Friday, May 10, 2024

228. කැකිරි මස් වගේ රසට උයමු

කැකිරි මස් වගේ රසට උයමු 


අවශ්‍ය ද්‍රව්‍ය- 

කැකිරි ග්‍රෑම් 350
පොල් කිරි කෝප්ප 1/1
මිරිස් කුඩු මේස හැදි 1 
බැදපු තුනපහ කුඩු මේස හැදි 1 
ගම්මිරිස් කුඩු තේ හැදි 1 
අමුතුන පහ කුඩු මේස හැදි 1 
කහ කුඩු තේ හැදි 1 /4
කරාබුනැටි කරල් 2
එනසාල් ඇට 2
උළුහාල් ඇට තේ හැදි 1/4
කුරුදු කෑල්ලක් 
සුදුලූනු බික් 5 
ගොරකා කෑල්ලක් 
බීලූනු ගෙඩි 1 
අමුමිරිස් කරල් 3 
කරපිංචා 
රම්පේ 
තෙල් මේස හැදි 2 
රස අනුව ලුණු 

සාදන ක්‍රමය:-

මුලින්ම කැකිරි ගෙඩියේ ඇස්ස කපා කිරි ඉවත් කරන්න. එතකොට තිත්ත රසය නැති වෙනවා.

දැන් කැකිරි ගෙඩිය සෝදා හතරැස් කෑලි කපා ගන්න. මේ කපා ගත් කෑලි වලට මිරිස් කුඩු, බැදපු තුනපහ, ගම්මිරිස්කුඩු, කහකුඩු, සහ ලුණු එකතු කරන්න. 

භාජනයකට තෙල් ටිකක් දමා එයට රම්පේ,   
උළුහාල්, කරාබුනැටි, එනසාල් දමා බැද ගන්න. ඉන් පසු කපා ගත් බීලූනු, අමුමිරිස්,    
කරපිංචා, සුදුලූනු දමා බැද ගන්න. අන්තිමට මිරිස් කුඩු තේ හැදි 1 හා අමුතුන පහ කුඩු තේ හැදි 1 එකතු කරන්න. 

මේ තෙම්පරාදුවට කැකිරි ටික එකතු කරන්න. හොදින් කළවම් කරන්න. කිරි ටික එකතු කරන්න. ගොරකා හා ලුණු එකතු කරන්න.  

අඩු ගින්දරේ තැම්බෙන්න හරින්න.කෑලි හොදට තම්බා ගන්න. තෙල් පාට වනවිට බා ගන්න. 

මුල් අයිතිය Garlic and Ginger
Ami & Hashi
මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Wednesday, May 8, 2024

227. ගල් මස්කට් සාදාගන්නා ආකාරය

ගල් මස්කට් සාදාගන්නා ආකාරය


පාන් පිටි 100g
දුඹුරු සීනී 200g
උකු පොල් කිරි 400ml
රටඉදි 100g
ලුණු තේ හැදි 1/2
වැනිලා තේ හැදි 1

All purpose flour 100g
Coconut milk 400ml
Brown sugar 200g
Dates 100g
Salt tsp 1/2
Vnila tsp 1

මුලින්ම රටඉදි වල ඇට ඉවත්කර ඒවා කුඩාවට කපාගෙන භාජනයකට දමා ඒවා වැහෙන ගානට වතුර එකතු කර විනාඩි 10ක් පමණ පෙඟෙන්න තබන්න. 

ඉන්පසු පෑන් එකකට සීනි මේස හැදි 1ක් එකතුකර එම සීන් ටික කළු කරගත යුතුය. 

පසුව පොල් කිරි ටිකෙන් ටික එකතු කරගත යුතුය. ඉන්පසු දුඹුරු සීනී එයට එකතු කර හොඳින් දියකර කරගන්න.
සීනී දියවූ පසු පිළිවෙලින් ලුණු හා වැනිලා එකතු කරන්න.

ඉන්පසු වතුර ඉවත් කරගත් රටඉදි එකතුකර නොනවත්වා හැඳිගාමින් එය විනාඩි 2-3 කාලයක් තැම්බෙන්න හරින්න. 

ඉන්පසු පාන්පිටි එයට එකතු කරමින් කැට නැතිවනතුරු විනාඩි 5ක් පමණ හොඳින් කලවම් කරගන්න. මේ වෙලාවේ ලිපේ ගින්දර සාමාන්‍ය ගානෙන් තිබිය යුතුය. 

ගුලියක් ආකාරයට එය සැකසුණු පසු ළිපෙන් ඉවත් කර බේකින් ට්‍රේ එකට දාන්න.

දැන් එය අපට අවශ්‍ය ගානට හොඳින් තුනී කර 190°C උෂ්ණත්වයේ විනාඩි 30-35ක් අවන් එකේ තැබිය යුතුය. 

