Showing posts with label මස්. Show all posts
Showing posts with label මස්. Show all posts

Thursday, August 22, 2024

238. මෙක්සිකන් ක්‍රමයට සැකසූ අලිගැටපේර සලාදය

මෙක්සිකන් ක්‍රමයට සැකසූ අලිගැටපේර සලාදය


අපි පුරුදුවෙලා ඉන්නෙ අලිගැට පේර රසවත් පානයක් ලෙසත් සකස් කරගන්නටයි. මෙක්සිකානු කෑම වලට නම් අලිගැටපේර වරදින්නේ නැහැ, පහතින් දැක්වෙන ආකාරයට මෙම රසවත් ගුණවත් සලාදය ඔබට පහසුවෙන් සාදා ගත හැකියි.

අවශ්‍ය ද්‍රව්‍ය:

අලිගැටපේර ගෙඩියක්
කුඩා බී ළූණු ගෙඩියක්
කහපාට, රතුපාට සහ කොළපාට බෙල්පෙපර් ස්වල්පයක්
මින්චි කොළ කිහිපයක්
ග්‍රේට් කරගත් චීස් මේස හැඳි 2
 මුදවපු කිරි මේස හැඳි 2ක්
දෙහි යුෂ ස්වල්පයක්
තිබෙනවා නම් ඔලිව් ස්වල්පයක්
රස අනුව ලුණු සහ ගම්මිරිස්
සාදන ආකාරය:

අලිගැට පේර ගෙඩියේ ‍පොත්ත ඉවත් කර කුඩා කොටුවලට කපාගන්න. බී ළූණු, ඔලිව් සහ මින්චි කොළද සිහින්ව ලියා ගන්න. බෙල් පෙපර් කුඩා කොටුවලට කපාගන්න. භාජනයක් ගෙන එයට මුදවපු කිරි, දෙහි යුෂ, ගම්මිරිස්, ලුණු එක් කර හොඳින් මිශ්‍ර කරගන්න. එයට අලිගැටපේර, ඔලිව්, බී ළූණු සහ බෙල්පෙපර් ද එක්කර පොඩිනොවන සේ කලවම් කර ගෙන උඩින් ග්‍රේට් කරගත් චීස් දමා කෑමට ගන්න.

මෙම සලාදය බෙරි නොවුණු අලිගැටපේර ගෙඩියක් තෝරාගන්න මතක තබාගන්න. යෝගට්, මී කිරි වූවත් මෙයට එක් කරගත හැකියි. මෙම සලාදය ආහාරයට ගැනීමට පැය භාගයකට පමණ පෙර පිළියෙල කරගැනීම වඩාත් සුදුසුයි. උත්සවයක බත රස කරන්න ඉතාමත් සුදුසු මෙම රසවත් සලාදය හදල බලන්න අමතක කරන්න එපා.

මුල් හිමිකරුට ස්තුතියි ❤❤❤👍👍👍🙏🙏
මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Sunday, August 18, 2024

237. දකුණේ දෙල් බත සාදාගන්නා ආකාරය

පරංගි අපිව නැතිකරන්න ගෙනාපු ඒත් දැන් අපිට නැතුවම බැරි " දෙල් ' වලින් හදන......
         " දකුණේ දෙල් බත "
           🍈🥝🍈🥝🍈🥝


දෙල්බත සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

🍈 සම්බා හාල් ග්‍රෑම් 250ක්
🍈 තරමක දෙල් ගෙඩියක්
🍈රතු ලූණු ගෙඩි 5ක්
🍈අමු මිරිස් කරල් 2ක්
🍈රම්පේ කොළ කෑල්ලක් 
🍈කරපිංචා කොළ කීපයක්
🍈කුරුඳු කැබැල්ලක්
🍈ගම්මිරිස්කුඩු තේහැඳි 1/2ක්
🍈තුනපහ තේ හැඳි 1/2ක්
🍈මිරිස් කුඩු තේ හැන්දක්
🍈කහ තේ හැඳි 1/2ක්
🍈මිටි කිරි කෝප්පයක්
🍈දෙහි යුෂ
🍈ලුණු

සකසා ගන්නා ආකාරය
(==================)

🛑 දෙල් ගෙඩිය පොතු හැර හතරට පළා මැද ඇති නාරටිය වැනි කොටසත් ඉවත් කරගන්න. ඉන්පසු සෝදා කුඩා හතරැස් කැබලිවලට කපා ගන්න. කපාගත් කැබලි නැවත සෝදා ගෙන කහ කුඩු සහ දෙහි යුෂ එක්කර හොඳින් අතගාගෙන පසෙකින් තබන්න.

🛑 රතු ලූනු සහ අමු මිරිස් කපා පසෙකින් තබා ගන්න.

🛑 සම්බා සහල් සෝදා මැටි මුට්ටියකට දමන්න. එයටම සූදානම් කරගත් දෙල් කැබලිද එක්කර ගන්න. බත් සහ දෙල් ඉදීමට අවශ්‍ය පමණ වතුර එක්කර ලිපේ තබා ගන්න. බත් සහ දෙල් තැම්බෙන විට එයට කරපිංචා, රම්පේ, කුරුඳු කැබැල්ල සහ කහ එක්කර පොල්කටු හැන්දකින් කලවම්කර වසා වතුර හිඳෙනතුරු පිස ගන්න.

