Tuesday, July 16, 2019

166. කිරිබතක් සාදාගන්නා ආකාරය Ami&Hash

කිරිබත් හදන හැටි

අවශ්‍ය ද්‍රව්‍ය :
සුදු කැකුළු සහල් ග්රෑම් 500,
වතුර කෝප්ප 4,
පොල්කිරි කෝප්ප 2,
ලුණු ස්වල්පයක්,
රම්පේ කෑල්ලක්

සාදන ක්‍රමය :සහල් හොඳින් සෝදා ගරා වතුර කෝප්ප හතර යොදා, රම්පා කෑල්ල දමා හොඳින් බත උයාගන්න. 
පසුව ළිපෙහි ගින්දර අඩුකර ලුණු ටිකක් දැමු කිරි මිශ්‍ර කර හොඳින් කිරි උරාගන්නාතුරු මිශ්‍ර කරන්න. වතුර ගතිය සිඳුණු පසු කෙසෙල් කොළයක් හෝ පැතලි පිඟන් අඩියක බටර් හෝ පොල්කිරි ස්වල්පයක් තවරා කිරිබත තැටියකට හෝ ලෑල්ලක අතුරා මට්ටම් කරගන්න. හතරැස් හෝ දියමන්ති හැඩයට කපා මේසයට යවන්න. කිරිබත බුලත් කොළයේ හැඩැති අච්චුවක බහා බුලත් කොළයක ආකාරයෙන් ද මේසයට තැබිය හැකිය.
කිරිබත රසවත් කර ගන්නට පැණි පොල් යොදාගන්න පුළුවන්. ලොකු පොල් බෑයක පොල් ගා ගන්න. ඊට සීනි කෝප්ප 1/2 හා පැණි කෝප්ප භාගයක් උණු කර එයට පොල් ටික මිශ්‍ර කරගෙන පැණි පොල් සකස් කරගන්න. ලෑල්ලක් මත කිරිබත් අතුරා ඊට උඩින් පැණි පොල් තට්ටුවක් අතුරන්න. ඒ මත කිරිබත් තට්ටුවක් අතුරා නිවුණු පසු කෑලි කපා මේසයට යවන්න.
මෙලෙස කුඩා අයිස්ක්‍රීම් කෝප්පයකට කිරිබත් තට්ටුවක් සහ පැණි පොල් තට්ටුව බැගින් යොදා කෝම්පිට්ටුවක හැඩයෙන් ද සකස් කරගත හැකිය. නැතිනම් පිරිසුදු කරගත් කොළපත් කෑල්ලක් හෝ තෙල් කරදාසියක් මැදින් කිරිබත් හා පැණි පොල් දමා දෙපැත්තෙන් කරකවා සම්ප්‍රදායික ක්‍රමයට ඉඹුල් කිරිබත් පිළියෙල කර ගැනීමට පිළිවන.

ලුණු මිරිස
කිරිබත් වඩා රසවත් වන්නේ ලුණු මිරිස නැතිනම් කට්ට සම්බෝලය සමඟිනි. පහසුවෙන් රසවත් ලුණු මිරිසක් මෙසේ සකස් කරගත හැකිය.

කෑලි මිරිස් මේස හැඳි 4ක්,
කුඩාවට කැපූ බී ලූනු ගෙඩියක්.
 සිහින්ව කපාගත් ලොකු තක්කාලි ගෙඩියක්,
සීනි තේ හැඳි එකක්.
දෙහි සහ ලුණු රස අනුව
 ගෙන හොඳින් කළවම් කරගන්න. නැකැත් වෙලාවට රසවත්ව කඩිනමින් මේසයට තැබීමට සුදුසු ලුණු මිරිසකි මේ.

කිරිබත් කෑමෙන් පසු බීමට වඩා සුදුසු වන්නේ කහට තේ කෝප්පයකි. බොහෝ දෙනකු නිවැරැදිව රසවත් තේ කෝප්පයක් හදා ගන්නා ආකාරය ද නොදනිති. කහට රසය හා පැණි රස ඒ ඒ පුද්ගලයාගේ රුචිය අනුව වෙනස් වේ. තේ පිළිගැන්වීමේදී පිරිසුදු කෝප්පවල උණුසුම්ව තේ පිළිගැන්වීම ද වැදගත්ය



මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Featured Post

239. මස්කට් සාදාගන්නා ආකාරය

මස්කට් සාදාගන්නා ආකාරය  අවශ්‍ය ද්‍රව්‍ය *໑໑ 88 (corn flour) *ඉරිගු පිටි දිය කිරීමට වතුර 130ml *සීනී 300g *සීනී දිය කිරිමට වතුර 250ml *දෙහි ම...