Wednesday, September 9, 2015

3. චිලි පේස්ට් හදමු



චිලි පේස්ට් හදමු


අවශ්‍ය දුව්‍ය

වියලි කූනිස්සන් තේ හැන්දක්

කැලි මිරිස් තේ හැඳි 1 1/2

සොයා සෝස් තේ හැන්දක්

සියඹලා තේ හැඳි 2
තෙල් 100 ml
සුදුලූනු බික් 05ක් පමන ඉතා සිහින් වෙන්න කපා ගන්න


ලොකු ලූනු පොඩි ගෙඩි 01 ඉතා සිහින් වෙන්න කපා ගන්න 


දුඹුරු සීනි තේ හැන්දක්


රස අනුව ලුනු



මුලින්ම භාජනේට තෙල් ටිකක් දාලා මද ගින්නේ රත් වෙන්න දෙන්න.තෙල් රත් වේගෙන එනකොට ශු ලූනු ටික දාලා රන් පාට එනකං බදින්න.ලූනුත් දාලා ඒ ගමන් ඒකත් රන් පාට එනකන් බදින්න.ඊලඟට කූනුසෝ ටිකත් යම් තාක් ද්‍රකට බැදෙන්න අරින්න.

මිරිස් කෑලි ත් දාලා තරමක් බැදෙන්නේ අරින්න. රන් පාට වෙන්න ඕනි නෑ.

ඊලඟට සෝයා සෝස් දුඹුරු සීනි එක්ක සියඹලා දාලා ඔක්කොම විනාඩියක් කලවම් කරන්න.

දැන් ඔය පේස්ට් එක අරන් ග්‍රයින්ඩරයකට දාලා ඔක්කොම ආයෙත් අඹරා ගන්න.වැඩි වෙලවක් ඕනි නෑ. ටිකක් ඇඹරුනාම ඇති

හොඳින් වියලපු ජැම් බොතලේකට දාලා තියාගත්තොත් බඩජාරියෙක් වගේ මාසයක් කන්න පුලුවන්..

Amila & Hashi
තවත් අයට බලන්න share කරන්න

Featured Post

228. කැකිරි මස් වගේ රසට උයමු

කැකිරි මස් වගේ රසට උයමු  අවශ්‍ය ද්‍රව්‍ය-  කැකිරි ග්‍රෑම් 350 පොල් කිරි කෝප්ප 1/1 මිරිස් කුඩු මේස හැදි 1  බැදපු තුනපහ කුඩු මේස හැදි 1  ගම්මි...