🛑 වතුර හිඳුණු පසු එයට පොල් කිරි, ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු, තුනපහ කුඩු, ලුණු, කපාගත් ලූනු සහ අමු මිරිස් ද එක්කරන්න.(සැර අවශ්‍ය ආකාරයට ගම්මිරිස් එක්කර ගත හැක ) දෙල් කැබලි කැඩී නොයන සේ ප්‍රවේශමෙන් හැඳිගාමින් කලවම් කරන්න. පොල්කිරි ටික හිඳෙනතුරු ඉදවා ගෙන ලිපෙන් බාගන්න.

🛑 උණු උණු දෙල් බත් මාළු ඇඹුල් තියල් කරියක් සමග රස බැලිය හැක.

🛑 වෑංජනයක් නොමැතිව වුවද දෙල් බත් පමණක්ම කෑමට ගැනීමටත් හැකිය
ශ්‍රී ලංකාවේ සාමාන්‍යයෙන් දෙල් ආහාරයට ගනු ලබන්නේ වෑංජන ලෙස හෝ තම්බා ගෙනය. සාමාන්‍යයෙන් දෙල් මාළුව සැකසීමේදී බතක් වෙනම පිස ගැනීම සිදුවන අතර එයට වැඩි කාලයක්, අමුද්‍රව්‍ය ප්‍රමාණයක් මෙන්ම ඉන්ධන ප්‍රමාණයක් ද වැය වේ. නමුත් දකුණේ ජනතාව මේ කරුණු සියල්ලම සැලකිල්ලට ගෙන නිර්මාණය කරන ලද ආහාරයක් ලෙස දෙල් බත හඳුන්වාදිය හැක. දෙල් බත ඉතා සුවඳකින් යුක්ත වන අතර, රස පිළිබඳව අමුතුවෙන් කිව යුතු නොවේ. ‘බඩ පැලෙන්නට’ කන්න පුළුවන් කෑමක් ලෙසත් දෙල් බත දකුණේ ජනප්‍රියයි .....😊😊
Thanks Original Owner 
Copied 🌎🌎 

මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Thursday, August 15, 2024

236. වට්ටක්කා මල් වලින් වඩේ සාදාගන්නා ආකාරය

වට්ටක්කා මල් වලින් වඩේ හදමු... ❤️


වට්ටක්කා ගසේ බොරුමල් කඩා මැද කොටස ඉවත්කර සෝදා ගන්න...

👉භාජයනකට නැවුම් කිරි 100ml ගෙන එයට 
👉ගම්බිරිස් කුඩු. 
👉කහා කුඩු ස්වල්පයක් 
👉ලුණු.. 
👉කැලි මිරිස්.. 
👉රම්පේ කරපිංචා
👉සහා ඊස්ට් ස්වල්පයක් එක්කර  මිශ්‍ර කරගන්න.

⚠️ ️මෙම මිශ්‍රණය ආප්ප මිශ්‍රණයට වඩා ටිකක් උකු ගතියට සාදා ගන්න . එයට පාන්පිටි එක් කරන්න  

 සෝදාගත් වට්ටක්කා මල් මෙම මිශ්‍රණයේ කලවම් කර පසුව  හොදින් රත්වූ ගැබුරු තෙලේ බැදගන්න ...❤️❤️❤️

දැන් තමා අමාරුම හරිය...
නිමෙන්න කලින් රතු වයින් වීදුරුවක් සමග
කා දමන්න  😃😃😃

අමිල ( Amila Prasad Perera  )
මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Wednesday, May 22, 2024

229. .ලබු කිරිබත් සාදාගන්නා ආකාරය

අහලා තිබ්බට කාල නැති ලබු කිරිබත්🤤🍐| 
මේක හදාගන්න හරිම ලේසි! ඒවගේම ගොඩාක් රසයි!


රෙසපි එක💛
හාල් රයිස් කුකුර් කප් එකෙන් 2 1/2(හුන්ඩු ගන්නවා නම් 2ක් විතර)
සමාන්‍ය ප්‍රමාණයේ ලබු ගෙඩියක් 
වතුර කප් 4ක් (මේක ඔයාලා ගන්න හාල් වර්ගය අනුව වෙනස් වෙනවා... මම ගත්තේ බාස්මති හාල්)
උකු පොල් කිරි කෝප්ප 2ක්
ලුනු අවශ්‍ය ප්‍රමාණයට(මට ලුනු තේහැඳි 1 1/2 ක් වගේ ඕන උනා)
සාදන ක්‍රමය💛
-මුලින්ම ලබු ගෙඩිය හොදින් හෝදගෙන ඒක පොත්ත ඉවත් කරගෙන පොඩි කෑලි වලට කපාගන්න. 
-ඊට පස්සේ හාල් ටික අරගෙන ඒක හොඳින් පිරිසිදු කරගෙන බාජනයකට දාලා වතුර දලා හොඳින් තම්බගන්න. මිනිත්තු 15-20 ක් වගේ පියනින් වහලා ගින්දර අඩු වැඩි කරමින් මේක තම්බගන්න. 
-ඊට පස්සේ උකු පොල් කිරි එකට ලුනු ටික එකතු කරගෙන හොදින් කලවම් කරගෙන 
-ඊට පස්සේ අපි පොඩියට කපාගත්තු ලබු කෑලි ටික සහ උකු පොල් කිරි ටික එකතු කරගෙන පියනින් වහලා හොදින් ලබු කෑලි ටික තැම්බෙනකම් සහ උකු පොල් කිරි ටික හිදෙනකම් පියනින් වහලා උයාගන්න. මේ වේලාවදි ලුනු බලන්න මදිනම් එකතු කරගන්න💛
ඉතින් මේ රසම රස කිරිබත් එක හදලා නැත්නම් හදලා බලන්න ගොඩාක් රසයි🥹💚සහ හරිම ලේසි මේක ඔයාලට හදාගන්න💚 හැදුවොත් මටත් රස කියන්න😍
Here’s the recipe💛
Ingredients:
- 2 1/2 cups of Basmati rice
- 4 cups of water
- 2 cups of thick coconut milk
- 1 1/2 teaspoons of salt
- 1 medium-sized bottle gourd, peeled and cut into small cubes
Instructions:
1. Begin by cleaning the bottle gourd, peeling its skin, and cutting it into small, cubed chunks.
2. Rinse the Basmati rice thoroughly under cold water until it runs clear.
3. In a large pot, combine the rinsed rice and water. Cover the pot, bring it to a boil, then reduce the heat to medium and simmer until the rice is tender and has absorbed most of the water (approximately 15-20 minutes).
4. While the rice cooks, mix salt into the thick coconut milk.
5. Once the rice is cooked, add the bottle gourd chunks and the salted coconut milk to the pot.
6. Stir well and let it simmer on low heat until the coconut milk is absorbed, resulting in a creamy texture.
7. Taste and adjust salt if necessary.
8. Remove the pot from heat and let it sit for a few minutes.
9. Transfer the milk rice to a flat dish, spreading it evenly.
10. Allow it to cool before cutting it into square or diamond-shaped pieces.

