Tuesday, September 22, 2015

36. චිකන් බුරියානි සාදාගන්නා ආකාරය

 චිකන් බුරියානි සාදාගන්නා ආකාරය

චිකන් බුරියානි සදහා අවශ්‍ය දැ
......................................
බාස්මති/කිරි සම්බා හො පොනි සම්බා 500g
කුකුල් මස් 300g
මුදවාපු කිරි කොප්ප 2ක්
මිරිස් කුඩු තේ.හැන්දක්
තුනපහ කුඩු  තේ හැදි 2ක්
කහ කුඩු තේ හැන්දක්
අවශ්‍ය තරම් ලුනු.
තෙල් මෙස හැදි තුඅක්
 සිහින්ව කපාගත්  බී.ලූනු ගෙඩියක්
සුදු ලුනු බික් 2/3ක්
, රම්පෙ, කරපින්චා, කරදමුන්ගු, කරාබු නැටි, කුරුදු කෑල්ලක් 
පොඩියට කපාගත් අල ගෙඩි 2/3ක්
තරමක තක්කාලි ගෙඩියක්

සාදාගන්නා ආකාරය 
.............................

චිකන් ටික හොදට සෝදලා...එකට මිරිස් කුඩු, තුනපහ කුඩු, කහ කුඩු, ලුනු , 
මුදවපු කිරි දාලා වහලා තියන්න....
දැන් හාල් හොදට සෝදලා, ලුනු චුට්ටක් දාලා බාගෙට තැම්බෙන ගානට වතුර දාලා උයා ගන්න...

දැන් බිරියානි හදන භාජනය ලිපෙ තියලා, එකට තෙල් ටිකක් දාලා බී ලූනු, සුදු ලුනු,රම්පෙ, කරපින්චා, කරදමුන්ගු, කරාබු නැටි, කුරුදු කෑල්ලක් දාලා බැදෙන්න හරින්න ...එකටම කලින් සීසන් වෙන්න තියපු චිකන් ටික දාන්න, පොඩිවට කපා ගත් අල ටිකක්, තක්කාලි ටිකක් දාන්න, තව මිරිස් කුඩු, තුන පහ කුඩු දමා ගන්න..වතුර කොප්පයක් පමන එකතු කරන්න..චිකන් ටික, අල ටික හොදට තැම්බුනාට පස්සෙ ඒකට බාගෙට උයා ගත්ත බත් ටික එකතු කරන්න...හොදින් කූරු ගාලා පියනකින් වහලා..මද ගින්දරේ තැම්බෙන්න හරින්න....එකටම රෝස් එසෙන්ස් ටිකක් එකතු කරන්න....මම ඉට පස්සෙ කරන්නෙ බත් එක හොදට හරි ගියාට පස්සෙ හෙමිහිට ඒකෙ තියෙන චිකන් කෑලි ටික වෙන් කරලා අරගෙන ගැඹුරු තෙලේ බැද ගන්නව...එක වෙනම දීසියකට දාලා පිලිගන්වන්නවා. නැත්තම් බත් එක උඩින් ලස්සනට අසුරවා පිලිගන්වන්න


Amila & Hashi
තව කෙනෙකුට කියවන්න Share කරන්න

Featured Post

243.පපඩම් සාදාගන්නා ආකාරය

පපඩම් (Papadam).   (සාමාන්‍ය ප්‍රමානයේ පපඩම් 50 ක් සඳහා ) 350g පමණ ) අවශ්‍ය ද්‍රව්‍ය : උඳු පිටි 200g පාන් පිටි 100g ලුණු 20g පොල් ත...