Showing posts with label Srilankanfood fishcary. Show all posts
Showing posts with label Srilankanfood fishcary. Show all posts

Wednesday, March 20, 2024

222. සැමන් නිවසේදීම සාදා ගන්න ආකාරය

මාළු වලින් ටින් මාළු හදන සාත්තරේ 
(ලොකු දෙයක් නෑ, උනන්දුව විතරයි ඕන)


සැමන් මාළු ගෙදරදිම හදා ගන්න පුලුවන් නම් ගොඩක් අඩු මිලට සැමන් කන්න පුළුවන්. වැඩි කතා නැතිව මාතෘකාවට බහිමු.

අවශ්‍ය ද්‍රව්‍ය :-

🐟 ලින්නා මාළු ග්‍රෑම් 650 ( බල මාළු වලිනුත් හදන්න පුලුවන්) 
🐟 ගම්මිරිස් ඇට හෝ කුඩු තේ හැදි 1 
🐟 ලුණු කුඩු තේ හැදි 2 
🐟 එළවළු තෙල් මේස හැදි 2 නැත්නම් පොල් තෙල් වුනත් කමක් නැහැ. 
🐟 කුරුදු කෑල්ලක් 

සාදන ක්‍රමය :-

1. කොරපොතු ඉවත්කර, මාළු ඔළු හා වරල් බොකු ඉවත් කර කෑලි 
දෙකට කපා ගන්න. හොදින් සෝදා ගන්න.

2.ප්‍රෙශර් කුකර් එකට දමා කෑලි වැසෙන සේ වතුර එකතු කරන්න. වතුර වැඩි කර ගන්න එපා. 

3.දැන් එයට ගම්මිරිස්, ලුණු කුඩු , කුරුඳු හා තෙල් එකතු කරන්න. 

4.ප්‍රෙශර් කුකර් එක ලිපේ තියා එක විසිල් එකක් වැදුන පසු ලිපේ ගින්දර අඩු කරලා විනාඩි 45 ත් පැයක් අතර කාලයක් ලිපේ තියන්න. 

5.දැන් ඔයාලට කඩෙන් සැමන් ගෙනාවා වගේ රසට හදා ගන්න පුලුවන්. මේ මාළු කටු අතින් පොඩි කරන්න පුලුවන්. සැමන් ටින් එකේ තියෙන මාළු වල සුවඳමයි.

6. ශීතකරනයේ තියා ගන්න පුලුවන්. අධිශීතකරනයේ දාලා මාසයක් වුනත් තියා ගන්න පුලුවන්. හරි විදියට වසා තියන්න.
මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Tuesday, December 5, 2023

216. රෝස්ට් චිකන් කරියක් සාදාගන්නා ආකාරය

🥘 රෝස්ට් චිකන් කරිය🥘


කරියට වගේම බයිට් එකටත් මරු...

අවශ්‍ය ද්‍රව්‍ය:

🍗 පොඩි කැබලි කපාගත් කුකුල් මස් 500g
🍗 බැදපු තුනපහ තේ හැන්දක්
🍗 මිරිස් කුඩු තේ හැඳි භාගයක් 
🍗 ගම්මිරිස් කුඩු තේ හැඳි භාගයක් 
🍗 සිහින්ව කපාගත් වියළි මිරිස් කරල් 5-6ක්
🍗 තලාගත් සුදු ළූණු බික් 3-4ක්
🍗 තලාගත් ඉඟුරු අඟලක කැබැල්ලක්
🍗 කුඩාවට කපාගත් බී ළූණු ගෙඩියක්
🍗 කරපිංචා ඉති 4-5ක්
🍗 සිහින්ව ලියාගත් සේර බඩයක්
🍗 ලා දුඹුරු පාට වනතුරු බැද  ගෙන කුඩුකර ගත් පොල් මේස හැඳි 2ක්
🍗 සීනි තේ හැන්දක්
🍗 ලුණු අවශ්‍ය පමණට
🍗 දෙහි බෑයක යුෂ
🍗 පොල් තෙල් කෝප්ප කාලක්

සාදන ක්‍රමය:

මුලින්ම  මස් ටිකට දෙහි බෑයක යුෂ, කහ ටිකක්, ලුණු කුඩු ටිකක් දමා අතගා පැය භාගයක් පමණ පසෙකින් තියාගන්න.

දැන් මැටි හට්ටියක් ලිපේ තබා එයට පොල් තෙල් දමා විනාඩියක් රත් කරන්න. තෙල් රත්වූ පසු එයට තුනපහ කුඩු, මිරිස් කුඩු සහ සිහින් ව කපා ගත් වියළි මිරිස් දමා විනාඩියක් පමණ බැද ගන්න.

දැන් එයට ලූණු එක්කර හොඳින් තෙම්පරාදු කරන්න.

මේ තෙම්පරාදුවට කරපිංචා, සේර, සුදුලූනු හා ඉඟුරු දමන්න. ලිපේ දැල්ල අඩු කර විනාඩි 2-3ක් මිශ්‍රණය තෙම්පරාදු කරන්න

මීළඟට සීසන් කරගත් කුකුල් මස් ටික දමා ලිපේ දැල්ල අඩු කර විනාඩි 5ක් පමණ බැදෙන්නට හරින්න.

මස් ටික යන්තමට බැදීගෙන එද්දී එයට අඹරාගත් පොල්, ගම්මිරිස්, ලුණු සහ සීනි එකතු කර හොඳින් හැඳි ගාන්න. දැන් ලිපේ දැල්ල අඩු කර පියන වසා විනාඩි 20-30ක් පිස ගන්න. විටින් විට හැඳි ගාමින් පියන ඇර බලන්න.

තෙල් වෙන්වී වතුර ගතිය සිඳී ගිය පසු ලිපෙන් බාගෙන දෙහි යුෂ එකතු කරන්න. 

