Showing posts with label කැම පොත. Show all posts
Showing posts with label කැම පොත. Show all posts

Sunday, January 19, 2025

243.පපඩම් සාදාගන්නා ආකාරය

පපඩම් (Papadam).  


(සාමාන්‍ය ප්‍රමානයේ පපඩම් 50 ක් සඳහා )
350g පමණ )
අවශ්‍ය ද්‍රව්‍ය :

උඳු පිටි 200g
පාන් පිටි 100g
ලුණු 20g
පොල් තෙල් 10g
ආප්ප සෝඩා 10g
උතුරන වතුර 150ml
බැදගත් හාල් පිටි 25g

සාදන ක්‍රමය :

උතුරන වතුර එකට ආප්පසෝඩා දමා දිය කරන්න .
රොඩු ඇත්නම් පෙරන්න 

පාන්පිටි සහ උඳු පිටි එකට මිශ්‍ර කර තුන් වරක් හලන්න .

මෙම පිටි වලට ලුණු සහ ආප්පසෝඩා මිශ්‍රනය ටික ටික එක්කර මින් මෝලිය සාදාගන්න .
තරමක් තදට හදා ගත් මෝලියට තෙල් එක්කරමින් හොඳින් අනන්න.

ඉන්පසු වංගෙඩියක දමා පැය 1/2 පමණ හොඳින් කොටන්න. ( විකල්පයක් ලෙස පාන් මෝලිය අල්ලන ආකාරයට , ඇදෙන සුලු තත්වයට එනතුරු අත් ගසන්න )

පදම් කල මෝලියෙන් සමාන කොටස් කඩා , අත්ලෙන් තෙරපා පැතලි කර , බැදගත් හාල් පිටි තවරමින් එක උඩ එක තබා තුනී කරන්න.
හෝ කැමති ආකාරයකට තුනී කර කටරයකින් හැඩ තල කපා ගන්න. තුනී වූ තරමට ලාබදායි වේ

(ලෑල්ලට හා රෝලිං පින් එකට තෙල් ටිකක් ආලේප කර ඇලීම වලක්වා ගන්න)

ඉන්පසු ලෑල්ලක අතුරා මද පවනේ දෙපැත්ත පෙරලමින් පැයක් පමණ වේලාගන්න.

80* c උෂ්නත්වය ට අවන් එකේ වේලෙන්න පුලුවනි.

පසුව තැවරී ඇති වැඩිපුර පිටි ඉවත් කර ඇසුරුම් කරන්න .

අවුරුද්දක් පමණ තබා ගත හැක.

*** මසාල පපඩම් සදහා :
 රත් කරගත්, සූදුරු , සිහින්ව ලියා ගත් කරපිංචා , කෑලි මිරිස් , පදම් කල මෝලියට එක් කරගත හැක.

Recipe by Seetha ponnamperuma 

උ.ගැ.
මුල් හිමිකරුට ස්තූතියි 🙏🙏
මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Friday, November 15, 2024

241. කුකුල්මස් බැදල කළුවට සාදාගන්නා ආකාරය

කුකුල්මස් බැදල කළුවට උයල.


මෙහෙම හදල හරිම රසයි.වෙනසකටත් එක්ක හදල බලන්න..

අවශ්‍ය දෑ-

*චිකන් 500-600g
*බැදපු තුනපහ කුඩු තේ හැඳි 2ක්
*ගම්මිරිස් කුඩු තේ හැඳි4 ක්
*මිරිස් කුඩු තේ හැඳි 3 ක්
*කහ පිංචක්
*කපාගත් ළූනු ගෙඩියක්
*තලාගත් ඉඟුරු සුදුළූනු මේස හැන්දක්
*‍රම්පා කරපිංචා 
*තක්කලි ගෙඩි 2ක්
*සියඹලා මද දෙකක් පමණ
*අවශ්‍ය තරමට ලුණු
*කුරුඳු පොත්තක්
*තලාගත් කරදමුංගු හා කරාබුනැටි
*පොල් තෙල්

-----------------------------------------------------------------

**කුකුළ්මස් ටික සෝදා වතුර බේරෙන්න තබන්න.
හොඳින් වතුර බේරුනු පසු,ලුණු හා කහ ස්වල්පයක් දමා මිශ්‍රකර ගැඹුරු තෙලේ රන්වන් පැහැ වනතෙක් බැදගන්න.

