්.

මේ තියෙන්නේ හදන හැටි..
මදක් උණුසුම් වතුර කෝප්ප 1/2 කට ඊස්ට් සහ සිනි ස්වල්පයක් දමා හොඳින් දියකර ගන්න. පසුව එයට තැඹිලි වතුර සහ සිනි එක්කර හොඳින් කවලම් කරගන්න. දෙහි යුෂ සහ කරදමුංගු, කරාබු නැටි, කුරුඳු පොතුද එයට එක්කර මේ මිශ්‍රණය විදුරු බඳුනකට දමා එම භාජනයේ කට රෙදි කැබැල්ලකින් වසා දින 10ක් පමණ තබන්න. 11 වන දිනයේ රෙදි කැබැල්ල ඉවත් කර එය වෙන භාජනයකට පෙරා එයට කැරමල් කරගත් සීනි එකතු කර ගෙන තවත් දින 3ක් වසා තබා පිළිගන්වන්න


මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Tuesday, July 16, 2019

166. කිරිබතක් සාදාගන්නා ආකාරය Ami&Hash

කිරිබත් හදන හැටි

අවශ්‍ය ද්‍රව්‍ය :
සුදු කැකුළු සහල් ග්රෑම් 500,
වතුර කෝප්ප 4,
පොල්කිරි කෝප්ප 2,
ලුණු ස්වල්පයක්,
රම්පේ කෑල්ලක්

සාදන ක්‍රමය :සහල් හොඳින් සෝදා ගරා වතුර කෝප්ප හතර යොදා, රම්පා කෑල්ල දමා හොඳින් බත උයාගන්න. 
පසුව ළිපෙහි ගින්දර අඩුකර ලුණු ටිකක් දැමු කිරි මිශ්‍ර කර හොඳින් කිරි උරාගන්නාතුරු මිශ්‍ර කරන්න. වතුර ගතිය සිඳුණු පසු කෙසෙල් කොළයක් හෝ පැතලි පිඟන් අඩියක බටර් හෝ පොල්කිරි ස්වල්පයක් තවරා කිරිබත තැටියකට හෝ ලෑල්ලක අතුරා මට්ටම් කරගන්න. හතරැස් හෝ දියමන්ති හැඩයට කපා මේසයට යවන්න. කිරිබත බුලත් කොළයේ හැඩැති අච්චුවක බහා බුලත් කොළයක ආකාරයෙන් ද මේසයට තැබිය හැකිය.
කිරිබත රසවත් කර ගන්නට පැණි පොල් යොදාගන්න පුළුවන්. ලොකු පොල් බෑයක පොල් ගා ගන්න. ඊට සීනි කෝප්ප 1/2 හා පැණි කෝප්ප භාගයක් උණු කර එයට පොල් ටික මිශ්‍ර කරගෙන පැණි පොල් සකස් කරගන්න. ලෑල්ලක් මත කිරිබත් අතුරා ඊට උඩින් පැණි පොල් තට්ටුවක් අතුරන්න. ඒ මත කිරිබත් තට්ටුවක් අතුරා නිවුණු පසු කෑලි කපා මේසයට යවන්න.
මෙලෙස කුඩා අයිස්ක්‍රීම් කෝප්පයකට කිරිබත් තට්ටුවක් සහ පැණි පොල් තට්ටුව බැගින් යොදා කෝම්පිට්ටුවක හැඩයෙන් ද සකස් කරගත හැකිය. නැතිනම් පිරිසුදු කරගත් කොළපත් කෑල්ලක් හෝ තෙල් කරදාසියක් මැදින් කිරිබත් හා පැණි පොල් දමා දෙපැත්තෙන් කරකවා සම්ප්‍රදායික ක්‍රමයට ඉඹුල් කිරිබත් පිළියෙල කර ගැනීමට පිළිවන.

ලුණු මිරිස
කිරිබත් වඩා රසවත් වන්නේ ලුණු මිරිස නැතිනම් කට්ට සම්බෝලය සමඟිනි. පහසුවෙන් රසවත් ලුණු මිරිසක් මෙසේ සකස් කරගත හැකිය.

