Saturday, April 25, 2026

246. හැමතැනම නැති මිල අධික ගාලික් බෙඩ් සාදාගන්නා ආකාරය

හැමතැනම  නැති මිල අධික ගාලික් බෙඩ් සාදාගන්නා ආකාරය 


අවශ්‍ය  ද්‍රව්‍ය
පාන් පෙති 08
බටර් (ලුණු රහිත )100g
ගා ගත් සුදුලූණු මේස හැඳි 1- 1/2
ලුණු කුඩු තේ හැඳි 1/4
සිහින්ව ලියාගත් කොත්තමල්ලිි කොල මේස හැඳි 1/2

සාදාගන්න ආකාරය. 
- කාමර උෂ්ණත්වයේ ඇති ලුණු රහිත බටර්, භාජනයකට දමාගන්න
- එයට ගාගත් සුදුලූණු හෝ සුදුලූණු පවුඩර්, ලුණු දමා හොඳින් කලවං කර ගන්න
- අන්තිමට සිහින්ව කපාගත් කොත්තමල්ලි කොළ ටිකත් දමා කලවං කර ගන්න
- දැන් පාන් පෙතිවල සාදාගත් මිශ්‍රණය ගාගන්න. 
මෙය ක්‍රම දෙකකට බේක් කරගත හැක. 
පළමු ක්‍රමය -
- පාන් පෙත්තේ උඩ කොටසට පමණක් ගාලික් බටර් මිශ්‍රණය තවරා පාච්මන්ට් පේපර් එකක් දැමූ ට්‍රේ එක මත පාන් පෙති ටික තබන්න
- දැන් සෙල්සියස් අංශක 150ට විනාඩි 05 -10 බේක් කරගන්න
- අවන් එකේ බේක් කරගන්නා විට පාන්පෙතිි ඇලුමීනියම් ෆොයිල් එකකින් ඔතා බේක් කර ගන්නේ නම් වඩා හොඳයි
දෙවන ක්‍රමය -
- සාමාන්‍ය ප්‍රයිෆෑන් එකක් රත්කර, පාන්පෙත්තේ යට පැත්තේ ද බටර් ස්වල්පයක් තවරා අඩු ගින්දරේ පියන වසා පාන් පෙත්ත බේක් කරගන්න..

පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Featured Post

246. හැමතැනම නැති මිල අධික ගාලික් බෙඩ් සාදාගන්නා ආකාරය

හැමතැනම  නැති මිල අධික ගාලික් බෙඩ් සාදාගන්නා ආකාරය  අවශ්‍ය  ද්‍රව්‍ය පාන් පෙති 08 බටර් (ලුණු රහිත )100g ගා ගත් සුදුලූණු මේස හැඳි 1- 1/2 ලුණු...