Wednesday, September 23, 2015

40 ඌරු මස් ඉස්ටු සාදාගන්නා ආකාරය

 ඌරු මස් ඉස්ටු සාදාගන්නා ආකාරය 


අද මම පෝක් ඉස්ටු නොහොත් පෝක් බිස්ටෙක් හැදුවා

මේක ළඟදි ඉගෙන ගත්තු වට්ටෝරුවක්. රසට ආවා. හැමදාම අපි ඌරු  මස් කරිය හරි ඩෙවල් හරිනෙ කන්නෙ. වෙනසකටත් එක්ක ඌරු  මස් ඉස්ටුවක් හදලා බලමුද. වැඩි  වැඩ නෑ. හරිම ලේසියි හදන්නත්. 

අවශ්‍ය ද්‍රව්‍ය මෙහෙමයි.

කුඩා පෙත්තක හැඩයට කැපු ඌරු  මස් 250g
ලොකු ලූණු ගෙඩියක්
අමු මිරිස් කරල් 3/4
කරපිංචා රම්පෙ කෑල්ලක්
විනාකිරි මේස හැඳි 2ක්
අබරාගත්  අඹ තේ හැන්දක්
කුරුදු පොත්තක් 
එනසාල් 3ක් 4ක් කරාඹු නැටි 3ක් 4ක් 
සුදු ලූණු බික් දෙකක්
අමු ඉඟුරු පොඩි කෑල්ලක් ලුණු රස අනුවගම්මිරිස් රස අනුව

මුලින් පෝක් හිනි පෙත්තට වගේ කපා ගන්න.
පසු හොදින් සෝදා වතුර ගතිය යන්න තියා එකට ගම්මිරිස් කුඩු /රස අනුව ලුණු /කුරුදුපොතු ටිකක් /කරදමුංගු ටිකක් /විනාකිරි ටිකක් /රම්පේ කැලි 2-3 /ඉගුරු සුදුලුනු  සහා අඹ,ටිකක් දමා හොදින් මිශ්‍ර කරන්න.
පසු අවශ්‍ය ප්‍රමාණයට වතුර දමා හොදින් මස් ටික තම්බා ගන්න.
පසු මස් හොදින් තැම්බි වතුර හිදි ගියාම එකට රවුමට කපා ගත්ත ලුනු /රවුමට කපා ගත් මාලු මිරිස් හා කරපිංචා හා දිග අතට කපා ගත්ත අමුමිරිස් දමා හොදින් මිශ්‍ර කරන්න.
එකට නැවත රස බලා ලුණු /ගම්මිරිස් කුඩු හා අබ පවුඩර් ටිකක් දමා ගෙන හොදින් කලවම් කරන්න.
මස් වල තෙල් ගතිය තියෙනවා නම් එ තෙල් වලින්ම දමා ගත් ලුනු ටික හොදින් බැදෙන්නට හරින්න.
තෙල් ගතිය අඩු නම් තෙල් ඇබින්දක් දමා එ විදියට ලුනු ටික බැදෙන්නට හරින්න..

Amila & Hashi
තව කෙනෙකුට කියවන්න Share කරන්න

Featured Post

228. කැකිරි මස් වගේ රසට උයමු

කැකිරි මස් වගේ රසට උයමු  අවශ්‍ය ද්‍රව්‍ය-  කැකිරි ග්‍රෑම් 350 පොල් කිරි කෝප්ප 1/1 මිරිස් කුඩු මේස හැදි 1  බැදපු තුනපහ කුඩු මේස හැදි 1  ගම්මි...