ඉන්පසු විනාඩි 10ක පමණ කාලයක් නිවෙන්නට තබා කෑලි කපා ආහාරයට ගත හැක. ❤️

-අපේ ගෙදර- 

ජායාරූපය අන්තර්ජාලයෙන්
Ami & Hashi
මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Saturday, May 4, 2024

226 චොකලට් පුඩිමක් සාදාගන්නා ආකාරය

 චොකලට් පුඩිමක් සාදාගන්නා ආකාරය


කිරි කෝප්ප 3
ජෙලටින් තේ හැඳි 5
බිත්තර 3
චොක්ලට් පව්ඩර් මේස හැඳි 2
සීනි
වැනිලා තේ හැඳි 2

මුලින්ම බිත්තර කහමද වලට සීනි එකතු කර ටිකක් බීට් කරගන්න. ඒකට කිරි ටික දාලා ලිපේ තියන්න.
ඒක උතුරනකොට චොක්ලට් පව්ඩර් දාලා කලවම් කරන්න.
ඉන්පසු ලිපෙන් බාගන්න.
ජෙලටින් ටික ඩබල් බොයිල් කරගන්න. කැටි නොගැහෙන්න හොඳට හැඳිගාන්න. මේකට වැනිලා ටිකකුත් එකතු කරන්න.
බිත්තර සුදු මද ටික හිම වගේ ඝන වෙනකල් බීට් කරගන්න.
සියල්ලම කිරි මිශ්‍රණයට කලවම් කරන්න.
මේක ෆ්‍රිජ් එකේ දාලා උඩින් චොක්ලට් ග්‍රේට් කරලා ඩ්‍රෙස් කරගන්න.

Amila & Hashi
මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Friday, May 3, 2024

225. අල පූරි සාදාගන්නා ආකාරය




අවශ්‍ය දේවල්:........

🥔තම්බපු අල ගෙඩි 2 (150g)

🥔පාන් පිටි 150g, අටා පිටිත් ගන්න පුළුවන් 

🥔හීනියට කපා ගත්තු කරපිංචා ටිකක්

🥔කහ කුඩු තේ හැදි කාලක්

🥔මිරිස් කුඩු තේ හැදි කාලක්

🥔වතුර 50ml

🥔රස අනුව ලුනු ටිකක්

🥔ගැබුරු තෙලේ බැද ගන්න තෙල් ටිකක්

සාදාගන්නා ආකරය:

🍎මුලින්ම භාජනයක් අරගෙන එ්කට තම්බපු අල ටික දාලා අතින් හොදට පොඩි කරගන්න.

🍎ඊට පස්සෙ ඒකට පාන් පිටි, කහ කුඩු, මිරිස් කුඩු, කරපිංචා සහ ලුනු කුඩු ටිකක් දාගෙන හොදට කවලම් කරගන්න.

🍎ඊට පස්සෙ වතුර ටික ටික දාගෙන පිටි ගුලිය හදාගන්න. ඊට පස්සේ ඒකට තෙල් ටිකක් අතගාල (අතේ නොඇලෙන පදමට විතරක්) පැය භාගයක් විතර පැත්තකින් වහලා තියලා තියන්න.

🍎හරි දැන් තියෙන්නෙ පොඩි පිටි ගුලි හද හදා ලෑල්ලක් උඩ තියල තුනී කරගන්න.

🍎ඊට පස්සෙ.ගැඹුරු තෙලේ බැදගන්න. (තුනී කරගන්න කලින් තෙල් ටිකක් ලෑල්ලෙත් ගා ගන්න).

🍎ඊට පස්සෙ ඉතින් උණු උණුවෙන්ම කන්න තමයි තියෙන්නෙ. මේක කන්න ගොඩාක්ම ගැලපෙන්නෙ බ්ලෙන්ඩ් කරගත්තු පොල් සම්බෝලයක් එහෙමත් නැත්තම් තෝසෙ කන කොල පාට සම්බෝලයක් එහෙම නැත්නම් රතුපාට හදා ගත්ත චිකන් කරියක් මරු....

වෙල්ලාසේ කටගැස්ම.....

මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Tuesday, April 23, 2024

224. කෙසෙල් මුව කරවල සම්බොලයක් සාදාගන්නා ආකාරය

කෙසෙල් මුව කරවල සම්බෝලය


කෙසෙල් මුවයක්
කරවල් තරමක කැඹැල්ලක්
අමු මිරිස්
රතු ළූනු
සුදු ළූනු
ලුනු
වියලි මිරිස් කරල් කීපයක්
දෙහි
ගම්මිරිස් කුඩු

දැන් හදමු

මුලින්ම කෙසෙල් මුවය සහ කරවල කැබැල්ල ගිනඅගුරුවල හොඳින් පුලුස්සා ගන්න ඉන් පසුව ඒ දෙකම කුඩා කැබලි කපා ගන්න වියලි මිරිස් කරල් කීපය ගින්නේ මදක් පුලුස්සා කුඩා කැබලි කපා ගන්න .
දෙහි සහ ගම්මිරිස් කුඩු හැරෙන්න අනෙක් සියලුම දේ කුඩා කැබලි කපා සියල්ල වංගෙඩියට දමා හොඳින් කොටා ගන්න කෙසෙල් මුව සහ කරවලද ඇතුලුව ඉන්පසු එම මිශ්‍රනයට බාජනයකට දමා එයට ගම්මිරි කුඩු සහ දෙහි ඇබුල් එක් කර හොඳින් මිශ්‍ර කරගන්න

