Thursday, September 10, 2015

6. මැලේ අච්චාරු සාදාගන්නා ආකාරය


මැලේ අච්චාරු සාදාගන්නා ආකාරය 


අවශ්‍ය දුව්‍ය:-

ᴥ මාළු මිරිස් ග්‍රෑම් 200 යි
ᴥ රතුළූණු හෝ බොම්බයි ළූණු ග්‍රෑම් 300 යි
ᴥ කැරට් ග්‍රෑම් 200 යි
ᴥ රට ඉඳි ග්‍රෑම් 450 යි
ᴥ ලුණු දෙහි ගෙඩි 2 යි
ᴥ සීනි ග්‍රෑම් 250 යි
ᴥ අඹරාගත් අබ, ඉඟුරු
ᴥ විනාකිරි කෝප්ප 3/4 යි
ᴥ සුදු ළූණු බික් 2 යි
ᴥ තරමක් ලොකු අන්නාසි පෙති 3 ක්
ᴥ මිරිස් කුඩු ග්‍රෑම් 30 ක් පමන (ඔබේ රස අනුව)
ᴥ රස අනුව ලුණු


සාදන ක්‍රමය:-

කැරට් තීරු වශයෙන් කපාගන්න. මාළු මිරිස් කරල් දෙකටද, අන්නාසි හතරැස් තරමක කැබලිද හා බොම්බයි ළූණු ගෙඩි 4 ට ද ලුණුදෙහි කැබලි දිග තීරුවලටද කපන්න.
දැන් බඳුනක් ගෙන එයට විනාකිරි දමා අඹරාගත් අබ, සුදුළූණු ඉඟුරු, ලුණු දමා ළිප තබන්න.
මෙයට සීනිද එකතුකොට හැඳිගාන්න.
මිශ්‍රණය උතුරාගෙන එන විට එය ලිබෙන් බා එයට කපාගත් මාළු මිරිස්, කපාගත් කැරට්, රට ඉඳි, අන්නාසි, ලුණුදෙහි දමා මද වේලාවක් හොඳින් කළවම් කරගන්න.
මෙය නිවුන පසු වියළි බෝතලයක අසුරා තැබීමෙන් කල්තබාගත හැක.
(සමහරු ඇඹරැල්ලාද එකතුකරගනී.)

Amila & Hashi


තවත් අයට බලන්න share කරන්න

Featured Post

243.පපඩම් සාදාගන්නා ආකාරය

පපඩම් (Papadam).   (සාමාන්‍ය ප්‍රමානයේ පපඩම් 50 ක් සඳහා ) 350g පමණ ) අවශ්‍ය ද්‍රව්‍ය : උඳු පිටි 200g පාන් පිටි 100g ලුණු 20g පොල් ත...