බෝංචි මැල්ලුම.....✨️✨️✨️✨️
(බෝංචි මිල අඩු වුනාම හදලා බලන්න )
අවශ්‍ය 👇
✨️බෝංචි
✨️කහ
✨️ලුනුකුඩු
✨️පොල්
✨️ගම්මිරිස්
✨️සුදුලූනූ
✨️රතුලූනු
✨️උම්බලකඩ
✨️කරපින්චා
✨️අමුමිරිස්
✨️තෙල්
✨️අබ
හදමු 👇
😊බෝංචි ටික සෝදා සිහින්ව කපා ගෙන බාජනයකට දමා ලුණු කුඩු ස්වල්පයක් සහ වතුර ස්වල්පයක් දමා මද ගින්නේ පිසගෙන ලිප වසාගෙන.
😊සිහින්ව ගාගත් පොල්,ලුණු ,කහ,ගම්මිරිස් ,සුදුලූනූ බික් එකක්,අමුමිරිස් කරලක් වංගෙඩියට දමා හොදින් කොටාගන්න.
😊බදුනක් ලිප තබා එයට තෙල් ස්වල්පයක් දමා රත්වෙන විට අබ ඇට ස්වල්පයක් ,ලියාගත් රතුලූනු ,කරපින්චා ,උම්බලකඩ,දමා කලවම් කර කොටා ගත් පොල් මිශ්‍රණය දමා කලවම් කර එයටම බෝංචි ටිකත් දමා කූරූ ගා ගෙන ලිප වසාගන්න.
😊දැන් රසම රස බෝංචි මැල්ලුම රස බලමූ......😋
ගංගා ...✍
#කමු රසට
(බෝංචි මිල අඩු වුනාම හදලා බලන්න )