**මැටි බඳුනක් ගෙන කුකුල්මස් බැදගත් තෙලින්ම තෙල් ස්වල්පයක් එක්කරන්න.එය රත්වන විට ඉඟුරු,සුදුළූනි,කරදමුංගු,කරාබුනැටි,රම්ප,කරපිංචා,කුරුඳු පොත්ත එක්කරන්න.

**විනාඩියක් පමණ බැදෙන්නට හැර කපාගත් තක්කලි හා ළූනු එක්කරන්න.(දෙකම බ්ලෙන්ඩර් කර පේස්ට් එකක් අයුරින් ගත්තානම් වඩාත් හොඳයි)

**තක්කලි හොඳින් මැලවුනු පසු එයට තුනපහ,මිරිස්,ගම්මිරිස් එක්කරන්න.එයත් විනාඩියක් පමණ මිශ්‍ර කර බැදගත් කුකුල්මස් එක්කරන්න.මිශ්‍ර කරන්න.

**කුකුල්මස් වැසී නොයන සේ වතුර එක්කරන්න.අවශ්‍ය නම් පොල් කිරි එක්කරගත හැක.නමුත් තෙල් හා පොල් කිරි දෙකම යොදා මස් ඉවීම එතරම් සුදුසු නැහැ.නමුත් කිරි එක්කරොත් රස වැඩී.

**අවශ්‍ය තරමට ලුණු හා සියඹලා එක්කරන්න.කලින් මස්වල ලුණුත් ඇති නිසා ලුණු එක්කිරීමේදි සැළකිලිමත් වන්න.පියනකින් වසා තබන්න..යන්තමින් ඉස්ම ගතිය තිබියදි ලිපෙන් බාගන්න..

බත්,රොටි,පාන්,නාන් කෑමට වඩාත් සුදුසුයි.
අවශ්‍ය නම් ලිපෙන් බෑමට පෙර කපාගත් මාළුමිරිස් එක්කරන්න.(කුළුබඩු ඔබට අවශ්‍ය පමණින් අඩුවැඩි කරගන්න)
මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Wednesday, July 3, 2024

230. කොහිල සිනි සම්බෝල සාදාගන්නා ආකාරය



අවශ්‍ය ද්‍රව්‍ය :-
හීනියට ලියාගත් කොහිල කෝප්ප 2
කරපිංචා ස්වල්පයක්
කපාගත් අමුමිරිස් කරල් 2
සීනි තේහැඳි 2
කූනිස්සන් ස්වල්පයක්
උම්බලකඩ ස්වල්පයක්
ලියාගත් ළූණු ගෙඩි 2
කෑලිමිරිස් තේහැඳි 2
දෙහි යුෂ ස්වල්පයක්
බැදීමට තෙල්
අවශ්‍ය නම් කජු

කපාගත් කොහිල ටික ගැඹුරු තෙලේ බැදගන්න.
ළූණු ටිකත් රන්වන්පාට වෙනකල් බැදගන්න.
කරපිංචා හා අමුමිරිස් තෙලට පොඩ්ඩක් දාලා ගන්න.
වෙනම පෑන් එකක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා රත්වෙනකොට කූනිස්සො හා කෑලිමිරිස් ටික දාගන්න.
මේටික ටිකක් බැදුනම බැදගත් සියල්ලම දාලා කලවම් කරලා රස අනුව ලුණු හා සීනි දාගන්න.
උම්බලකඩ ටිකත් දාලා කලවම් කරලා ලිපෙන් බාලා දෙහි යුෂ එකතු කරන්න.

*****************************************************************************************************

මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Wednesday, May 22, 2024

229. .ලබු කිරිබත් සාදාගන්නා ආකාරය

අහලා තිබ්බට කාල නැති ලබු කිරිබත්🤤🍐| 
මේක හදාගන්න හරිම ලේසි! ඒවගේම ගොඩාක් රසයි!