කෑලි මිරිස් මේස හැඳි 4ක්,
කුඩාවට කැපූ බී ලූනු ගෙඩියක්.
 සිහින්ව කපාගත් ලොකු තක්කාලි ගෙඩියක්,
සීනි තේ හැඳි එකක්.
දෙහි සහ ලුණු රස අනුව
 ගෙන හොඳින් කළවම් කරගන්න. නැකැත් වෙලාවට රසවත්ව කඩිනමින් මේසයට තැබීමට සුදුසු ලුණු මිරිසකි මේ.

කිරිබත් කෑමෙන් පසු බීමට වඩා සුදුසු වන්නේ කහට තේ කෝප්පයකි. බොහෝ දෙනකු නිවැරැදිව රසවත් තේ කෝප්පයක් හදා ගන්නා ආකාරය ද නොදනිති. කහට රසය හා පැණි රස ඒ ඒ පුද්ගලයාගේ රුචිය අනුව වෙනස් වේ. තේ පිළිගැන්වීමේදී පිරිසුදු කෝප්පවල උණුසුම්ව තේ පිළිගැන්වීම ද වැදගත්ය



මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Thursday, June 27, 2019

165. දඹල මැල්ලුමක් සාදාගන්නා ආකාරය Ami & Hashi

 දේශපාලනයෙන් මිදිලා අද අලුත් කැමක් හදන්න කියලා දෙන්නම්. දඹල මැල්ලුමක් රසට පහසුවෙන් ඉක්මනින් සාදාගන්නා ආකාරය


දඹල මැල්ලුම 

දඹල ටික සුද්ද කර සිහින්ව කපා ගන්න...

රතු ලූනු, සුදු ලූනු, කුරුඳු පොතු, ගම්මිරිස්, කහ, කෑලි මිරිස් , ල්ණු... පොල් එකට කොටා සම්බෝලයක් සදා ගන්න

තෙල් ටිකක් ලිප තබා රත් වන විට අබ ටිකක් දමා පුපුරවා ගන්න

එයට කපා ගත් දඹල ටික දමා තෙලෙන් මලවා ගන්න....
එයට සාදා ගත් සම්බෝලය දමා කලවම් කරන්න...
ලිපෙන් අයින් කර දෙහි ඇඹුල් එකතු කරන්න...




 පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Thursday, April 11, 2019

161. රසවත් කතුරුමුරුංගා බැදුමක් සාදාගන්නා ආකාරය srilanka cooking

කල්තබාගෙන රස විඳින්න පුලුවන් බැදුමක් තමයි මේ..

💐 පිරිසිදු කළ කතුරුමුරුංගා කොළ සෝදා වතුර බිදක් වත් නැතිවනතුරු අතුරා තබන්න.වතුර පිටින් එක්කරොත් බදිනා විට තෙල් විසි වෙනවා..

💐 වියළි හාල්මැස්සන් පිරිසිදු කර වතුර ඉවත්වනතුරු තබන්න.වියළි මිරිස්ද එසේම කරන්න.වියළි මිරිස් කැබලි 3කට කඩාගන්න.

💐 පපඩම් කුඩා කොටු ආකාරයට කපා පසෙකින් තබන්න.

💐 සියල්ලම ගැඹුරු තෙලේ බැදගන්න .කතුරුමුරුංගා කොළ හොදින් තෙල් බේරෙන තුරු තබාගන්න .ඉන්පසු කෑලි මිරිස් හා ලුණු කුඩු එක්කර මිශ්‍රකරගන්න.මිශ්‍රකරගන්නා විට කොළ පොඩි නොකර මිශ්‍රකරගන්න.
වීදුරු බෝතලයක දමා සුලං නොවදින අයුරින් තබන්න.වැඩි දින ගණනක් තබා ගන්නවා නම් ශීතකරණයේ තබන්න.
කෑමට ගන්නා විට තක්කාලි සෝස් මිශ්‍ර කරගත් විට රසවත්ය..

💐 රටකජු හෝ කජු,නූඩ්ල්ස් ද ගැඹුරු තෙලේ බැද මේබැදුමටම එක්කර ගත හැක.. 





මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Wednesday, March 20, 2019

159. අවන් එකක් නැතුව බනිස් සාදාගන්නා ආකාරය

අවන් එකක් නැතුව බනිස් හදමු *********************************

 මේක අවන් එකක් නැති අයට නම් සුබ ආරන්චියක් වේව් කියල හිතනවා. අද කියන්න යන්නෙ අවන් එකක් නැතුව කොහොමද බනිස් ගෙඩියක් හදාගෙන්නෙ කියලා. අහ් තව දෙයක් මේක හදන්න බිත්තර දාන්නෙත් නෑ. හරි ඔන්න අහෙනම් ඕන කරන දෙවල් ටික.

 අවශ්‍ය දේවල් - මුලින්ම මේ ටික ගන්න, 
පාන් පිටි කෝප්ප 2 
ඊස්ට් තේ හැදි 2 
සීනි මේස හැදි 3 
කිරි පිටි මේස හැදි 3 
බේකින් පවුඩර් මේස හැදි 1/4 
තෙල් කෝප්ප 1/4
 ඇල් මැරුනු කිරි කෝප්ප 1/4
 ලුණු ටිකක් 
තව අපිට ඕනෙ - දිය කරගත් බටර් ටිකක් (පිටි ගුලිය අනනකොට යොදා ගන්නේ නෑ. තැටියේ ඇතුලේ ගා ගන්නයි, 

අන්තිමට බනිස් උඩින් ගා ගන්නයි විතරයි යොදා ගන්නේ.)
 ලුණු කුඩු හෝ කැට (කැටනම් ගොඩක් හොදයි. මේ ලුණු ටික පිටි ගුලිය අනනකොට යොදා ගන්නේ නෑ. වලදට දාන්නයි පාවිච්චි කරන්නේ.) 

සාදාගන්නා ආකාරය - මුලින්ම වියලි ද්‍රව්‍ය සියල්ල එකතු කරන්න. සේරම හොදට කවලම් කරගන්න. ලුණු ටිකක් වෙන්න දාගන්න. ඊට පස්සෙ තෙල් ටික දාගන්න. කිරි ටිකක් වෙන්න දාගන්න. ඊට පස්සෙ අතින් හොදට අනන්න. අනන ගමන් කිරි ටික ටික දාගෙන අතේ නොඇලෙන පදමට ඩෝ එක (පිටි ගුලියක්) හදාගන්න. ඊට පස්සෙ තෙල් ටිකක් යාන්තමට ඩෝ එකේ ගාලා විනාඩි 6-8 වගේ හොදට අත් ගසාගන්න (හොදට අනාගන්න). පිටි එක හොදට අනන තරම තමයි බනිස් එක මෘදු වෙන්නෙ. හොදට අත් ගසාගත්නට පස්සෙ පැයක් විතර වහල තියන්න. පැයකට පස්සෙ ඩෝ එකෙන් 70g වගේ පොඩි කොටස් කඩාගෙන වෙන් කරගන්න. ඔන්න දැන් ගන්න රවුම් තැටියක් (අපිට රවුම් එක වලද ඇතුලට දගන්න ලේසියි ඒකයි. තව චුට්ටක් කියවන් යන්නකෝ. එතකොට තේරෙයි ඇයි මේ කියලා). ඒකෙ බටර් ටිකක් ගාගන්න. ඊට පස්සෙ අර වෙන් කරගත්තු කොටස් ටික බෝල කරගෙන බනිස් වගේ ලස්සනට හදාගෙන ඒකෙන් ටිකක් තැටියෙ ඇතුලේ පරතරේ ඇතිව තියාගන්න. පස්සෙ පැය බාගයක් වහල තියන්න. ඒත් පිපිලා මදී වගේ නම් තව විනාඩි 20 විතර වහල තියන්න (පිම්බිලා එනවා බනිස් ටික). ඊට පස්සෙ තමයි වැඩේ තියෙන්නෙ. අපිට ඕන වෙනවා ටිකක් කට ලොකු වලදක්! (රාස්පානක් ගන්න)[අපි කලින් බනිස් ටික තියාගත්ත තැටිය මේ වලද ඇතුලට බස්සන්න පුලුවන් වෙන්න ඕනෙ] වලදෙ අඩියට ලුණු කුඩු කෝප්ප 1/2 හොදට විහිදෙන විදිහට දාන්න. ඊට පස්සෙ ඒක උඩින් රැක් එකක් වගේ මොකක් හරි තියාගන්න (කරන විදිහ පහළ ෆොටෝ වල තියෙනවා). ඊට පස්සෙ වලද විනාඩි 10 මද ගින්නෙ පියනකින් වහල තියන්න. මේ වෙනකොට ඔයාලට පෙනේවි අපි කලින් පැත්තකට කරලා වහලා තිබ්බ බනිස් ටික හොදට පිපිල තියෙනවා. දැන් ඒ බනිස් උඩින් කිරි ටිකක් ගා ගන්න. ඊට පස්සෙ අර අපි ලුණු දාල වහපු වලද පරිස්සමට ඇරල අර බනිස් තැටිය රැක් උඩින් තියන්න. තියෙන ගින්දර ප්‍රමානෙම විනාඩි 5 වගේ වහා තියල ඊට පස්සෙ ගින්දර තව අඩු කරල ඒ විදිහටම තියල තියන්න තව විනාඩි 25 විතර. ඔන්න ඊට පස්සෙ ඇරල බලන්නකෝ මල් හතයි. ඊට පස්සෙ හෙමිහිට එලියට අරගෙන බනිස් ටික උඩින් බටර් ටිකක් ගාගන්න. එච්චරයි දැන් ඉතින් නිවුනට පස්සෙ කන්න තමයි තියෙන්නෙ.

මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Sunday, March 17, 2019

158. රසම රස මෆින් සාදාගන්නා ආකාරය

රසම රස මෆින් ගෙදරදීම හදමු ********************************* 

සේවරි මෆින්, එහෙමත් නැත්නම් රසම රස කප් කේක් වර්ගයක් ගෙදරදීම හදන්නෙ කොහොමද කියලා තමයි දැන් කියලා දෙන්න යන්නෙ. මීට කලිනුත් "ඉවුම් පිහුම්" ඇප් එකේ මෆින් වර්ග හදන විදිහ කියලා දීලා තියෙනවා තමයි. මේක චුට්ටක් වෙනස්. ඔයාලගෙ ගෙවල් වලත් ඉන්නවා නම් කෑමට හොර චූටි බබාලා, ඕගොල්ලන්ට පුළුවන් වෙනසකට වගේ මේ කෑම ඒ ගොල්ලොන්ට හදල දීල බලන්න. මේක බැලූ බැල්මට කප් කේක් එකක් වගේ. හැබැයි පැණි රහ නැහැ. මේක ලුණු රහයි. පොඩ්ඩොනම් ඔන්න ගොඩක් කැමති වෙයි කන්න. බලන්නකෝ එහෙනම් මේ මෆින් හදන්නේ කොහොමද කියලා..

 අවශ්‍ය දේවල් - 
පාන් පිටි කෝප්ප 2 (300 g) 
චෙඩාර් චීස් කෝප්ප 3/4 (55g) 
සිහින්ව කපාපු හැම් කෝප්ප 1/2
 ඇට ඉවත් කර ලා පොඩියට කපාගත්තු කපාගත් මාළු මිරිස් කරල් 1
 හෝ බෙල් පෙපර් සිහින්ව කපා ගත් හතු කෝප්ප 1/4 
බටර් ග්‍රෑම් 150ක්
 උණු කරලා නැවුම් කිරි කෝප්ප 1 (250 ml) 
යන්තමට බීට් කර ගත්ත බිත්තර 1 කුඩාවට කපාගත්ත පාස්ලි මේස හැඳි 1