උපුටාගැනීමකි මුල්අයිතිකරුට ස්තූතියි

මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Thursday, March 23, 2023

210 දකුණේ දෙල් බත සාදාගන්නා ආකාරය

දකුණේ විතරක් හදන "දකුණේ දෙල් බත
දෙල්බත සැකසීම


දෙල්බත සඳහා අවශ්‍ය ද්‍රව්‍ය
සම්බා හාල් ග්‍රෑම් 250ක්
තරමක දෙල් ගෙඩියක්
රතු ලූණු ගෙඩි 5ක්
අමු මිරිස් කරල් 2ක්
රම්පේ කොළ කැබැල්ලක්
කරපිංචා කොළ කිහිපයක්
කුරුඳු කැබැල්ලක්
ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2ක්
තුනපහ තේ හැඳි 1/2ක්
මිරිස් කුඩු තේ හැන්දක්
කහ තේ හැඳි 1/2ක්
මිටි කිරි කෝප්පයක්
දෙහි යුෂ
ලුණු
සකසා ගන්නා ආකාරය
දෙල් ගෙඩිය පොතු හැර හතරට පළා මැද ඇති නාරටිය වැනි කොටසත් ඉවත් කරගන්න. ඉන්පසු සෝදා කුඩා හතරැස් කැබලිවලට කපා ගන්න. කපාගත් කැබලි නැවත සෝදා ගෙන කහ කුඩු සහ දෙහි යුෂ එක්කර හොඳින් අතගාගෙන පසෙකින් තබන්න.
රතු ලූනු සහ අමු මිරිස් කපා පසෙකින් තබා ගන්න.
සම්බා සහල් සෝදා මැටි මුට්ටියකට දමන්න. එයටම සූදානම් කරගත් දෙල් කැබලිද එක්කරගන්න. බත් සහ දෙල් ඉදීමට අවශ්‍ය පමණ වතුර එක්කර ලිපේ තබා ගන්න. බත් සහ දෙල් තැම්බෙන විට එයට කරපිංචා, රම්පේ, කුරුඳු කැබැල්ල සහ කහ එක්කර පොල්කටු හැන්දකින් කලවම්කර වසා වතුර හිඳෙනතුරු පිස ගන්න.

වතුර හිඳුණු පසු එයට පොල් කිරි, ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු, තුනපහ කුඩු, ලුණු, කපාගත් ලූනු සහ අමු මිරිස් ද එක්කරන්න.(සැර අවශ්‍ය ආකාරයට ගම්මිරිස් එක්කර ගත හැක ) දෙල් කැබලි කැඩී නොයන සේ ප්‍රවේශමෙන් හැඳිගාමින් කලවම් කරන්න. පොල්කිරි ටික හිඳෙනතුරු ඉදවා ගෙන ලිපෙන් බාගන්න.

උණු උණු දෙල් බත් මාළු ඇඹුල් තියල් කරියක් සමග රස බැලිය හැක.
වෑංජනයක් නොමැතිව වුවද දෙල් බත් පමණක්ම කෑමට ගැනීමටත් හැකිය
ශ්‍රී ලංකාවේ සාමාන්‍යයෙන් දෙල් ආහාරයට ගනු ලබන්නේ වෑංජන ලෙස හෝ තම්බා ගෙනය. සාමාන්‍යයෙන් දෙල් මාළුව සැකසීමේදී බතක් වෙනම පිස ගැනීම සිදුවන අතර එයට වැඩි කාලයක්, අමුද්‍රව්‍ය ප්‍රමාණයක් මෙන්ම ඉන්ධන ප්‍රමාණයක් ද වැය වේ. නමුත් දකුණේ ජනතාව මේ කරුණු සියල්ලම සැලකිල්ලට ගෙන නිර්මාණය කරන ලද ආහාරයක් ලෙස දෙල් බත හඳුන්වාදිය හැක. දෙල් බත ඉතා සුවඳකින් යුක්ත වන අතර, රස පිළිබඳව අමුතුවෙන් කිව යුතු නොවේ. ‘බඩ පැලෙන්නට’ කන්න පුළුවන් කෑමක් ලෙසත් දෙල් බත දකුණේ ජනප්‍රියය.

උපුටා ගැනීම අන්තර්ජාලය ...
මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Monday, February 6, 2023

208. කරවල කරත්ත කරිය හදමු

කරත්ත හොද්ද හදමු 


මේ රෙසපි එක කරත්ත වල යන අය බත් කන්න හදන එකම වෑංජනය. හරිම රසයි. 

අවශ්‍ය ද්‍රව්‍ය- 

අර්තාපල් ග්‍රෑම් 100
කරවල ග්‍රෑම් 50
බී ලූනු ග්‍රෑම් 50
රතු ලූනු (කුඩාවට කපාගත්) ග්‍රෑම් 50
මෑ කරල් ග්‍රෑම් 75
තක්කාලි ග්‍රෑම් 75
වට්ටක්කා ග්‍රෑම් 75
නිවිති කොළ ග්‍රෑම් 75
කරි කුඩු මේස හැඳි 1 1/2
කහ කුඩු තේ හැඳි 1/2
මිරිස් කුඩු තේ හැඳි 1/2
මිටිකිරි අඬු කෝප්ප 1 1/2
දියකිරි අඬු කෝප්ප 3
සුදු ලූනු බික් 6
ලුණු
කරපිංචා
අමු මිරිස්
කුරුඳු පොතු ස්වල්පයක්

කරවල කරත්ත කරිය හදමු

01. බී ලූනු සුද්ද කර හතරට පළාගන්න. අල සුද්ද කර අඟල් 1 1/2 කෑලි කපාගන්න. මෑ කරල් සහ කරවල අඟලේ කෑලි කපාගන්න. තක්කාලි හතරට පළාගන්න. වට්ටක්කා කෑලි කපන්න.

02. භාජනයක් ගෙන එයට තක්කාලි, මෑ කරල්, බී ලූනු, මිටිකිරි, නිවිති හැර අනෙකුත් සියලූ දේවල් එකට දමා භාගයට වඩා තැම්බෙන්න හරින්න.

03. දැන් මිටිකිරි එක් කොට ඊට ම මෑ කරල්, බී ලූනු, තක්කාලි දමා තම්බන්න.

04. බිමට බා ගත් පසු නිවිති කොළ එක් කරන්න.