රෙසපි එක💛
හාල් රයිස් කුකුර් කප් එකෙන් 2 1/2(හුන්ඩු ගන්නවා නම් 2ක් විතර)
සමාන්‍ය ප්‍රමාණයේ ලබු ගෙඩියක් 
වතුර කප් 4ක් (මේක ඔයාලා ගන්න හාල් වර්ගය අනුව වෙනස් වෙනවා... මම ගත්තේ බාස්මති හාල්)
උකු පොල් කිරි කෝප්ප 2ක්
ලුනු අවශ්‍ය ප්‍රමාණයට(මට ලුනු තේහැඳි 1 1/2 ක් වගේ ඕන උනා)
සාදන ක්‍රමය💛
-මුලින්ම ලබු ගෙඩිය හොදින් හෝදගෙන ඒක පොත්ත ඉවත් කරගෙන පොඩි කෑලි වලට කපාගන්න. 
-ඊට පස්සේ හාල් ටික අරගෙන ඒක හොඳින් පිරිසිදු කරගෙන බාජනයකට දාලා වතුර දලා හොඳින් තම්බගන්න. මිනිත්තු 15-20 ක් වගේ පියනින් වහලා ගින්දර අඩු වැඩි කරමින් මේක තම්බගන්න. 
-ඊට පස්සේ උකු පොල් කිරි එකට ලුනු ටික එකතු කරගෙන හොදින් කලවම් කරගෙන 
-ඊට පස්සේ අපි පොඩියට කපාගත්තු ලබු කෑලි ටික සහ උකු පොල් කිරි ටික එකතු කරගෙන පියනින් වහලා හොදින් ලබු කෑලි ටික තැම්බෙනකම් සහ උකු පොල් කිරි ටික හිදෙනකම් පියනින් වහලා උයාගන්න. මේ වේලාවදි ලුනු බලන්න මදිනම් එකතු කරගන්න💛
ඉතින් මේ රසම රස කිරිබත් එක හදලා නැත්නම් හදලා බලන්න ගොඩාක් රසයි🥹💚සහ හරිම ලේසි මේක ඔයාලට හදාගන්න💚 හැදුවොත් මටත් රස කියන්න😍
Here’s the recipe💛
Ingredients:
- 2 1/2 cups of Basmati rice
- 4 cups of water
- 2 cups of thick coconut milk
- 1 1/2 teaspoons of salt
- 1 medium-sized bottle gourd, peeled and cut into small cubes
Instructions:
1. Begin by cleaning the bottle gourd, peeling its skin, and cutting it into small, cubed chunks.
2. Rinse the Basmati rice thoroughly under cold water until it runs clear.
3. In a large pot, combine the rinsed rice and water. Cover the pot, bring it to a boil, then reduce the heat to medium and simmer until the rice is tender and has absorbed most of the water (approximately 15-20 minutes).
4. While the rice cooks, mix salt into the thick coconut milk.
5. Once the rice is cooked, add the bottle gourd chunks and the salted coconut milk to the pot.
6. Stir well and let it simmer on low heat until the coconut milk is absorbed, resulting in a creamy texture.
7. Taste and adjust salt if necessary.
8. Remove the pot from heat and let it sit for a few minutes.
9. Transfer the milk rice to a flat dish, spreading it evenly.
10. Allow it to cool before cutting it into square or diamond-shaped pieces.

Serve the milk rice with your preferred accompaniments, such as Sri Lankan Chili Paste (lunumiris) or a banana. Enjoy the delicious flavors of authentic Sri Lankan milk rice with bottle gourd🤤!
උපටාගැනිමක් 
Amila & Hashi
මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Wednesday, May 8, 2024

227. ගල් මස්කට් සාදාගන්නා ආකාරය

ගල් මස්කට් සාදාගන්නා ආකාරය


පාන් පිටි 100g
දුඹුරු සීනී 200g
උකු පොල් කිරි 400ml
රටඉදි 100g
ලුණු තේ හැදි 1/2
වැනිලා තේ හැදි 1

All purpose flour 100g
Coconut milk 400ml
Brown sugar 200g
Dates 100g
Salt tsp 1/2
Vnila tsp 1

මුලින්ම රටඉදි වල ඇට ඉවත්කර ඒවා කුඩාවට කපාගෙන භාජනයකට දමා ඒවා වැහෙන ගානට වතුර එකතු කර විනාඩි 10ක් පමණ පෙඟෙන්න තබන්න. 

