චීස් කේක් එකක් හදමු
අවශ්‍ය දේවල්:
ක්‍රීම් චීස් 750g
බිත්තර 4
සුදු සීනී 200g
වැනිලා තේ හැදී 2
මාරී බිස්කට්
බටර් හෝ මාගරින් 100g
සාදා ගන්නා ආකාරය:
බිස්කට් කුඩු කර ගන්න, දිය කර ගත් බටර් හෝ මාගරින් සමග එය හොඳින් මිශ්‍ර කර ගන්න.
දැන් බේකින් තැටියට බිස්කට් කුඩු මිශ්‍රණය දමා තැටිය අඩියේ එක සමාන මට්ටමට සිටින සේ මිශ්‍රණය අතුරා හොඳින් තදකර ගන්න
කලින් 200°C/400°Fට රත් කරගත් අවන් එකක විනාඩි 5 -10 අතර බේක් කර ගන්න.
ඒ අතරතුර චීස් ෆිලින් හදා ගන්න
මේ සඳහා කාමර උෂ්ණත්වයට පත් වූ ක්‍රීම් චීස් උවමනායි. එයට සීනී සහ වැනිලා දමා ගෙන මෘදු වන තුරු බීට් කරන්න. එයට වරකට බිත්තරය බැගින් දමා ගෙන හොඳින් බීට් කරන්න.
චීස් ෆිලින් එක පසුව අවන් කරපු තැටියට මෙම මිශ්‍රණය දමා ගෙන 150°C/300°F උෂ්ණත්වයේ විනාඩි 55 ක් පමණ බේක් කරන්න.
බේක් කිරීමෙන් අනතුරුව අවන් එක නිවෙන්නට තබා කේක් එක අවන් එක තුළම විනාඩි දෙක තුනක් නිවෙන්න තබන්න.
උඩ සරසා ගෙන පැය 5-6ක් ශීතකරනයේ තබා පිළිගන්වන්න.