 සාදාගන්නා ආකාරය -
 මුලින්ම ඔයාගේ අවන් අවන් එක සෙල්සියස් අංශක 180 ට රත් කරගන්න. ඔයාගේ අවන් එක ෆැන් ෆොස්ඩ් අවන් එකක් (Fan-forced Oven) නම් සෙල්සියස් අංශක 160 ට රත් කර ගන්න. ඒ වගේම කෝප්ප දොළහේ මෆින් ට්‍රේ (මේ කියන්නෙ මෆින් හදාගන්න පාවිච්චි කරන තැටිය ගැන. ඒකේ තියෙන වලවල්/කෝප්ප වලට මිශ්‍රණය දාලා තමයි අපි මෆින් හදාගන්නේ.) එකකට මෆින් ලයිනර් (මෆින් ලයිනර් කියන්නෙ මෆින් ට්‍රේ එකේ තියෙනවා කිව්ව වලවල් වලට දා ගන්න කාඩදාසි අච්චු වගේ ඒවට. අර අපි කඩෙන් ගන්න ස්පන්චි වල එහෙම තියෙන්නෙ කොලයක්. අන්න ඒක. මෆින් ලයිනර් වල ෆොටෝ එකක් පහල තියෙනවා.) 12 ක් දාලා ලෑස්ති කරගන්න. ඉන්පසු ලොකු භාජනයක් අරගෙන පිටි, චීස්, මාලු මිරිස්, හතු සහ මාළු මිරිස් ටික දා ගන්න. ඒ වගේම ජෝගුවක් ඇරගෙන බිත්තර, කිරි සහ බටර් ටික දාගෙන මිශ්‍ර කර ගන්න. දැන්, තෙත අමුද්‍රව්‍ය ටික (මිශ්‍ර කරගත්ත බිත්තර, කිරි වගේ තෙත අමුද්‍රව්‍ය ටික ටික) වියලි අමු ද්‍රව්‍ය ටිකට දාගෙන හොඳින් කලවම් වන තුරු මිශ්‍ර කරන්න. අන්තිමට කලින් සූදානම් කරගත්තු බේකින් ට්‍රේ එකට මේ මිශ්‍රනය වක්කරලා විනාඩි 15-20 ක් පමණ කාලයක් බේක් කර ගන්න. වැදගත් - චෙඩාර් චීස් ඕනම සුපිරි වෙළෙදසලක මිළදී ගන්න තියෙනවා. වෙළඳ නාමයක් කිවුවොත් KRAFT ලංකාවෙ ඕනම පලාතක හොයගන්න පුලුවන්. හැම් කියන්නෙ ඌරු මස් නිශ්පාදනයක්. ඔයා ඌරු මස් නොකන කෙනෙක්නම් කුඩා කැබලි වලට කපාගත්ත කුකුල් මස් උනත් පාවිච්චි කරන්න පුලුවන්. ආර්පිකෝ සුපිරි වෙළෙඳසල් වල මම දැකලා තියෙනව කුකුල් මස් බේකන් විකුණන්න තියෙනවා. මාලු මිරිස් වෙනුවට මම පාවිච්චිකලේ පාට දෙකක බෙල් පෙපර්. මේවත් ඕනම සුපිරි වෙළෙදසලක මිලදී ගන්න තියෙනවා. මගේ පුතා බෙල් පෙපර් කන්න හරි කැමතියි. පාට දෙකකින් ගත්තම ලස්සන පාටකුත් ඒකට එකතුවෙනවා. මම පාවිච්චි කලේ බටන් මශ්රූම් එහෙමත් නැතිනම් බොත්තම් හැඩයේ හතු. මේවා ඕනම සුපිරි වෙළෙදසලක හරිම ලේසියෙන් හොයාගන්න පුලුවන්. පාස්ලි කියන්නේ කෑම උයන්න පාවිච්චි කරන පැලෑටියක්. බොහොම ලේසියෙන් ඕනම සුපිරි වෙළෙදසලකින් හොයා ගන්න පුලුවන්.

මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Featured Post

246. හැමතැනම නැති මිල අධික ගාලික් බෙඩ් සාදාගන්නා ආකාරය

හැමතැනම  නැති මිල අධික ගාලික් බෙඩ් සාදාගන්නා ආකාරය  අවශ්‍ය  ද්‍රව්‍ය පාන් පෙති 08 බටර් (ලුණු රහිත )100g ගා ගත් සුදුලූණු මේස හැඳි 1- 1/2 ලුණු...