Tuesday, September 22, 2015

35. කිරි ටොපි සාදාගන්නා ආකාරය

කිරි ටොපි



අවශ්‍ය ද්‍රව්‍ය

• කිරි ටින් 1
• සිනි ග්‍රෑම් 500
• වතුර කෝප්ප 1
• අමන්ඩ් හෝ වැනිලා ස්ප්‍රිතු ස්වල්පයක්
• අවශ්‍යනම් කජු මද සවල්පයක්

සාදන ක්‍රමය

සිනි හා වතුර භාජනයකට දමා සීනි දිය වන තුරු උණු කර ගින්න මදක් අඩු කර ටින් කිරි වත්කර හැදී ගාන්න.මද ගින්නේ මිශ්‍රණය හැදී ගාමින් හොදින් උකු පදම ලැබූ පසු ලිපෙන් බා වැනිලා ස්වල්පයක් යොදන්න.තෙමා පිළියෙළ කරගත් පැතලි බන්දෙසියකට මෙම මිශ්‍රණය වත්කරන්න.මදක් වියළි ගිය පසු කපන කැබලි වල ප්‍රමාණය ලකුණු කරන්න.සම්පුර්ණයෙන් නිවුණු පසු කැබලි වලට කැපිය යුතුය.අවශ්‍ය නම් කජු මද කබලේ යාන්තමට බැද කුඩා කැබලි වලට කපා මිශ්‍රණය ලිපෙන් බෑමට පෙර කලවම් කර ගත හැකිය.



Amila & Hashi
තව කෙනෙකුට කියවන්න Share කරන්න

Featured Post

242. මාළු මිරිසට සාදාගන්නා ආකාරය

මාළු මිරිසට හදමු... 🎋අවශ්‍ය ද්‍රව්‍ය :- 🧩කෙලවල්ලා මාළු 300g(කැමති මාළු වර්ගයක් ගන්න ) 🧩මිරිස් කුඩු මේස හැදි එකහමාරක්  🧩ගම්මිරිස් කුඩු තේ...