Friday, September 18, 2015

18. මාළු කිරට සාදාගන්නා ආකාරය

මාළු කිරට සාදාගන්නා ආකාරය 
♯♯ මාළු කිරට|MAALU KIRATA ♯♯

අවශ්‍ය ද්‍රව්‍ය:-

♯ මාළු ග්‍රෑම් 500 යි
♯ ගම්මිරිස් කුඩු තේ හැඳි 1 1/2 යි
♯ තුනපහ කුඩු තේ හැඳි 2 යි
♯ කහ ස්වල්පයක්
♯ සුදු ළූණු බික් 3 යි
♯ අමු ඉඟුරු කැබැල්ලක්
♯ අමු මිරිස් කරල් 3 යි
♯ ගොරකා කැබැල්ලක්
♯ රතු ළූණු ගෙඩි 5 යි
♯ රම්පෙ, කරපිංචා
♯ කුරුඳු පොත්තක්
♯ පොල් කිරි කෝප්ප 1 යි
♯ අබ ස්වල්පයක්
♯ ලුණු අවශ්‍ය පමණ



සාදන ක්‍රමය:-

කපා සෝදා ගත් මාළු බඳුනකට දමන්න. ඉඟුරු, සුදු ළූණු අඹරා එයටම දමන්න. කිරි හැර අනෙකුත් ද්‍රව්‍ය මාළු සමග එයට දමන්න. සියල්ල හොඳින් කලවම් කර අතගා තබන්න.
ලුණු ඇඹුල් ඇල්ලූ පසු මිටිකිරිද දමා කලවම් කරන්න. ඉන්පසු තෙම්පරාදුවට අවශ්‍ය දෑ ළිප තබා අබ ඇට ටිකද දමා අබ පුපුරන විට මාළු මිශ්‍රණය එයට දමා පියන වසා මදගින්නේ උයන්න. වරින් වර සොලවමින් උයාගන්න.
(මාළු කැබලි වීමට ඉඩ ඇති හෙයින් වැඩිය හැදි ගාන්න එපා. ඒ වෙනුවට වලඳ වරින් වර සොලවමින් උයාගන්න.)

Amila & Hashi


තව කෙනෙකුට කියවන්න Share කරන්න

Featured Post

239. මස්කට් සාදාගන්නා ආකාරය

මස්කට් සාදාගන්නා ආකාරය  අවශ්‍ය ද්‍රව්‍ය *໑໑ 88 (corn flour) *ඉරිගු පිටි දිය කිරීමට වතුර 130ml *සීනී 300g *සීනී දිය කිරිමට වතුර 250ml *දෙහි ම...