උපුටා ගැනීම Hadakari 

ඉදිරිපත් කිරීම Garlic and Ginger
මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Sunday, May 30, 2021

197. අයිස් පොල් ටොපි සාදාගන්නා ආකාරය

අයිස් පොල් ටොෆී  සාදාගන්නා ආකාරය


 
අවශ්‍ය දාවය :
🍬දිසිදි පොල් 400g
🍬අයිසින් ෂුගර් 500g
🍬ටිංකිරි 390g
🍬කැමති වර්ණයක්

සාදන ක්‍රමය :
ටිංකිරි වලට පොල් , අයිසින් ෂුගර් දමා මිශ්‍ර කරමින් හොදින් අනා ගන්න . (රොටි වලට පිටි අනන ලෙස )
දැන් මේ ගුලිය කොටස් දෙකකට බෙදා වෙන් කර ගන්න .
මම එක කොටසකට පමණක් රතු වර්ණය දමා මිශ්‍ර කර ගත්තා ..ඔබට කැමති වර්ණ එකතු කර ගත හැකිය .
දැන් කේක් තැටියක් ගෙන එයට බටර් ටිකක් තවරලා ගත්තා. පලමුව සුදු වර්ණයෙන් ඇති ගුලිය ගෙන රෝලපින් එක බාවිතා කරමින් සම මට්ටමින් තුනී කර ගත්තා ..ඊට උඩින් රොස වර්ණයෙන් ඇති ගුලිය රෝලපින් එක ආධාරයෙන් තුනීයට දමා ගත්තා .. දැන් පැයක් ශීතකරනයෙ තබා ගත යුතුයි .. ඊට කලින් ඔබට අවශ්‍ය ප්‍රමාණයට ඉරි ඇද ගන්න . කපා ගන්න ලෙහෙසි වෙන්න .

** දරුවන්ගෙ උපන්දින උත්සව වලට කදිමයි .
ෆෙස්බුක් එකෙන් උපටාගැනිමක්
මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Friday, August 28, 2020

189. දේශීය ආහාර සංස්කෘතිය මියදෙන්නට පෙර


ශ්‍රී ලාංකිකයින්  වශයෙන් අපි දැන් සියල්ලන්ට ම වඩා මායාවන්ට නැඹුරු වූ ජනතාවක් යැයි සිතේ. බොහෝ අයගේ හද  මෙන්ම මනස ද විකලාංග වී ඇති සැටියකි.



මේ හේතුවෙන් ලාංකීය සමාජයේ භෞතික අභෞතික සියලු ම සාධක වලින් සමන්විත ආවේනික සංස්කෘතික සාධක මියැදෙමින් තිබේ. සංස්කෘතික කම්පනය හෙවත් තම සංස්කෘතියෙහි පවතින උසස් සාධක වෙනත් සංස්කෘතීන්ගේ ආක්‍රමණයන් නිසා බිඳවැටීම ගැන බහුතර පිරිස් ගණනකට ගන්නේ නැත. දේශීය ආහාර සංස්කෘතියට ද අත්වී ඇත්තේ එම ඉරණමයි.


බහුතරයකට නොතේරෙන ගොලීයකරණය, ඒ ඔස්සේ ගොඩනැගුණු ව්‍යාපාරික ආධිපත්‍ය, නව වෙළඳපොළ ව්‍යාප්තිය, මේ සියල්ලට ඉනිමං තනන ජනමාධ්‍ය හා නවමාධ්‍ය ක්‍රියාවලිය ආදී බොහෝ සාධක ලාංකේය ජනතාවගේ ආකල්ප වෙනස් කර හමාරය. තම රටේ සිට බටහිර සාධක අනුගමනය කරන්නේ එම හේතුවෙනි. මුළු ලෝකය තුළ ම එකම ආකාරයේ සංස්කෘතියක් ගොඩනැගීම ගෝලීයකරණයේ පරමාර්ථයයි. එලෙස දැනට ගොඩනැගෙමින් පවතින ඒකීය සංස්කෘතිය බටහිරවාදී සංස්කෘතියක් බව කවුරුත් සිතන්නේ නැත. එසේනම් මෙය බටහිර රටවල උපක්‍රමයකි. ඔවුන්ගේ භාණ්ඩ හා සේවා දේශ සීමා ඉක්මවා නිදහසේ ගලා යන්නට  සලස්වා, ඉන් අනතුරුව ඒවාට මාධ්‍ය හරහා ප්‍රචාරය ලබා ගනී. ඒවායෙහි පවතින පහසුව, සුඛනම්‍ය බව කරණකොට ජනතාව විසින් මහත් අභිරුචියන් එම භාණ්ඩ හා සේවා පරිහරණය කරයි. එයින් සිදුවන්නේ බටහිර රටවල බහුජාතික සමාගම් පෝෂණය වීම බව නොකිය මනාය‍. අතීතයේදී පිටරටට ණය නොවූ අප, අද ණය බරින් මිරිකී සිටී. උපක්‍රමශීලීව අප රටෙහි ව්‍යාප්ත වූ විදේශීය සාධක වැලඳ ගැනීමත් ඒවා පරිහරණයට සියළු සේසත විය පැහැදම් කිරීමත් මීට ප්‍රධානතම හේතුව වී තිබේ. දේශීය දේ පාගා නොදන්නා දේ පිටුපස හඹා යාමට තරම් අප රට ජනයා මහා මායාවකට නැඹුරු වී ඇතැයි සඳහන් කරන්නේ එහෙයිනි. විශේෂයෙන්ම ලාංකේය සංස්කෘතිය බිඳීම වැඩිහිටි හා බාල පරපුර අතර අරගලයක් බවට පත්ව තිබේ. බාල පරපුර විසින් ගෙනයන විරෝධී සංස්කෘතික රටාවන් නිසා වැඩිහිටි පරපුර දේශීය සංස්කෘතිය වියැකී යාම නිසා කම්පනයට පත්ව සිටී. එහෙත් දැන් දැන් වැඩිහිටි පරපුරද නව සංස්කෘතික ප්‍රවාහයට සිය සිත යොමුකර ඇති බව පෙනේ. එය ගෝලීයකරණ පරමාර්ථ කඩිනමින් මුදුන් පමුනුවා ගැනීමට පහසුකම් සැපයීමක් වැනිය.
foods2

දේශීය ආහාර සංස්කෘතියට අත්ව ඇති ඉරණම, දේශීය සංස්කෘතිය විතැන් වීම පිළිබඳ ප්‍රබල සාක්ෂීයකි. එදා ගම, ගම ගෙදර අද අරුමයක් වී තිබේ. දේශීය ආහාර යන සාධකය අභිමුව දේශීය සංස්කෘතිය මතුවූවා පමණක් නොවේ. සෞඛ්‍ය සම්පන්න දිවි පෙවෙත හා බැඳෙන ප්‍රධාන සාධකයක් ලෙස ද දේශීය ආහාර සංස්කෘතිය පෙරමුණ් සිටී. බුදු වදනට අනුව නීරෝගීකම පරම ලාභයයි, එසේ නීරෝගී වීමට නම් “ සිය රට දේ - සිරි සැප දේ” යන තේමාවෙන් කටයුතු කළ යුතුය. දේශීය ආහාර යනු සම්මතයෙන්ම ඖෂධ ය. පැහැදිලි බසින් කියන්නේ නම් මෙරට ආවේණික ආහාර පරිභෝජනය ඖෂධ පරිභෝජනය  කිරීමක් වැන්න. එවිට පරම ලාභය වන නීරෝගී කම සුරක්ෂා වන්නේ ය.


