Friday, August 23, 2024

239. මස්කට් සාදාගන්නා ආකාරය

මස්කට් සාදාගන්නා ආකාරය 


අවශ්‍ය ද්‍රව්‍ය

*໑໑ 88 (corn flour)

*ඉරිගු පිටි දිය කිරීමට වතුර 130ml

*සීනී 300g

*සීනී දිය කිරිමට වතුර 250ml

*දෙහි මේස හැන්දක්

*අවශ්‍ය නම් කැමති පාටක්, රසකාරක

*බටර් මේස හැදි 2

මුලින් ම ඉරිගු පිටි වතුර 130ml දිය කරගන්න.දැන් පෑන් එකට සීනී හා සීනී දිය කිරීමට තැබූ වතුර 300ml,දෙහි යුෂ මේස හැන්ද එකතු කර සීනී ටික දිය වෙනතුරු කවලම් කරගන්න (කැරමල් කිරීමට අවශ්‍ය නෑ)

හොදින් දියවූ සීනී මිශ්‍රණයට දිය කරගත්ත ඉරිගු පිටි මිශ්‍රණය එක් කරගන්න. (මෙය ඉක්මනින් ඝන වෙනවා )

තරමක් ඝන වූ විට , ලුණු,කැමති පාටක්, රසකාරක එක් කරගන්න.

තබාගත් බටර් ටික ටික මිශ්‍රණයට එක් කරගන්න.වි.25-30ක් වගේ යද්දී මිශ්‍රණය එක ගුලියට එනවා. දැන් බටර් ගාගත්ත තැටියක මිශ්‍රණය තුනී කර නිවෙන්නට තබා කෑලී කපා ගන්න

දැන් පුළුවන් හදාගත්ත මස්කට් ටික අමුත්තනට පිළිගන්වන්න .... 

උපුටාගැනීමකි
මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Featured Post

239. මස්කට් සාදාගන්නා ආකාරය

මස්කට් සාදාගන්නා ආකාරය  අවශ්‍ය ද්‍රව්‍ය *໑໑ 88 (corn flour) *ඉරිගු පිටි දිය කිරීමට වතුර 130ml *සීනී 300g *සීනී දිය කිරිමට වතුර 250ml *දෙහි ම...