Thursday, October 15, 2015

107. කහ බතක් සාදාගන්නා ආකාරය 

කහ බතක් සාදාගන්නා ආකාරය 



අවශ්‍ය දෑ
°°°°°°°°°°°°°°
 මම ගත්තේ බාස්මති හාල් කිලෝ 1, 
පොල්කිරි කෝප්ප 2,
 ලොකු ළුණු ගෙඩි 2 කපල ගන්න
..කුරුදු පොත්තක්, 
සුදු ළුණු, 
අමු ඉඟුරු 
රම්පෙ කරපිංචා 
රස අනුව ලුණු, 
කහ කුඩු පොඩ්ඩක්, 
කරාබු නැටි, එනසහල් 3,4 
(කැමතිනම් ගම්මිරිස් ඇට කිහිපයක්) 
එළගිතෙල් මට ඒවා නැහැ මම ගන්නේ බටර් හෝ මාගරින්...මේස හැදී 3 හෝ 4 වෙන්න... 

සාදාගන්නා ආකාරය 
°°°°°°°°°°°°°°°°°°°°°°

මුලින්ම රයිස් කුකර් එකේ හෝ සුදුසු බාජනයක බටර් එකතු කර එයට ළුණු, සුදු ළුණු, අමු ඉඟුරු, කුරුදු එනසහල, කරාබු නැටි, රම්පෙ කරපිංචා එකතු කරමින් බැදෙන්න හරින්න...එයටම කහ, ලුණු එකතු කරන්න...දැන් සෝදා වතුර පෙරාගත් හාල් ද එකතුකරන්න...බටර් වලින් පොඩ්ඩක් තැම්බෙන්න හැරලා කිරි එකතු කරන්න...දැන් බත තැම්බෙන්න අවශ්‍ය තරමට වතුර එකතු කරන්න...කිරි කෝප්ප 2 දාපු නිසා මදි පාඩුවට වතුර බලල එකතු කරන්න...බත හැදුනම බෙදද්දී කුරුදු පොත්ත, කරාබු නැටි, එනශල අයින් කරන්න..පිලිගන්වද්දී, බැදගත් ළුණු, කජු, වියලි මිදී වලින් සරසාගන්න... * මම සමහරදාට කරපින්චා වෙනුවට පාස්ලි කොළ යොදාගන්නවා.. * සමහර වෙලාවට බත රයිස් කුකර් එකේ කෙලින්ම තියල එයට වෙනම බැදගත් ළුණු සහ අඩු වැඩිය එකතු කරලා පොල් කිරිත් එකතු කරලා හැදී මිටෙන් කලවම් කරනවා, එතකොට අර කුරුදු පොත්ත , එනසහල් කරාබු නැටි උඩ රැදිලා තියෙනවා අයින් කරන්න ලේසියි... *මම පොල් කිරි වෙනුවට මේ වගේම බත තියල මුලින් කිරි නොදා වතුර පොඩ්ඩක් අඩුවෙන් තියලා 90% විතර බත ඉදුනම කිරි (ෆ්‍රෙෂ් මිල්ක්) එකතු කරමින් උයගන්නවා... මේ විදියට තමයි මම හදන්නේ... අපේ අම්මා, පුන්චිලා, මහත්තයාගේ අම්මා හදන්නේ මේ අඩු වැඩිය සියල්ල පොඩි රෙදි කැබැල්ලක ගැට ගහලා බතට තැම්බෙන්න දානවා, එතකොට ඒවා බතේ කලවම් වෙන්නේ නෑ...(එනසහල්, කුරුදු, කරාබු නැටි, ගම්මිරිස්) එකක් හරි හපුනොත් ඒ රසට කැමති නැති නිසා ඔයාලත් එහෙම කරන්න

Amila & Hashi
තව කෙනෙකුට කියවන්න Share කරන්න

Featured Post

228. කැකිරි මස් වගේ රසට උයමු

කැකිරි මස් වගේ රසට උයමු  අවශ්‍ය ද්‍රව්‍ය-  කැකිරි ග්‍රෑම් 350 පොල් කිරි කෝප්ප 1/1 මිරිස් කුඩු මේස හැදි 1  බැදපු තුනපහ කුඩු මේස හැදි 1  ගම්මි...