මේ රස ඔබට අමුතුම අත්දැකීමක් වෙයි
මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

223. කාමරංක කරිය සාදාගන්නා ආකාරය

දැන් බලමු කාමරංක කරිය


ලොකු කාමරංක ගෙඩි හතරක් පමන
සුදු ළූනු
රතුළූනු
අමු තුනපහ
අමු මිරිස්
රම්පෙ කරපිංචා
උලුහාල්
ගම්මිරිස් කුඩු
අබ
ලුනු
සීනි
කහ
උකු පොල් කිරි කෝප්ප භාගයක්

කාමර්ංක ගෙඩි හතරක් පහක් ගන්න එය පොඩි කැබලි වලට කපා ගන්න තරු හැඩය පෙනෙන සේ හරස් අතට කපා ගන්න

ඉන් පසු බාජනයක් ලිප තබා එයටා තෙල් ස්වල්පයක් දමා තෙල් රත්වන විට එයට
උලුහාල අබ රම්පෙ කරපිචා සුදු ළූනු රතු ළූනු අමු මිරිස් එක කර තෙම්පරාදු කරගන්න ඉන්පසු එයට කාමරංක කැබලි එක්කරගන්න හොඳින් මිශ්‍ර කරගත් පසු කහ කුඩු අමු තුනපහ කුඩු ලුනු කුඩු ගම්මිරිස් කුඩු එක්කරගන්න ඉන් පසු සීනි එක්කර හොඳින් මිශ්‍ර කරගන්න ටිකකින් කිරි කෝප්ප භාගය එක් කර මිශ්‍ර කර විනාඩි තුනකින් පමන පසු ලිපෙන් බා ගන්න
වෙනස්ම ‍රසක්


මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Wednesday, March 20, 2024

222. සැමන් නිවසේදීම සාදා ගන්න ආකාරය

මාළු වලින් ටින් මාළු හදන සාත්තරේ 
(ලොකු දෙයක් නෑ, උනන්දුව විතරයි ඕන)


සැමන් මාළු ගෙදරදිම හදා ගන්න පුලුවන් නම් ගොඩක් අඩු මිලට සැමන් කන්න පුළුවන්. වැඩි කතා නැතිව මාතෘකාවට බහිමු.

අවශ්‍ය ද්‍රව්‍ය :-

🐟 ලින්නා මාළු ග්‍රෑම් 650 ( බල මාළු වලිනුත් හදන්න පුලුවන්) 
🐟 ගම්මිරිස් ඇට හෝ කුඩු තේ හැදි 1 
🐟 ලුණු කුඩු තේ හැදි 2 
🐟 එළවළු තෙල් මේස හැදි 2 නැත්නම් පොල් තෙල් වුනත් කමක් නැහැ. 
🐟 කුරුදු කෑල්ලක් 

සාදන ක්‍රමය :-

1. කොරපොතු ඉවත්කර, මාළු ඔළු හා වරල් බොකු ඉවත් කර කෑලි 
දෙකට කපා ගන්න. හොදින් සෝදා ගන්න.

2.ප්‍රෙශර් කුකර් එකට දමා කෑලි වැසෙන සේ වතුර එකතු කරන්න. වතුර වැඩි කර ගන්න එපා. 

3.දැන් එයට ගම්මිරිස්, ලුණු කුඩු , කුරුඳු හා තෙල් එකතු කරන්න. 

4.ප්‍රෙශර් කුකර් එක ලිපේ තියා එක විසිල් එකක් වැදුන පසු ලිපේ ගින්දර අඩු කරලා විනාඩි 45 ත් පැයක් අතර කාලයක් ලිපේ තියන්න. 

5.දැන් ඔයාලට කඩෙන් සැමන් ගෙනාවා වගේ රසට හදා ගන්න පුලුවන්. මේ මාළු කටු අතින් පොඩි කරන්න පුලුවන්. සැමන් ටින් එකේ තියෙන මාළු වල සුවඳමයි.

6. ශීතකරනයේ තියා ගන්න පුලුවන්. අධිශීතකරනයේ දාලා මාසයක් වුනත් තියා ගන්න පුලුවන්. හරි විදියට වසා තියන්න.
මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Featured Post

228. කැකිරි මස් වගේ රසට උයමු

කැකිරි මස් වගේ රසට උයමු  අවශ්‍ය ද්‍රව්‍ය-  කැකිරි ග්‍රෑම් 350 පොල් කිරි කෝප්ප 1/1 මිරිස් කුඩු මේස හැදි 1  බැදපු තුනපහ කුඩු මේස හැදි 1  ගම්මි...