නවීකරණය වීම අත්‍යවශ්‍ය ය. එහෙත් එය පවතින සමාජයට ආවේණික ක්‍රම පද්ධතියක් ඔස්සේ සිදුකල යුතු වේ. නැතිනම් ආගන්තුක නොවන, සරල, දිවියට සමීප, මුදල් වියදම් නොවන අතිශය හිතකාමී සංස්කෘතික සාධක පවා යටපත් වීම වැලැක්විය නොහැකියි. සියලු ම බටහිර සාධක වැළඳ ගැනීම වැළැක්විය නොහැකියි. 


සියලු ම බටහිර සාධක වැළඳ ගැනීම යනු නවීකරණය නොවේ. රට ක අනන්‍යතාවය රකින සංස්කෘතික බැම්මට හානි නොවන පරිදි ඒ හැම දේම ගලපා ගැනීමයි, නිසි නවීකරණය ලෙස සලකන්නේ.
DISH Ingredient Secrets Jackfruit photo

දේශීය ආහාර සංස්කෘතිය තුළ නිවසට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය වලින් බහුතර ප්‍රමාණයක් ගෙවත්තෙන්, හේනෙන් සපයා ගන්නා ලදි. සැබැවින්ම එය ස්වයංපෝෂීත බව කියා පෑමකි. කෙටියෙන්ම කියතහොත් ලාංකිකයන් වවාගෙන කන්නට පුරුදු වී සිටි පිරිසකි. ගම ආසන්නයේ හේනෙහි කුරක්කන්, කවුපි, මුං වැනි ධාන්‍ය වර්ග, පළා වර්ග, වට්ටක්කා, පුහුල්, ලබු, මඤ්‍‍‍‍‍ෙඤාක්කා බතල ආදිය වැවීය. නිවස අසළ හිඟුරාල, රටල, බතල, කිරිඅල, කුකුළල ආදී අල වර්ග වවාගෙන සිටියහ. තවත් පසෙක කෙසෙල් පඳුරු කිහිපයක්, කහ, ඉඟුරු හා තවත් බෙහෙත් පැළෑටි වර්ග ද වවාගෙන තිබුණි. කුඹුරෙන් වී ටික ලැබුණු අතර කුඹුර අසල දෙනිකඩෙහි නිවෙසට අවශ්‍ය එළවළු වැවීය. පොල්පලා, ඉරමුසු, එලබටු, ඉරිවේරිය, කෝමාරිකා‍ හාතාවාරිය, වැල්පෙනෙළ ආදී දෑ හේනේ පිටියෙන්, නිවෙස අසළ ගෙවත්තෙන් සපයා ගැනීමට හැකිවිය. මේවා ප්‍රයෝජනයට ලබා ගන්නේ විටෙක ආහාර ලෙසයි, විටෙක බෙහෙත් ඖෂධ ලෙසයි. ශ්‍රී ලාංකේය සංස්කෘතියේ බොහෝ ආහාර ඖෂධ යැයි මීට පෙර සඳහන් කළේ එහෙයිනි. 


ආහාර සුරක්ෂීතතාවය පිළිබඳ ව අවධානය යොමු කිරීමේදී ඒ සඳහා අද මෙන් නවීන ක්‍රම නොතිබූ නමුත් කිසිදු අතුරු ආබාධ ඇති නොවන, විවිධ රසායනික භාවිතයන් නොමැති සෞඛ්‍ය සම්පන්න ආහාර සුරක්ෂීතතාවක් සිදුකර තිබේ. කෘමි නාශක, වල් නාශක ඉස වැවූ ආහාර නොතිබූ අතරම එම ආහාර සුරක්ෂීත කිරීමට ද එබඳු ක්‍රම අනුගමනය නොකලේය. බිස්ස, අටුව, දුම ආදී නිර්මාණයන් ආහාර සුරක්ෂීත කිරීමට යොදාගන්නා ලදි. ගෙදර වී බිස්ස නිතරම වී වලින් පිරී තිබුණී. දුම හා අටුව කජු, දෙල්, , අටු කොස් හා, කොට්ට පොල් ආදියෙන් සමන්විත විය. කුස්සිය මුල්ලේ කොස් ඇට මුල්ලකි. අවුවේ වියළා එළවළු කල් තබා ගන්නේ ය. වැව් මාළු, මස් ලිපට උඩින් ඇති දුමේ දමා වේලාගෙන කල්තබා ගැනීමේ සම්ප්‍රදායක් පැවතිනි.


කුරක්කන් රොටියක්, කුරක්කන් පිට්ටුවක්, කුරක්කන් තලපයක් නොමැති ගෙදරක් නොවී ය. සෑම දිනකම ගත්තේ සමබර ආහාර වේළකි. දිනෙන් දිනට වෙනස් මැල්ලුමක් බතට එකතු විය. කුමන හෝ වර්ගයක කැඳක් සෑදිණි. නීරමුල්ලිය, පොල්පළා, රණවරා ඉරමුසු ආදිය තේ වෙනුවට යොදා ගත්හ.foods4


මෙකී ක්‍රමවේද තුල සමබර ආහාර වේළක් භුක්ති විඳීමත්, දිනෙන් දින වෙනත් ආහාර ලබා ගැනීමත්, වෙහෙස වී වැඩකරන නිසා සහ ගන්නා ආහාර ශරීරයට අහිතකර නොවන නිසාත්, පෙර ශ්‍රී ලංකාවේ නිරෝගී ජන පරපුරක් වාසය කළේය‍. මුදල් සෙවීමට කිසිදු තරගයක් නොතිබූ නිසාත් ගැටුම් ද ඇති නොවීය. තම අවශ්‍යතා සපුරාගෙන සමඟියෙන් සමාදානයෙන් දිවි ගතකර තිබේ.