ඉන්පසු පෑන් එකකට සීනි මේස හැදි 1ක් එකතුකර එම සීන් ටික කළු කරගත යුතුය. 

පසුව පොල් කිරි ටිකෙන් ටික එකතු කරගත යුතුය. ඉන්පසු දුඹුරු සීනී එයට එකතු කර හොඳින් දියකර කරගන්න.
සීනී දියවූ පසු පිළිවෙලින් ලුණු හා වැනිලා එකතු කරන්න.

ඉන්පසු වතුර ඉවත් කරගත් රටඉදි එකතුකර නොනවත්වා හැඳිගාමින් එය විනාඩි 2-3 කාලයක් තැම්බෙන්න හරින්න. 

ඉන්පසු පාන්පිටි එයට එකතු කරමින් කැට නැතිවනතුරු විනාඩි 5ක් පමණ හොඳින් කලවම් කරගන්න. මේ වෙලාවේ ලිපේ ගින්දර සාමාන්‍ය ගානෙන් තිබිය යුතුය. 

ගුලියක් ආකාරයට එය සැකසුණු පසු ළිපෙන් ඉවත් කර බේකින් ට්‍රේ එකට දාන්න.

දැන් එය අපට අවශ්‍ය ගානට හොඳින් තුනී කර 190°C උෂ්ණත්වයේ විනාඩි 30-35ක් අවන් එකේ තැබිය යුතුය. 

ඉන්පසු විනාඩි 10ක පමණ කාලයක් නිවෙන්නට තබා කෑලි කපා ආහාරයට ගත හැක. ❤️

-අපේ ගෙදර- 

ජායාරූපය අන්තර්ජාලයෙන්
Ami & Hashi
මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Friday, May 3, 2024

225. අල පූරි සාදාගන්නා ආකාරය




අවශ්‍ය දේවල්:........

🥔තම්බපු අල ගෙඩි 2 (150g)

🥔පාන් පිටි 150g, අටා පිටිත් ගන්න පුළුවන් 

🥔හීනියට කපා ගත්තු කරපිංචා ටිකක්

🥔කහ කුඩු තේ හැදි කාලක්

🥔මිරිස් කුඩු තේ හැදි කාලක්

🥔වතුර 50ml

🥔රස අනුව ලුනු ටිකක්

🥔ගැබුරු තෙලේ බැද ගන්න තෙල් ටිකක්

සාදාගන්නා ආකරය:

🍎මුලින්ම භාජනයක් අරගෙන එ්කට තම්බපු අල ටික දාලා අතින් හොදට පොඩි කරගන්න.

🍎ඊට පස්සෙ ඒකට පාන් පිටි, කහ කුඩු, මිරිස් කුඩු, කරපිංචා සහ ලුනු කුඩු ටිකක් දාගෙන හොදට කවලම් කරගන්න.

🍎ඊට පස්සෙ වතුර ටික ටික දාගෙන පිටි ගුලිය හදාගන්න. ඊට පස්සේ ඒකට තෙල් ටිකක් අතගාල (අතේ නොඇලෙන පදමට විතරක්) පැය භාගයක් විතර පැත්තකින් වහලා තියලා තියන්න.

🍎හරි දැන් තියෙන්නෙ පොඩි පිටි ගුලි හද හදා ලෑල්ලක් උඩ තියල තුනී කරගන්න.

🍎ඊට පස්සෙ.ගැඹුරු තෙලේ බැදගන්න. (තුනී කරගන්න කලින් තෙල් ටිකක් ලෑල්ලෙත් ගා ගන්න).

🍎ඊට පස්සෙ ඉතින් උණු උණුවෙන්ම කන්න තමයි තියෙන්නෙ. මේක කන්න ගොඩාක්ම ගැලපෙන්නෙ බ්ලෙන්ඩ් කරගත්තු පොල් සම්බෝලයක් එහෙමත් නැත්තම් තෝසෙ කන කොල පාට සම්බෝලයක් එහෙම නැත්නම් රතුපාට හදා ගත්ත චිකන් කරියක් මරු....