Serve the milk rice with your preferred accompaniments, such as Sri Lankan Chili Paste (lunumiris) or a banana. Enjoy the delicious flavors of authentic Sri Lankan milk rice with bottle gourd🤤!
උපටාගැනිමක් 
Amila & Hashi
මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Friday, May 10, 2024

228. කැකිරි මස් වගේ රසට උයමු

කැකිරි මස් වගේ රසට උයමු 


අවශ්‍ය ද්‍රව්‍ය- 

කැකිරි ග්‍රෑම් 350
පොල් කිරි කෝප්ප 1/1
මිරිස් කුඩු මේස හැදි 1 
බැදපු තුනපහ කුඩු මේස හැදි 1 
ගම්මිරිස් කුඩු තේ හැදි 1 
අමුතුන පහ කුඩු මේස හැදි 1 
කහ කුඩු තේ හැදි 1 /4
කරාබුනැටි කරල් 2
එනසාල් ඇට 2
උළුහාල් ඇට තේ හැදි 1/4
කුරුදු කෑල්ලක් 
සුදුලූනු බික් 5 
ගොරකා කෑල්ලක් 
බීලූනු ගෙඩි 1 
අමුමිරිස් කරල් 3 
කරපිංචා 
රම්පේ 
තෙල් මේස හැදි 2 
රස අනුව ලුණු 

සාදන ක්‍රමය:-

මුලින්ම කැකිරි ගෙඩියේ ඇස්ස කපා කිරි ඉවත් කරන්න. එතකොට තිත්ත රසය නැති වෙනවා.

දැන් කැකිරි ගෙඩිය සෝදා හතරැස් කෑලි කපා ගන්න. මේ කපා ගත් කෑලි වලට මිරිස් කුඩු, බැදපු තුනපහ, ගම්මිරිස්කුඩු, කහකුඩු, සහ ලුණු එකතු කරන්න. 

භාජනයකට තෙල් ටිකක් දමා එයට රම්පේ,   
උළුහාල්, කරාබුනැටි, එනසාල් දමා බැද ගන්න. ඉන් පසු කපා ගත් බීලූනු, අමුමිරිස්,    
කරපිංචා, සුදුලූනු දමා බැද ගන්න. අන්තිමට මිරිස් කුඩු තේ හැදි 1 හා අමුතුන පහ කුඩු තේ හැදි 1 එකතු කරන්න. 

මේ තෙම්පරාදුවට කැකිරි ටික එකතු කරන්න. හොදින් කළවම් කරන්න. කිරි ටික එකතු කරන්න. ගොරකා හා ලුණු එකතු කරන්න.  

අඩු ගින්දරේ තැම්බෙන්න හරින්න.කෑලි හොදට තම්බා ගන්න. තෙල් පාට වනවිට බා ගන්න. 

මුල් අයිතිය Garlic and Ginger
Ami & Hashi
මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Wednesday, May 8, 2024

227. ගල් මස්කට් සාදාගන්නා ආකාරය

ගල් මස්කට් සාදාගන්නා ආකාරය


පාන් පිටි 100g
දුඹුරු සීනී 200g
උකු පොල් කිරි 400ml
රටඉදි 100g
ලුණු තේ හැදි 1/2
වැනිලා තේ හැදි 1

All purpose flour 100g
Coconut milk 400ml
Brown sugar 200g
Dates 100g
Salt tsp 1/2
Vnila tsp 1

මුලින්ම රටඉදි වල ඇට ඉවත්කර ඒවා කුඩාවට කපාගෙන භාජනයකට දමා ඒවා වැහෙන ගානට වතුර එකතු කර විනාඩි 10ක් පමණ පෙඟෙන්න තබන්න. 

ඉන්පසු පෑන් එකකට සීනි මේස හැදි 1ක් එකතුකර එම සීන් ටික කළු කරගත යුතුය. 

පසුව පොල් කිරි ටිකෙන් ටික එකතු කරගත යුතුය. ඉන්පසු දුඹුරු සීනී එයට එකතු කර හොඳින් දියකර කරගන්න.
සීනී දියවූ පසු පිළිවෙලින් ලුණු හා වැනිලා එකතු කරන්න.

ඉන්පසු වතුර ඉවත් කරගත් රටඉදි එකතුකර නොනවත්වා හැඳිගාමින් එය විනාඩි 2-3 කාලයක් තැම්බෙන්න හරින්න. 