අද දවසේ පරි‍භෝජනයට නොව වෙළදාම සඳහා සියල්ල සිදුකරන අතරවාරයේ ආහාර නිෂ්පාදනය සිදුකරන්නේද විකිණීමටය. වවාගෙන කෑම නොව වවා විකිණීම සිදුකරයි. එවිට සෞඛ්‍ය සම්පන්න බව ගැන සිතන්නේ නැත‍. රසායනික පොහොර, කෘමිනාශක ආදිය ඉතා තදින් භාවිත කර මහා පරිමාණයේ විවිධ වගාවන් සිදුකරන අතර ඒවා පරිභෝජනය කරන්නන් ඉතා කෙටි කාලයකින් රෝගීන් බවට පත්වේ. එමෙන්ම ඒ සියල්ල කඩපලට විකුණා, කඩෙන් ගෙදරට  අවශ්‍ය සියළු දේ මුදල් දී රැගෙන එයි. ඒ ගෙන එන ආහාරවලින් වැඩි කොටසක් විවිධ රසකාරක, රසායනික සංයෝග සහිත කෘත්‍රීම උපක්‍රමයන් භාවිත කර සකසන ලද ආහාර වර්ගය. තම කුඹුරෙන් ලබාගත් වී වලින් සකසා ගත් සහලේ බත සහ ගලේ ඇඹරූ පොල් සම්බෝලයක බලයෙන් සුළු ප්‍රමාණයක් හෝ අප කඩපලෙන් අද මිලදී ගන්නා ආහාරවල අන්තර්ගත නොවේ. ඉවූ බතට “ Rice” යැයි ඉංග්‍රීසි පදය කීමටත්, ඒවා රසකර කෑමටත් පුරුදු වී සිටින සැටි කාටත් ආගන්තුකක නැත. නමුත් එයින් එනතුරු විපාක කිසිවිටෙක වර්තමාන පරපුර ගනණකට ගන්නේ නැත. පැය ගණනක් මඳ ගින්නේ පදම්කර බතට එක්කරගන්නා පොළොස් ඇඹුල ඉවතට යන්නේ, සම්ප්‍රදාය, අපේකම, පාරම්පරික දේශීය ඥාණය ආදිය කොන්දේසි විරහිතව ප්‍රහීන කර ඇති නිසයි. foods3


“ චූන් පාන් “ ළඟටම එද්දී කොතරම් පහසුවක් ද..? ආහාර සකසා ළඟටම ගෙන දෙන මුත් සැබැවින්ම ආහාර ඇතුළත සිටින්නේ මිනිසුන් රෝගී කරන මාරාන්තික රකුසෙකි. බටහිරින් පැමිණි තිරිඟු පිටි මහත් අභිරුචියෙන් දෛනිකව භාවිත කරන ලාංකේය ජනතාව කුරක්කන් සොයන්නේ වැඩ  වැරදුනු පසුවය. බෝ නොවන  රෝග බොහෝමයක ආරම්භය සටහන් වන්නේ අප එදිනෙදා ගන්නා ආහාර මඟිනි. එම ආහාර වවන මොහොතේ සිට ආහාරයට ගන්නා අවස්ථාව දක්වා විවිධ අහිතකර විෂ ද්‍රව්‍ය එකතු වේ. වැවීමට රසායනික, කල් තැබීමට රසායනික, පිසීමට රසකාරක ආදී වශයෙන් ගලපා බැලූ විට අපි ශරීර ගතකරගන්නේ පෙර මෙන් පිරිසිදු ආහාර, බෙහෙත් ඹෟෂධ බඳු ආහාර නොවේ. වස විෂ පමණි. රෝහල්වලට ඔරොත්තු නොදෙන තරමට ලෙඩුන් පිරීමට මුඛ්‍ය හේතුව මෙය වී තිබේ. වැළඳෙන ඇතැම් රෝග මොනවාදැයි හඳනා ගැනීමටත් අසීරුය. ඊට ප්‍රධානතම හේතුවක් ලෙස දේශීය සංස්කෘතිය හා බැඳි පිරිසිදු, පෝෂ්‍යදායී ආහාර පරිභෝජන රටාවක් නොතිබීමයි. අවසානයේ මුදල් සෙවීමට සිදුකල සියළු ප්‍රයත්න වලින් සපයාගත් මුදල් පමණක් නොව, තවත් ණය වී පවා ලෙඩ සුවකර ගැනීම සඳහා මුදල් වියදම් කිරීමට සිදුවේ. මන්දයත් බටහිරින් හඳුන්වා දී  ඇති බොහෝ ආහාර වර්ග ශරීරයට අහිතකර ක්ෂණික ආහාරවර්ග වන අතර ඒවායෙහි ආකර්ෂණීය රසයක් පවතී. ක්ෂණිකය, පහසුය, නමුත් ගුණ හීනය. මොහොතක රසය විශාල මුදලක් ලබා දී සපුරා ගැනීමේ ආදීනව මතුවන්නේ කලක් ගතවූ පසුවයි.
chines food3


ජනමාධ්‍යයේ හා වෙළෙන්දන්ගේ මිතුරු සබඳතාවය හරහා විවිධ ආහාර පරි‍භෝජන රටාවලට පුරුදු වූ ශ්‍රී ලාංකික ජනයා සිදුකර ඇත්තේ තම දිවි පරදුවට තබා ජනමාධ්‍ය හා වෙළෙන්දන් පෝෂණය කිරීමකි. මෙම තත්ත්වය වර්තමාන පරපුර ඉතා කඩිනමින් තේරුම්ගත යුතුව තිබේ. නැතහොත් දේශීය සංස්කෘතිය හීනවනවා පමණක් නොව, මුළු ශ්‍රී ලංකාවම ලෙඩුන්ගෙන් පිරි රටක් බවට පත්වීම වැඩි ඈතක නොවේ. දැනටමත් බිළිඳු දරුවනට පවා දියවැඩියාව වැනි රෝග වැළදීමට පටන්ගෙන තිබේ. දැනට අනුගමනය කරන ආහාර රටා එලෙසම පැවතියහොත් එකී ඛේදනීය තත්ත්වයන් තව තවත් උග්‍ර වනු ඇත. 