වෙල්ලාසේ කටගැස්ම.....

මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Thursday, March 14, 2024

221. කිරිබත් කන්න ඉකන් බිලිස් හදමු

ඉකන් බිලිස් හදමු


කිරිබත් කන්න අපි හදන්නෙ ලුණුමිරිසක් නැත්නම් අපි සාමාන්‍යන් හදන්නේ කට්ට සම්බෝලයක් නැත්නම් සීනි සම්බෝලයක්නේ. ඔන්න අද ගෙනාවෙ රසම රස වෙනස් කෑමක්. මේක මැලේෂියාවෙ ප්‍රසිද්ධ කෑමක්. හදන ක්‍රම නම් කීපයක්ම තියෙනව. ලේසියෙන් හදාගන්න පුළුවන් ක්‍රමයක් තමා මේ ගෙනාවෙ.

 ඉකන් බිලිස්

අවශ්‍ය ද්‍රව්‍ය :-

 හාල්මැස්සන් ග්‍රෑම් 100

කපාගත් ළූණු ගෙඩි 2

සෝයාසෝස් මේස හැඳි 1

සීනි මේස හැඳි 1

කඩාගත් වියලි මිරිස් කරල් 3-4ක්

සියඹලා යුෂ ස්වල්පයක්

සාදන ක්‍රමය :-
 
පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට හාල්මැස්සන් ටික දාලා බැදගන්න.

ඒ ටික අයින් කරලා ඒ පෑන් එකටම ලියාගත් ළූණු දාලා රන්වන් පාට වෙනකල් බැදගන්න. ඊළඟට චොප්කරගත් අමුමිරිස් දාලා බැදගන්න.

මේකට සෝයාසෝස්, සීනි එකතු කරන්න. ලුණු අවශ්‍ය නම් දාගන්න. සියඹලා යුෂ ටිකත් එකතු කරන්න. අන්තිමට බැදගත් හාල්මැස්සන් එකතු කරලා ලිපෙන් බාගන්න.

බ්ලෙන්ඩර් එකට දාල පොඩ්ඩක් බ්ලෙන්ඩ් කරගන්න.
අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදි .
මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Friday, January 19, 2024

219. බෝංචි මැල්ලුමක් සාදාගන්නා ආකාරය

බෝංචි මැල්ලුම.....✨️✨️✨️✨️


(බෝංචි මිල අඩු වුනාම හදලා බලන්න )

අවශ්‍ය 👇

✨️බෝංචි 
✨️කහ
✨️ලුනුකුඩු 
✨️පොල් 
✨️ගම්මිරිස් 
✨️සුදුලූනූ 
✨️රතුලූනු 
✨️උම්බලකඩ 
✨️කරපින්චා 
✨️අමුමිරිස් 
✨️තෙල් 
✨️අබ 

හදමු 👇

😊බෝංචි ටික සෝදා සිහින්ව කපා ගෙන බාජනයකට දමා ලුණු කුඩු ස්වල්පයක් සහ වතුර ස්වල්පයක් දමා මද ගින්නේ පිසගෙන ලිප වසාගෙන.

😊සිහින්ව ගාගත් පොල්,ලුණු ,කහ,ගම්මිරිස් ,සුදුලූනූ බික් එකක්,අමුමිරිස් කරලක්  වංගෙඩියට දමා හොදින් කොටාගන්න.

😊බදුනක් ලිප තබා එයට තෙල් ස්වල්පයක් දමා රත්වෙන විට අබ ඇට ස්වල්පයක් ,ලියාගත් රතුලූනු ,කරපින්චා ,උම්බලකඩ,දමා කලවම් කර කොටා ගත් පොල් මිශ්‍රණය දමා කලවම් කර එයටම බෝංචි ටිකත් දමා කූරූ ගා ගෙන ලිප වසාගන්න.