ඉන්පසු පාන්පිටි එයට එකතු කරමින් කැට නැතිවනතුරු විනාඩි 5ක් පමණ හොඳින් කලවම් කරගන්න. මේ වෙලාවේ ලිපේ ගින්දර සාමාන්‍ය ගානෙන් තිබිය යුතුය. 

ගුලියක් ආකාරයට එය සැකසුණු පසු ළිපෙන් ඉවත් කර බේකින් ට්‍රේ එකට දාන්න.

දැන් එය අපට අවශ්‍ය ගානට හොඳින් තුනී කර 190°C උෂ්ණත්වයේ විනාඩි 30-35ක් අවන් එකේ තැබිය යුතුය. 

ඉන්පසු විනාඩි 10ක පමණ කාලයක් නිවෙන්නට තබා කෑලි කපා ආහාරයට ගත හැක. ❤️

-අපේ ගෙදර- 

ජායාරූපය අන්තර්ජාලයෙන්
Ami & Hashi
මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Thursday, March 14, 2024

221. කිරිබත් කන්න ඉකන් බිලිස් හදමු

ඉකන් බිලිස් හදමු


කිරිබත් කන්න අපි හදන්නෙ ලුණුමිරිසක් නැත්නම් අපි සාමාන්‍යන් හදන්නේ කට්ට සම්බෝලයක් නැත්නම් සීනි සම්බෝලයක්නේ. ඔන්න අද ගෙනාවෙ රසම රස වෙනස් කෑමක්. මේක මැලේෂියාවෙ ප්‍රසිද්ධ කෑමක්. හදන ක්‍රම නම් කීපයක්ම තියෙනව. ලේසියෙන් හදාගන්න පුළුවන් ක්‍රමයක් තමා මේ ගෙනාවෙ.

 ඉකන් බිලිස්

අවශ්‍ය ද්‍රව්‍ය :-

 හාල්මැස්සන් ග්‍රෑම් 100

කපාගත් ළූණු ගෙඩි 2

සෝයාසෝස් මේස හැඳි 1

සීනි මේස හැඳි 1

කඩාගත් වියලි මිරිස් කරල් 3-4ක්

සියඹලා යුෂ ස්වල්පයක්

සාදන ක්‍රමය :-
 
පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට හාල්මැස්සන් ටික දාලා බැදගන්න.

ඒ ටික අයින් කරලා ඒ පෑන් එකටම ලියාගත් ළූණු දාලා රන්වන් පාට වෙනකල් බැදගන්න. ඊළඟට චොප්කරගත් අමුමිරිස් දාලා බැදගන්න.

මේකට සෝයාසෝස්, සීනි එකතු කරන්න. ලුණු අවශ්‍ය නම් දාගන්න. සියඹලා යුෂ ටිකත් එකතු කරන්න. අන්තිමට බැදගත් හාල්මැස්සන් එකතු කරලා ලිපෙන් බාගන්න.

බ්ලෙන්ඩර් එකට දාල පොඩ්ඩක් බ්ලෙන්ඩ් කරගන්න.
අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදි .
මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Friday, January 19, 2024

219. බෝංචි මැල්ලුමක් සාදාගන්නා ආකාරය

බෝංචි මැල්ලුම.....✨️✨️✨️✨️


(බෝංචි මිල අඩු වුනාම හදලා බලන්න )

අවශ්‍ය 👇

✨️බෝංචි 
✨️කහ
✨️ලුනුකුඩු 
✨️පොල් 
✨️ගම්මිරිස් 
✨️සුදුලූනූ 
✨️රතුලූනු 
✨️උම්බලකඩ 
✨️කරපින්චා 
✨️අමුමිරිස් 
✨️තෙල් 
✨️අබ 

හදමු 👇

😊බෝංචි ටික සෝදා සිහින්ව කපා ගෙන බාජනයකට දමා ලුණු කුඩු ස්වල්පයක් සහ වතුර ස්වල්පයක් දමා මද ගින්නේ පිසගෙන ලිප වසාගෙන.

😊සිහින්ව ගාගත් පොල්,ලුණු ,කහ,ගම්මිරිස් ,සුදුලූනූ බික් එකක්,අමුමිරිස් කරලක්  වංගෙඩියට දමා හොදින් කොටාගන්න.

😊බදුනක් ලිප තබා එයට තෙල් ස්වල්පයක් දමා රත්වෙන විට අබ ඇට ස්වල්පයක් ,ලියාගත් රතුලූනු ,කරපින්චා ,උම්බලකඩ,දමා කලවම් කර කොටා ගත් පොල් මිශ්‍රණය දමා කලවම් කර එයටම බෝංචි ටිකත් දමා කූරූ ගා ගෙන ලිප වසාගන්න.

😊දැන් රසම රස බෝංචි මැල්ලුම රස බලමූ......😋

ගංගා ...✍
#කමු රසට
(බෝංචි මිල අඩු වුනාම හදලා බලන්න )


මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Wednesday, February 1, 2023

207. වට්ටක්කා තෙලට සාදාගන්නා ආකාරය

වට්ටක්කා  තෙලට සාදාගන්නා ආකාරය 


අවශ්‍ය ද්‍රව්‍ය- 

රටලුනු ගෙඩි දෙකක් කපා ගත්
අමුමිරිස් කරල් දෙකක් කපා ගත්
කරපිංචා.රමිපා ටිකක් 
කැලි මිරිස් මෙිස හැදි 1
කහ කුඩු තේ හැදි 1/2
ගම්මිරිස් කුඩු තේහැදි 1
කුරුදු පොතු කැල්ලක්.එනසාල් කරල් 2
උමිබලකඩ කුඩු ස්වල්පයක් (තියේනම් පමනක්)
රස අනුව ලුනු
තෙල් මෙිස හැදි 2

සාදා ගන්නා ආකාරය:-

 කපා ගත්, රටලුණු, අමුමිරිස් කරපිංචා, රම්පා සියලු දේවල් ටිකක් ලොකු භාජනයකට දා ගෙන ඔබේ කැමත්ත අනුව කැලි මිරිස්, කහ, ගම්මිරිස් දා ගෙන රස අනුව ලුනුද දා ගෙන තියෙනවා නමි පමනක් උමිබලකඩ කුඩු ස්වල්පයක් එකතු කරන්න.