සියළු ජනතාව ජනමාධ්‍යයේ ගැත්තන් වශයෙන් පසුවන සමයෙක ශ්‍රී ලාංකිකයන්ගේ ආකල්ප යහපත් අතට හැරවීම අසීරුය. බාල, තරුණ, වැඩිහිටි යන සියල්ලන්ගේම තත්ත්වය එබඳු බව අතිශය භයානක තත්ත්වයකි. නමුත් දැන් දැන් ක්‍රියාවට නංවන දේශීය වී වගා ව්‍යාප්තිය, දේශීය පලතුරු වැවීමේ පලතුරු ගම්මාන වැඩසටහන්, ගෙවතු වගා සංකල්පය, වල් නාෂක තහනම් කිරීම්, රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිතයට හුරු කිරීම්, ආදී ක්‍රමවේද පැසසුමට ලකකල යුතුය. එමෙන්ම ඒවා ක්‍රියාත්මක කරන පිරිස් මනා සංවර්ධනාත්මක සන්නිවේදනයක් හරහා ජනතාව වෙත මෙම ක්‍රම ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය දැන්විය යුතුය. නැතිනම් මුදලට සියල්ල කල නොහැකි බව දැනගන්නා විට ගොඩගත නොහැකි විනාශයක් මෙරට ජනතාවට අත්වීම වැළැක්විය නොහැකියි.


ෂෙල්ටන් බණ්ඩාර,
අනුරාධපුරය.

මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Sunday, June 23, 2019

164. දැල්ලෝ ඩෙවල් එකක් සාදාගන්නා ආකාරය

දැල්ලො ඩෙවල් එකක් හදන හැටි Recipe එකත් එක්කම මෙන්න


මුහුදු ආහාර වලින් දැල්ලො කියන්නේ ගොඩක් දෙනෙක් කන්න ආස කෑමක් නේ. දැල්ලෝ එක එක විදියට සමහරු උයනවා. ඔන්න අපි අද කියන්න යන්නේ දැල්ලො ඩෙවල් එකක් අළුත් රසයකට හදන හැටි.

අවශ්‍ය ද්‍රව්‍ය :
දැල්ලන් ග්‍රෑම් 200 ක්, 
පොඩියට කපාගත් ළූණු ග්‍රෑම් 15 ක්,
 ලොකුවට කපාගත් ළූණු ග්‍රෑම් 50 ක්,
 ලොකුවට කපාගත් මාළු මිරිස් ග්‍රෑම් 30 ක්, පොඩියට කපාගත් තක්කාලි ග්‍රෑම් 30 ක්, 
කෑලි මිරිස් මේස හැඳි 1/2 ක්, 
තෙල් මේස හැඳි 2 ක්, 
කහ කුඩු තේ හැඳි 1/4 ක්, 
පොඩියට කපාගත් සුදු ළූණු තේ හැඳි 1 ක්, පොඩියට කපාගත් ඉඟුරු තේ හැඳි 1/2 ක්,
 හතරට පලාගත් අමු මිරිස් කරල් 4 ක්, 
දෙහි ගෙඩියක යුෂ,
 ලුණු,
 රම්පේ, කරපිංචා, කුරුඳු පොතු

පිළියෙළ කර ගන්නා ආකාරය :
දැල්ලන් හොඳින් සෝදා කපාගෙන දිය බේරෙන්නට හරින්න. තාච්චියක් ලිප තබා එයට තෙල් දමා ලොකුවට කපාගත් ළූණු , රම්පේ, කරපිංචා, සුදු ළූණු, අමු ඉඟුරු, කුරුඳු පොතු එක්කොට බැදෙන්න හරින්න. ඊටම කෑලි මිරිස්, ලුණු හා තක්කාලි ද එක්කරන්න. තක්කාලි හොඳට පොඩි වන්නට හැර දැල්ලන්, ළූණු, මාළු මිරිස්, තක්කාලි හා දෙහි දමා මිශ්‍ර කරන්න. මෙය පස්දෙනෙකුට පමණ සෑහේ.



මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Friday, March 30, 2018

147. කැරට් සමග පැස්ටා සාදාගන්නා ආකාරය srilankan cooking

කැරට් සමග පැස්ථා සාදාගන්නා ආකාරය



 ඔබව සාදරයෙන් පිළිගන්නවා. හැමදාම බත් කාලම එපා වෙලානම් වෙනසකටත් එක්ක අපි වෙනස් දෙයක් කමු. මොනවද අද අපි හදන්නෙ? අපි අද පැස්ටා හදමු. හැබැයි ටිකක් වෙනස් විදිහකට. ඔයා හැමදාම හදනවට වඩා නම් රස වැඩියි. උදේකට වගේම රාත්‍රියටත් හොදයි. ගෙදර පොඩ්ඩො ඉන්නවනම් ඒ අයත් ගොඩක් කැමති වෙයි. මෙන්න මෙහෙමයි හදන්නෙ.

අවශ්‍ය ද්‍රව්‍ය
පැස්ටා 250g
ඉඟුරු
සුදු ළූණු
සිහින්ව කපාගත් කැරට් කුඩා අලයක්
බටර් හෝ මාගරින් 
උකු පිටි කිරි කෝප්ප 1/4ක්
ගම්මිරිස් ස්වල්පයක්

සාදා ගන්නා ආකාරය
මුලින්ම සාස්පානකට වතුර දාල ඒකට බටර් සහ ලුනු ටිකක් එකතු කර ගන්න. එයටම පැස්ටා ටික දමා භාජනය ලිප තබා හොඳින් තම්බා ගන්න. පැස්ටා ටික තැම්බෙන අතරෙ ඉඟුරු සුදු ළූණු හොඳින් කුඩාවටම ලියා ගන්න. [චොප් කර ගන්න]. පැස්ටා එක තැම්බිලද බලල ලිපෙන් බා ගන්න. පැස්ටා වල වතුර ටික බේරා දමන්න. දැන් ආයෙත් සාස්පානක් ලිපේ තියල ඒකට බටර් හෝ මාගරින් එකතුකරගන්න, චොප් කරගත් ඉඉඟුරු සුදු ළූණු එකතුකර රන්වන් පාට වනතුරු බැද ගන්න. ඉන්පසු එයට කැරට් එකතු කරගන්න. මෙතනදී ඔයා කැමතිනම් ලීක්ස්, ගෝවා, බෝංචි වගේ ඔයා කැමති එළවළු එකතු කරගන්න පුළුවන්. ලුණු රස අනුව දමාගන්න. එලවළු තෙම්පරාදු වී ගෙන එනකොට එයට පැස්ටා ටික එකතු කරගන්න. ගම්මිරිස් ද එකතු කර හොඳින් කලවම් කරගන්න. ඉන්පසු කිරි කෝප්ප 1/4 එකතු කර හොඳින් කලවම් කර විනාඩි 2කට පමණ පසුව ලිපෙන් බා ගන්න. ඔයත් හදල බලන්න.ඉක්මනටම හදා ගන්නත් පුළුවන්. හදල බලල මටත් රස කියන්න.