දැන් ඒසේරම දේවල් අතින් හොදට කවලම් කර ගන්න.

       පැන් එකක් අඩු ගින්දරේ ලිපේ තියා ගෙන එයට තෙල් මෙිස හැදි දෙකක් පමන දා ගෙන එය රත්වු පසු එයට කවලම් කරගත්ත 
රටලුණු ටික දා ගන්න.

 දැන් එයට කුරුදු කැල්ල සහ එනසාල් කරල් දෙකකත් දා ගෙන හොදට කවලම් කර ගෙන පියනකින් වහලා ලුණු ටික බැදෙන්න දෙන්න.

 තත්පර් දෙක තුනක් ගියාට පසු පියන ඇර හැන්දකින් කවලම් කර ගෙන ලුණු ටික බැදි ඇත්නම් රස අනුව ලුනු බලා කිුස්පියට බැදගත් වට්ටක්කා ටික එකතු කර ගෙන පොඩි නොවන්න කවලම් කර ගෙන නැවත රස අනුව ලුනු බලා තත්පර දෙකක් පමන ගිය පසු ලිපෙන් ඉවත් කර ගන්න.

දැන් ඉතා රසවත් අල වෙනුවට ආදේශ කර ගත් වට්ටක්කා තෙලට හදලා අවසන් ඉතිං

 හැදුවාම කියන්න බැහැ මෙි වට්ටක්කද කියලා ඒතරමි රසයි ඉතිං ඔයාලත් කැමති නම් මෙි දාලා තියෙන රෙසපියට හදලා ගෙදර අයත් එක්ක රස බලන්න ස්තුතියි

Dayangani peiris 

උපටාගැනිම -Garlic and Ginger
මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Monday, January 25, 2021

192. කතුරුමුරුංගා මල් ඔම්ලට් සාදාගන්නා ආකාරය

වස විස නැති කතුරුමුරුංගා මල් ඔම්ලට් 🍲 අ


වශ්‍ය වන්නේ, 🔖
 කතුරුමුරුංගා මල් කිහිපයක් 🔖
 බිත්තර 2ක් 🔖 
ලියාගත් බී ලූණු, අමුමිරිස් හා තක්කාලි 🔖 ගම්මිරිස් කුඩු ස්වල්පයක් 🔖
 කතුරුමුරුංගා කොල ටිකක් 🔖 
පදමට ලුනු

 හදන්නේ මෙහෙමයි, 🔖 
කතුරුමුරුංගා මල් හොඳින් ලුනු වතුරෙන් සෝදා වතුර බේරා මැද රේණු කොටස අයින් කරලා පෙති වෙන් කර ගන්න. කතුරුමුරුංගා කොල ටිකකුත් සෝදා ගන්න. 🔖

 බිත්තර භාජනයකට දාලා හොඳින් ගසාගෙන එයට පදමට ලුනු එකතු කර පසෙකින් තබා ගන්න. 🔖

 දැන් Nonstick පෑන් එකක් ලිපේ තියලා ඒකට බටර් හෝ තෙල් ස්වල්පයක් දාලා රත්කර එයට ගසාගත් බිත්තර ටික එකතු කරන්න. 🔖

 ඒක උඩින් ලියාගත් අමුමිරිස්, බී ලූණු, කතුරුමුරුංගා මල් හා කොල සමඟ තක්කාලි ටිකත් එකතු කර සාමාන්‍ය ඔම්ලට් හදන විදිහට ටික වේලාවක් ලිපේ තබා පරිස්සමෙන් අනිත් පැත්ත හරවා බැද ගන්න. 🔖 

අවසානයට ඔම්ලට් එක උඩට ගම්මිරිස් ඉසින්න. (අවශ්‍ය නම් මෙයට උම්බලකඩ එකතු කර ගන්න පුලුවන්)
මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Friday, December 11, 2020

190. කුකුල්මස් ස්ටූ සාදාගන්නා ආකාරය

කුකුල්මස් ස්ටූ සාදාගන්නා ආකාරය 



කුකුල් 1kg 
ලොකු ළූණූ ගෙඩි 5 
අමුමිරිස් කරල් 6 (මැදින් ඉරකින් වෙන් නොවන්න කපාගන්න ) 
කරපිංචා 
කුරුදුපොතු කෑල්ලක් 
 තලාගත් සුදුලූණූ බික් 20 
ගම්මිරිස් කුඩු මේස හැදි 3

 විනාකිරි මේස හැදි 2, 
අබ තේ හැදි 2 මේ දෙක එකට අඹරාගන්න.
 ( මන් ගත්තේ සුදු මිදි විනාකිරි ) 

සියඹලා ඇට 10ක් 
කහ,ලුනු එනසාල් 

සාදාගන්නා ආකාරය 
 කුකුල්මස් හොදින් සෝදා කහ ,ලුනු ,ගම්මිරිස් මේස හැදි 3 ,සියඹලා සහ වතුර දමා පැයක් තම්බගන්න වතුර හිදිලා ඉස්ම ගතිය එනකන්. ලූණූ රවුමට කපාගන්න .භාජනයකට තෙල් ටිකක් දමා රත් වූ පසු පලමුව තලාගත් සුදුලූණූ දමා බැදගන්න ,ඉන්පසු එයටම රවුමට කපාගත් ලූණූ දමා යන්තමින් බැදෙන විට ගම්මිරිස් මේස හැදි 1 කුරුදුපොතු කෑල්ලක් දමා කලවම් කරගෙන කුකුල්මස් ටික ඉස්ම එක්කම දමාගෙන කලවම් කර අමුමිරිස්, කරපිංචා, එනසාල් ,විනාකිරෙන් අඹරපු අබ එකතුකර රස අනුව ලුනු ස්වල්පයක් දමන්න.හරිම ලෙහෙසි හරිම රසයි .

මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Thursday, April 11, 2019

161. රසවත් කතුරුමුරුංගා බැදුමක් සාදාගන්නා ආකාරය srilanka cooking

කල්තබාගෙන රස විඳින්න පුලුවන් බැදුමක් තමයි මේ..

💐 පිරිසිදු කළ කතුරුමුරුංගා කොළ සෝදා වතුර බිදක් වත් නැතිවනතුරු අතුරා තබන්න.වතුර පිටින් එක්කරොත් බදිනා විට තෙල් විසි වෙනවා..

💐 වියළි හාල්මැස්සන් පිරිසිදු කර වතුර ඉවත්වනතුරු තබන්න.වියළි මිරිස්ද එසේම කරන්න.වියළි මිරිස් කැබලි 3කට කඩාගන්න.

💐 පපඩම් කුඩා කොටු ආකාරයට කපා පසෙකින් තබන්න.

💐 සියල්ලම ගැඹුරු තෙලේ බැදගන්න .කතුරුමුරුංගා කොළ හොදින් තෙල් බේරෙන තුරු තබාගන්න .ඉන්පසු කෑලි මිරිස් හා ලුණු කුඩු එක්කර මිශ්‍රකරගන්න.මිශ්‍රකරගන්නා විට කොළ පොඩි නොකර මිශ්‍රකරගන්න.
වීදුරු බෝතලයක දමා සුලං නොවදින අයුරින් තබන්න.වැඩි දින ගණනක් තබා ගන්නවා නම් ශීතකරණයේ තබන්න.
කෑමට ගන්නා විට තක්කාලි සෝස් මිශ්‍ර කරගත් විට රසවත්ය..

💐 රටකජු හෝ කජු,නූඩ්ල්ස් ද ගැඹුරු තෙලේ බැද මේබැදුමටම එක්කර ගත හැක.. 





මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Saturday, April 6, 2019

160. මාළු පාන් සාදාගන්නා ආකාරය srilankan cooking

මාළු පාන් සාදාගන්නා ආකාර


මලු බනිස් අවශ්‍ය දේවල්: (බනිස් 6කට)
යීස්ට් තේ හැදි 2
 සීනි තේ හැදි 2
 මද රස්නෙ වතුර පිටි 250 g
 බිත්තර කහ මද 1
 බටර් 70 g

 මද රස්නෙ වතුරෙ දියකරගත් කිරි පිටි තේ හැදි 3 (වතුර කප් කාලක් පමණ) ලුනු තේ හැදි කාලක් සාදාගන්නා ආකාරය: මුලින්ම සීනි හැදි 2ක් යීස්ට් මද රස්නෙ වතුරේ දියකර පිපෙන්න තියන්න,මිනිත්තු 10ක් පමණ. ඉන් පසු එයට කිරි පිටි සහ බටර් එකතු කරන්න. මම නම් Stand Mixer(with Dough Hook) එකේ තමය් ඇනුවේ. අතින් උනත් මේ විදිහට අනන්න පුලුවන්. දැන් බිත්තර කහමදේත් දාලා පිටි ටික ටික එක්කර අනාගන්න. හොද මෘදු ගතියට (Soft) ආවට පස්සෙ ලොකු භාජනේකට දාලා තෙත රෙද්දකින් වහලා පැයක් එකහමාරක් තියන්න. එවිට Dough එක (අනාගත්ත මිශ්‍රණය) දෙගුණ වෙලා තියේවි. දැන් ඒ Dough එක පිටි ඉසු ලෑල්ලක් මත තබා අතින් පොඩ්ඩක් අනලා සමාන බෝල හදාගන්න. දැන් ඒ බෝල තුනීකරලා හදාගත්ත පිරවුම මැදට තියලා ත්‍රිකෝණාකාර (Triangular) ආකාරයට නවාගන්න. දැන් බටර් ඇතිරපු තැටියක (පිපෙන්න ඉඩ ඇති) තියලා පිපෙන්න පැයක් තෙත රෙද්දෙන් වහලා තියන්න. පිපුනට පස්සෙ බිත්තර සාරු ටිකක් උඩින් ගාලා (Egg Wash) බේක් කරන්න 200°C විනාඩි 20ක් පමණ. පිරවුම සාදාගන්නා ආකාරය: බීලුණු අමුමිරිස් කරපිංචා සුදුලුණු තෙලට දාලා බැදෙනකොට සැමන් එක්කරන්න. ඉන්පසු තම්බා පොඩිකල අල එක්කරන්න. දැන් ලුනු, ගම්මිරිස් කුඩු කෑලිමිරිස් එක්කරන්න. බී-ලුණු වැඩියෙන් එක්කරන්න. කැමති නම් එළවලුත් එක්කරන්න.

මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Friday, March 8, 2019

157.  රසම රස නාන් රොටී හදමු

රසම රස නාන් රොටී හදමු 

දැන් ඔයාලට මේ කියලා දෙන්න යන්නෙ ඉන්දියන් කෑමක් හදාගන්න විදිහ. නාන් හදාගන්න විදිහ! මීට කලිනුත් ඉවුම් පිහුම් ඇප් එකේ නාන් හදන විදිහ කියලා දීලා තියෙනවා තමයි. නමුත් ඒ ලිපිය ඇප් එක හදපු මුල් කාලේ දාපු එකක් නිසා ඒකෙ කරුණු මේ ලිපියේ තරම් විස්තර කරලා නෑ. නාන් ගැන කිව්වොත් නාන් ප්‍රධාන වශයෙන් ඉන්දියාවේ බහුලව කෑමට ගන්න, ඒ වගේම පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය සහ බංගලාදේශය වැනි ආසියානු රටවලත් කෑමට ගන්න ටිකක් ජනප්‍රිය ආහාරයක්. ඉතින් ඔයාලට මේ කියලා දෙන්න යන්නෙ නාන් ලේසියෙන්ම හදාගන්න පුලුවන් ක්‍රමයක්. බොහොම පහසුවෙන් හදාගන්න පුලුවන් මේ නාන් කුඩා දරුවන් ඇතුළු ඔබේ පවුලේ සියළු දෙනාට ආහාරයට ගන්න පුළුවන්. ඕනෑම ආකාරයක හොදි වර්ගයක් සමඟ යසට ගැලපෙන මේ නාන් රොටි, ඕනෑම මස් වර්ගයක, මුහුදු ආහාර වර්ගයක හෝ එළවළු වර්ගයක හොදි සමඟ ආහාරයට ගන්න පුළුවන්. දවල් ආහාරයෙන් ඉතිරි වූ හොදි ඇත්නම්, රාත්‍රී ආහාරයට නාන් පිළියෙල කරගෙන ඒ සමඟ ඉතා පහසුවෙන් රසවිඳින්න පුළුවන්. බලන්නකෝ එහෙනම් හදන්නේ කොහොමද කියලා. 

අවශ්‍ය දේවල්: (රොටී 6ක් හදන්න) 
*පාන් පිටි කප් 2 
*මුදවාපු කිරි හෝ යෝගට් කප් 1/2 
*මඳ උණුසුම් වතුර කප් 1/2
 *ඇක්ටිව් යීස්ට් පැකට් 1 (7g පමණ)
 *සීනි තේ හැඳි 1
 *ලුණු තේ හැඳි 1/2
 *තෙල් මේස හැඳි 1 (පොල් තෙල් හෝ එළවළු තෙල්)
 *නාන් පුළුස්සාගන්නා තැටියට තැවරීමට බටර් හෝ තෙල් ස්වල්පයක්. 

 සාදාගන්නා ආකාරය: 

Aමුලින්ම පිටි ටික අනාගමු (පැයකට කලින්), මුලින්ම කුඩා භාජනයකට සීනි දමා, එයට වතුර සහ යීස්ට් පැකට්ටුව දමන්න. ඊට පස්සෙ ඒ මිශ්‍රණය කලවම් කරලා පෙණ දමා යීස්ට් සක්‍රීය වන තෙක් විනාඩි 10ක් පැත්තකින් තිබෙන්න හරින්න. ඊට පස්සෙ තරමක් ලොකු භාජනයකට පිටි, ලුණු, තෙල් සහ යෝගට් දමාගන්න. දැන් සක්‍රීය වූ යීස්ට් මිශ්‍රණය ඒකට එකතු කරන්න ඕනෙ. ඊට පස්සෙ සුමුදු පිටි බෝලයක් ලැබෙන සේ විනාඩි කිහිපයක් හොඳින් මිශ්‍රණය අනාගන්න. දැන් අන්තිමට ප්ලාස්ටික් රැප් එකකින් හෝ තෙත රෙදි කඩකින් ආවරණය කර උණුසුම් ස්ථානයක පැයක් පමණ පිපෙන්න තබන්න. ඔන්න පිටි ටික හරි! දැන් එහෙනම් හදමු නාන් ටික, පැයක් ගියාට පස්සෙ, පිටි ස්වල්පයක් අතුරා ගත් මේසයක් මත පිටි බෝලය (ප්‍රමාණයෙන් වැඩිවී තිබිය යුතුයි) තබා එය දිගටි හැඩයකට සකසා ගන්න. ඊට පස්සෙ ඒක සමාන කොටස් 6 කට කඩාගන්න. ඊට පස්සෙ එම කොටස් කුඩා පිටි බෝල 6ක් වන සේ බෝල කරගන්න. දැන් ඒ බෝල එකිනෙක රෝලින් පින් එකක් භාවිතා කර රොටියක් වගේ තුනී කරගන්න ඕනෙ. හරි! දැන් බටර් හෝ තෙල් තැවරූ තැටියක් ලිපේ තියලා මධ්‍යම ප්‍රමාණයට රත් කරගන්න. දැන් කරන්න තියෙන්නෙ ඒ තැටියට නාන් රොටිය දාලා බුබුළු මතුවන තෙක් විනාඩි 2ක් පමණ එක් පැත්තක් පුළුස්සගෙන, ඊට පස්සෙ අනෙක් පැත්ත හරවලා තවත් විනාඩියක් පමණ හොඳින් පුළුස්සා ගන්න එක. මේ විදිහටම අනෙක් නාන් රොටි 5ත් පිළියෙල කරගන්න ඕනෙ. ඊට පස්සෙ හදාගත්ත නාන් රොටි මතට දියවුණු බටර් අතුරා, කොත්තමල්ලි කොළ වැනි යමක් උඩින් ඉස උණු උණුවේ ගෙදර අයට පිළිගන්වන්න ඔයාලට පුලුවන්. වැඩේ ඉවරයි! ඔච්චරයි! හදලා බලන්නකෝ එක පාරක්! මේවාගේ පෙනුමත් එක්ක හොද සුවඳකුත් තියෙන හින්දා දැක්කහම කටට කෙළ උනනවා. ඒ වගේම රසයි!  

මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Tuesday, March 5, 2019

156. රසම රස එළවළු චොප්සි සාදාගන්නා ආකාරය

රසම රස එළවළු චොප්සි හදමු 

හැමෝම වගේ අපෙන් අහලා තිබ්බා රසට එළවළු චොප්සි හදාගන්නේ කොහොමද කියලා. ගෙදර අය පුදුම කරන්නත් එක්ක අදම හදලා රස වෙනසක් කරන්න

. අවශ්‍ය ද්‍රව්‍ය මෙන්න – 
කොටු හැඩයට කපාගත් කැරට් ග්‍රෑම් 100, 
කොටු හැඩයට කපාගත් අල ග්‍රෑම් 100, 
කුඩා කැබලි වලට කපාගත් බෝංචි ග්‍රෑම් 100, කපාගත් බේබි කෝන් ග්‍රෑම් 25 ක්, 
කොටු හැඩයට කපාගත් පිපිඤ්ඤා ග්‍රෑම් 25 ක්,
 රතු සහ කොල බෙල් පෙපර් කැබලි කීපයක්, 
තලාගත් ඉගුරු සහ සුදු ළූණු, 
ඔයිස්ටර් සෝස් තේ හැඳි 1 ක්, 
කෝන්පිටි තේ හැඳි 2 ක්. 

 සාදන ක්‍රමය – 
වතුර ටිකක් ලිප තබා උතුරන විට ලුණු ස්වල්පයක් හා සීනි ස්වල්පයක් දමන්න. එයට කොටු කපාගත් කැරට්, අල හා බෝංචි දමා වතුර හොදින් නටන විට එළවළු කැබලි ටික පෙරා වතුර වෙනමත් එළවළු වෙනමත් තබා ගන්න. තෙල් ටිකක් ලිපතබා රත්වන විට තලාගත් ඉගුරු සුදු ළූණු දමා තෙම්පරාදු කරන්න. කලින් පෙරා තබාගත් වතුර වලින් කීපයක් මෙයට එකතු කරන්න. එයට සීනි මේස හැදි 1 ක් දමා හැදි ගාන්න. ඉන්පසු ඔයිස්ටර් සෝස් දමා එය කැටි නොගැසෙන පරිදි හොදින් දියවනතුරු හැදි ගාන්න. කෝන්පිටි මේස හැදි දෙකක් ඇල්වතුර ස්වල්පයක දියකර එයද ලිප ඇති භාජනයට ටික ටික එකතු කරමින් හැදි ගාන්න. එවිට උකු මිශ්‍රණයක් ලැබේවි. දැන් මෙම මිශ්‍රණයට තම්බා නොගත් පිපිඤ්ඤා, බෙල් පෙපර්, බේබි කෝන්, දමා විනාඩියක් පමණ තැම්බෙන්නට හැර මුලින් තම්බාගත් කැරට්, බෝංචි එකතු කරන්න. කැමති නම් ගම්මිරිස් ස්වල්පයක් ද ඉසින්න. මිශ්‍රණය පදමට එනවිට ලිපෙන් බාගන්න. තවත් අයෙකුට බලන්න මේ ලිපිය ශෙයා කරන්නත් අමතක කරන්න එපා!  

මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

154. දියබතක් සාදාගන්නා ආකාරය

දියබත් සාදාගන්නා ආකාරය 


අවශ්ය දේ
 රැයක් වතුරෙන් පොගවා ගත් බත් 
සිහින්ව කපා ගත් රතුලූනු 
සිහින්ව කපා ගත් අමු මිරිස්
 සිහින්ව කපා ගත් තක්කාලි කෑල්ලක් ( අවශ්‍යම නෑ ) 
සිහින්ව ගා ගත් උම්බලකඩ 
උකු පොල් කිරි 
රස අනුව ලුනු සහ දෙහි ඉස්ම 

සාදන ආකාරය 

ගොඩක් වෙලාවට රෑට ඉතිරි වුනු බත් වලින් තමයි උදේට කන්න දියබත් හදන්නෙ. ඒ ඉතිරි වුනු බත් එක වැහෙන්නම වතුර දාල තියන්න රැයක්. ඊට පස්සෙ උදේට ඒ වතුර ටික පෙරා ගෙන අයින් කරල බත් ටික විතරක් බාජනයක දාන්න. එයට කපා ගත් රතුලූනු,අමු මිරිස්, තක්කාලි,උම්බලකඩ දාන්න. එයට රස අනුව ලුනු සහ දෙහි ඉස්ම එකතු කර උකු පොල් කිරි දමා හැන්දකින් කලවම් කරන්න. ඉතාම රසවත් උදෑසන ආහාරයක්

මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Featured Post

246. හැමතැනම නැති මිල අධික ගාලික් බෙඩ් සාදාගන්නා ආකාරය

හැමතැනම  නැති මිල අධික ගාලික් බෙඩ් සාදාගන්නා ආකාරය  අවශ්‍ය  ද්‍රව්‍ය පාන් පෙති 08 බටර් (ලුණු රහිත )100g ගා ගත් සුදුලූණු මේස හැඳි 1- 1/2 ලුණු...