අවසානෙට පුංචිම පුංචි ඉල්ලීමක් කරනවා. මේ රෙසිපි එක ඔයාලට ප්‍රයෝජනවත් කියලා හිතෙනවා නම් අපේ පේජ් එකට ලයික් එකක් දාලා මේ පොස්ට් එක ශෙයා කරන්න. ඔයාලා ගාවත් මේ වගේ රසම රස රෙසිපි තියෙනවා නම් අපිට එවන්න. ඔබේ නමින්ම ඒවා අපේ පිටුවේ පල කරන්නම්. ඔබට සුබ දවසක් !!!

Ami & Hshi

Thursday, March 29, 2018

144. බිම්මල් මෝජුවක් සාදාගන්නා ආකාරය Srilankan cooking

අපි රසවත් බිම්මල් මෝජුවක රස බලමු. බලන්නො හදාගන්න විදිහ. 

අවශ්‍ය ද්‍රව්‍ය 
සිහින්ව කඩා ගත් බිම්මල් ලුනු සහ කහ ස්වල්පයක් දමා සෝදා ගන්න. [පැකට් එකක ඇති ප්‍රමාණය] හාල්මැස්සන් 50g එලවලු තෙල් සුදුළූනු  බික් 3ක් බී ළූනු ගෙඩි 1ක් කරපිංචා ලුනු දෙකට පලාගත් අමුමිරිස් සියබලා සීනි
සාදාගන්නා ආකාරය 
තාච්චියකට තෙල් දමා ගැඹුරු තෙලේ බිම්මල්, හාල්මැස්සන් වෙන වෙනම රන්වන් පාට වන තුරු බැදගන්න.
ඉන්පසුව තෙල් ස්වල්පයක් තාච්චියකට දමා එයට සිහින්ව කපා ගත් සුදුළූනු , බී ළූනු , කරපින්චා, ලුනු කුඩු, මිරිස් කැබැලි, සියබලා ඉස්ම දමා තෙම්පරාදු කරගන්න. එය තලපයක් ආකාරයට පැමිණි පසු එයට සීනි එක්කරන්න.දැන් මෙම සාදාගත් මිශ්‍රණයට බැදගත් බිම්මල් සහ හාල්මැස්සන් දමා හොදින් කවලම් කරන්න.
රසවත් බිම්මල් මෝජු ඔබත් රසවිදින්න.

අවසානෙට පුංචිම පුංචි ඉල්ලීමක් කරනවා. මේ රෙසිපි එක ඔයාලට ප්‍රයෝජනවත් කියලා හිතෙනවා නම් අපේ පේජ් එකට ලයික් එකක් දාලා මේ පොස්ට් එක ශෙයා කරන්න. ඔයාලා ගාවත් මේ වගේ රසම රස රෙසිපි තියෙනවා නම් අපිට එවන්න. ඔබේ නමින්ම ඒවා අපේ පිටුවේ පල කරන්නම්. ඔබට සුබ දවසක් !!!

Thursday, February 16, 2017

142. අල පූරි සාදාගන්නා ආකාරය

අල පූරි සාදාගන්නා ආකාරය


අල පූරි අවශය ද්‍රවය 
1. තම්බාගෙන් හොදින් පොඩිකරගත් අල 100 g ( අල කෑලි නොසිටින්න හොදට පොඩිකරගන්න)
2. පිටි 200 g
 3. මිරිස් කුඩු තේ හැදි 1
 4. කුඩාවට කපාගත් කරපිංචා ස්වල්පයක් 
5. සුදුරු ස්වල්පයක් 
6. බේකින් පවුඩර් හෝ බෙකින් සෝඩා තේ හැදි 1/2
 7. රස පදමට ලුණු 
8. අවශය ප්‍රමාණයට වතුර 

 සාදන ආකාරය 
1 . මුලින්ම හොදින් පොඩි කරගත් අල සහ ආටාපිටි හොදින් කලවම් කරගන්න 
2. මිරිස් කුඩු , කුඩාවට කපාගත් කරපිංචා , සුදුරු ,බෙකින් පවුඩර් හෝ බෙකින් සෝඩා ටික සහ ලුනු අපේ අර අල හා ආටා පිටි මිශ්‍රනයට දමා වතුර ටික ටික දමමින් හොදින් අනාගන්න, හරියට අපි රොටි හදනවා වගේ හොදට අනාගන්න . ( අල වල කැබලි තියෙන්න බෑහැ)
3. දැන් රෝලින් පින් එකක් අරගෙන එකෙත් පාන් පිටි තවරා ගන්න. ඔයාලා පවිච්චි කරන ලෑල්ලෙත් පිටි තවරා ගන්න. ( අපේ පිටි මිශ්‍රනයට ඇලෙන්න පුලුවන් නැතිනම්)
4. දැන් අර අපේ මිශ්‍රනයෙන් කට්ලට් වලට වගේ කුඩා බෝල සාදාගන්න.
5. එම බෝල අර පිටි තවරා ගත් ලෑල්ලෙ හොදින් තූනි කරන්න. (ලස්සනට රවුමට )
6. දැන් බාජනයක් ලිපේ තියලා තෙල් දාලා අර තුනි කරගත් රවුම හොදින් බැදගන්න. පපඩම වගේ හොදට බැදිලා එයි.
ඔන්න ඔහොමයි අල පුරි හදන්නේ.
හදලා රස බල්ලා අපිටත් කියන්නකෝ .
ස්තුතියි

Ami & Hashi

Thursday, October 15, 2015

111. මාළු මිරිසට සාදාගන්නා ආකාරය

මාළු මිරිසට සාදාගන්නා ආකාරය



අවශ්‍ය ද්‍රව්‍ය
°°°°°°°°°°°°°°°°°°°°°°
මාළු ග්‍රෑම් 500 යි
මිරිස් කුඩු මේස හැඳි 1 1/2 යි
 ගම්මිරිස් කුඩු තේ හැඳි 1 යි
රම්පේ, කරපිංචා
 අමු ඉගුරු කැබැල්ලක්
සුදු ළූණු බික් 3 ක්
 අමු මිරිස් කරල් 2 ක්
කුරුඳු කැබැල්ලක්
ගොරකා කැබලි 4 ක් පමණ
ලුණු අවශ්‍ය පමණ

සාදන ක්‍රමය
°°°°°°°°°°°°°°°°°°

මාළු කපා සෝදා ගන්න. අමු ඉඟුරු හා සුදු ළූණු අඹරාගන්න. ගොරකා ද අඹරාගන්න. බඳුනකට මේ සියළුම දුව්‍ය සමග මිරිස් කුඩු ඇතුළුව මාළුද දමන්න. හොඳින් කළවම් කර මාළු කැබලි වැසෙන සේ වතුර ටිකක්ද දමා කළවම් කර මද ගින්නේ පිසගන්න.
(ඔබට අවශ්‍යනම් ගොරකා, ඉගුරු,සුදු ළූණු අඔරන්නේ නැතිව එකතු කරන්නත් පුඵවන්.)


Amila & Hashi
තව කෙනෙකුට කියවන්න Share කරන්න

Tuesday, October 13, 2015

105. ස්පෙෂල් මික්ස් මීට් චයිනිස් සාදාගන්නා ආකාරය  

                                           ස්පෙෂල් මික්ස් මීට් චයිනිස් සාදාගන්නා ආකාරය



අවශ්‍ය ද්‍රව්‍ය
°°°°°°°°°°°°°°°
තම්බා ගත් නූඩ්ල්ස් 100g
කොටු කපා ගත් ඉස්සන් 10g
කොටු කපා ගත් කුකුළු මස් 10g
කොටු කපා ගත් ගෝවා 10g
කොටු කපා ගත් නිවිති 10g
කැමති ආකාරයකට කපා ගත් යංකෝන් 2ක්
යංකෝන් කරල් 2ක්කපාගත් ඩ්‍රැගන් ෆෘට් 30g
කපාගත් කැරට් 20g
කපාගත් ගර්කින් 10g
මෂ්රෑම් දිගට ඉරාගත් 10g
බ්ලැක් බීන් සෝස් තේ හැදි 2-3ක්
ඔයිස්ටර් සෝස් තේ හැදි 2
ගම්මිරිස් කුඩු තේ හැදි 1
ලූනු කොළ 20
බිත්තර 1
සෝයා සෝස් තේ හැදි 1
එළවලු තෙල් 50ml
වතුර 100ml
ලුණු රස පදමට

සාදන අන්දම
°°°°°°°°°°°°°°°°  
 ප්‍රථමයෙන් භාඡනයක් ගෙන සාමාන්‍ය ප්‍රමාණයට තෙල් එකතු කරන්න. ඉන්පසු කපාගත් ඉස්සන් හා කුකුළු මස් පදම් කර හොදින් බැදගන්න. ඉන්පසු තව භාඡනයක් ළිප මත තබා එයට වතුර දමන්න. පසුව එය රත්වූ පසු කපා ගත් ගෝවා, කැරට්, නිවිති, යංකෝන්, බට්න් මෂ්රෑම්, ගර්කින් හා මෂ්රෑම් එක්කර මද වේලාවක් තම්බා එය හොදින් වතුර පෙරා ගන්න. ඉන්පසු වෙනත් භාඡනයක් ළිප මත තබා එයට තෙල් ස්වල්පයක් දමා එය රත් වූ පසු බිත්තරය එකතු කරන්න. ඉන්පසු එයට තම්බා ගත් නූඩ්ල්ස් ටික එකතු කර හොදින් ෆ්‍රයි කරන්න. ඉන්පසු එයට බ්ලැක් බීන් සෝස්,ඔයිස්ටර් සෝස් හා ගම්මිරිස් කුඩු එකතු කර හොදින් කලවම් කරන්න. පසුව සෝයා සෝස් දමා ටික වේලාවක් පිස ගන්න. ඉන්පසු බැදගත් ඉස්සන් හා දැල්ලන් එකතු කර කලවම් කර රස පදමට ලුණු යොදන්න. ඉන්පසු එයට ලූනු කොළ දමා හොදින් කලවම් කර අමුත්තන්ට පිළිගන්වන්න.

Amila & Hashi
තව කෙනෙකුට කියවන්න Share කරන්න

Monday, October 12, 2015

104. ජපන් ක්‍රමයට බතක් සාදාගන්නා ආකාරය 

 ජපන් ක්‍රමයට බතක් සාදාගන්නා ආකාරය 

අවශ්‍ය දුව්‍ය:-
°°°°°°°°°°°°°°°°°
සම්බා කිලෝ 2 යි
ඉස්සන් ග්‍රෑම් 500
ළූණු කොළ ග්‍රෑම් 400
රට ළූණු ග්‍රෑම් 200 
එළඟිතෙල් ග්‍රෑම් 200
ගම්මිරිස්,
කරාඹුනැටි,
එනසාල් (අඹරාගත්) මේස හැඳි 1 1/2
 ලුණූ ස්වල්පයක්

සාදන ක්‍රමය:-

ඉස්සන් සුද්ධ කරගෙන තම්බා ගන්න. එළඟිතෙල් නටවාගෙන ඉස්සන්, ළූණු කොළ, රට ළූණු සමග ගම්මිරිස් මිශ්‍රණය හොඳින් තෙම්පරාදු කරගන්න. ඊලඟට හාල්ද ඊට උඩින් ඉස්සන් තැම්බූ වතුරද, අවශ්‍යනම් තවත් වතුරද ලුණුද එකතුකර බත තම්බාගන්න.

Amila & Hashi
තව කෙනෙකුට කියවන්න Share කරන්න

Featured Post

246. හැමතැනම නැති මිල අධික ගාලික් බෙඩ් සාදාගන්නා ආකාරය

හැමතැනම  නැති මිල අධික ගාලික් බෙඩ් සාදාගන්නා ආකාරය  අවශ්‍ය  ද්‍රව්‍ය පාන් පෙති 08 බටර් (ලුණු රහිත )100g ගා ගත් සුදුලූණු මේස හැඳි 1- 1/2 ලුණු...