😊දැන් රසම රස බෝංචි මැල්ලුම රස බලමූ......😋

ගංගා ...✍
#කමු රසට
(බෝංචි මිල අඩු වුනාම හදලා බලන්න )


මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Tuesday, January 2, 2024

218. තල අලුවා සාදාගන්නා ආකාරය

🍁 රසම රස තල දාපු අලුවා හදමුද.? 🍁

```````````````````` M&m kitchen🍽️...✍️ ´´´´´´´´´´´´´´´´´´´´


🧇🧇🧇🧇🧇🧇🧇🧇

♨️♨️ තල අලුවා රෙසිපිය -

🔥 අවශ්‍ය ද්‍රව්‍ය :

* සුදු හාල් පිටි 500g
* සෝදා වේලාගත් තල ඇට 250g
* සුදු සීනි 500g
* රස අනුව ලුණු කුඩු 
* කුඩු කරගත් එනසාල් ඇට 2 ක් ( කැමතිනම් )
* වතුර

🔥 සාදන ආකාරය :

🥣 මුලින්ම හාල් පිටි ටික ගොඩාක් රන්වන් පාට නැතිව බැදී පිටි සුවද එන තෙක් බැදගන්න.

🥣 ඊලගට අලුවා කැපීමට සුදුසු තැටියක් හෝ ලෑල්ලක් සූදානම් කර බැදපු හාල් පිටි ටිකක් ඒ මතට ඉස පසෙකින් තබාගන්න. තවත් පිටි ස්වල්පයක් අලුවා කැපූ පසු ඒවායෙහි තැවරීමට ඉවත් කර ගන්න.

🥣 ඊලගට තල ටික අඩුම ගින්දරේ සුවද එනතුරු බැදගන්න.

🥣 දැන් සීනි ටික තාච්චියකට දමා සීනි වැහෙන ප්‍රමාණයට ටිකක් වැඩියෙන් වතුර දමා මද ගින්දරේ සීනි ටික හොදින් උණු කරන්න. 

🥣 රස අනුව ලුණු එකතු කර ගන්න.

🥣 සීනි ටික බුබුළු දාලා නූල් ඇදෙන පදමට ආ පසු ලිප නිවා පැණි ටික මදක් නිවෙන්න තබන්න. 

🥣 පැණි වල නූල ඇදෙන පදම බලාගන්න පුලුවන් හැන්දෙන් පැණි වත්කරද්දී අන්තිම බිංදුව නූලක් තරමට ඇදිලා වැටෙනවනම්. නැත්නම් පැණි බිංදුවක් ඇගිල්ලකට අරන් අල්ලද්දී නූලක් වගේ ඇදෙනවනම් ඒත් හරි. ඕනිවට වඩා පැණි උණු කරන්නත් එපා. බාගෙට උණු කරන්නත් එපා. 

🥣පැණි එකෙන් මේස හැඳි කිහිපයක් වෙනත් බදුනකට ඉවත් කරන්න ඕනි වුණොත් පසුව ගන්න.

🥣 ඊලගට බැදපු තල ටික පැණි එකට දාලා හොදින් කලවම් කරන්න. 

🥣 දැන් බැදගත් පිටි ටික ටික දමමින් පත්තකින් අත ඉක්මන් කර හොදට කලවම් කරගන්න.

🥣 දැන් අලුවා මිශ්‍රණය එක ගුලියක් වගේ එද්දී සූදානම් කර තැබූ තැටියට දාගෙන ඉක්මණින් තුනී කරගන්න.

🥣 ඊලගට රස්නෙ පිටින්ම අලුවා කෑලි කපාගෙන හොදින් නිමුණු පසු අලුවා කෑලි වෙන්කර මුලින් ඉවත් කර ගෙන තිබූ බැදපු පිටි වල තවරා භාජනයක අසුරා ගන්න.

🥣 අලුවා මිශ්‍රණය තැටියට දාගෙන කෑලි කපාගන්න බැරිව යන වෙලාවල් ඔයාලටත් වෙලා ඇති. කුඩු වෙලා ගිය වෙලාවල්. එතකොට උණු වතුර ටිකක් දාලා නැවත ලිපේ තියලා හැදිගාලා හයි වේගන එද්දී තැටියට දාගෙන ඉක්මණින් කෑලි කපාගන්න.

🥣 ඔන්න අපේ රසම රස තල අලුවා ලෑස්තියි.

🥣 ඔයාලත් හදලා රස බලන්නකෝ.

🧇🧇🧇🧇🧇🧇🧇🧇

```````````````````` M&m kitchen🍽️...✍️ ´´´´´´´´´´´´´´´´´´´´

රෙසිපිය හා ජායාරූප M&m kitchen🍽️ සතුයි.

මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Tuesday, December 5, 2023

216. රෝස්ට් චිකන් කරියක් සාදාගන්නා ආකාරය

🥘 රෝස්ට් චිකන් කරිය🥘


කරියට වගේම බයිට් එකටත් මරු...

අවශ්‍ය ද්‍රව්‍ය:

🍗 පොඩි කැබලි කපාගත් කුකුල් මස් 500g
🍗 බැදපු තුනපහ තේ හැන්දක්
🍗 මිරිස් කුඩු තේ හැඳි භාගයක් 
🍗 ගම්මිරිස් කුඩු තේ හැඳි භාගයක් 
🍗 සිහින්ව කපාගත් වියළි මිරිස් කරල් 5-6ක්
🍗 තලාගත් සුදු ළූණු බික් 3-4ක්
🍗 තලාගත් ඉඟුරු අඟලක කැබැල්ලක්
🍗 කුඩාවට කපාගත් බී ළූණු ගෙඩියක්
🍗 කරපිංචා ඉති 4-5ක්
🍗 සිහින්ව ලියාගත් සේර බඩයක්
🍗 ලා දුඹුරු පාට වනතුරු බැද  ගෙන කුඩුකර ගත් පොල් මේස හැඳි 2ක්
🍗 සීනි තේ හැන්දක්
🍗 ලුණු අවශ්‍ය පමණට
🍗 දෙහි බෑයක යුෂ
🍗 පොල් තෙල් කෝප්ප කාලක්

සාදන ක්‍රමය:

මුලින්ම  මස් ටිකට දෙහි බෑයක යුෂ, කහ ටිකක්, ලුණු කුඩු ටිකක් දමා අතගා පැය භාගයක් පමණ පසෙකින් තියාගන්න.

දැන් මැටි හට්ටියක් ලිපේ තබා එයට පොල් තෙල් දමා විනාඩියක් රත් කරන්න. තෙල් රත්වූ පසු එයට තුනපහ කුඩු, මිරිස් කුඩු සහ සිහින් ව කපා ගත් වියළි මිරිස් දමා විනාඩියක් පමණ බැද ගන්න.

දැන් එයට ලූණු එක්කර හොඳින් තෙම්පරාදු කරන්න.

මේ තෙම්පරාදුවට කරපිංචා, සේර, සුදුලූනු හා ඉඟුරු දමන්න. ලිපේ දැල්ල අඩු කර විනාඩි 2-3ක් මිශ්‍රණය තෙම්පරාදු කරන්න

මීළඟට සීසන් කරගත් කුකුල් මස් ටික දමා ලිපේ දැල්ල අඩු කර විනාඩි 5ක් පමණ බැදෙන්නට හරින්න.

මස් ටික යන්තමට බැදීගෙන එද්දී එයට අඹරාගත් පොල්, ගම්මිරිස්, ලුණු සහ සීනි එකතු කර හොඳින් හැඳි ගාන්න. දැන් ලිපේ දැල්ල අඩු කර පියන වසා විනාඩි 20-30ක් පිස ගන්න. විටින් විට හැඳි ගාමින් පියන ඇර බලන්න.

තෙල් වෙන්වී වතුර ගතිය සිඳී ගිය පසු ලිපෙන් බාගෙන දෙහි යුෂ එකතු කරන්න. 

උපුටාගැනීමකි මුල්අයිතිකරුට ස්තූතියි

මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Thursday, March 23, 2023

210 දකුණේ දෙල් බත සාදාගන්නා ආකාරය

දකුණේ විතරක් හදන "දකුණේ දෙල් බත
දෙල්බත සැකසීම


දෙල්බත සඳහා අවශ්‍ය ද්‍රව්‍ය
සම්බා හාල් ග්‍රෑම් 250ක්
තරමක දෙල් ගෙඩියක්
රතු ලූණු ගෙඩි 5ක්
අමු මිරිස් කරල් 2ක්
රම්පේ කොළ කැබැල්ලක්
කරපිංචා කොළ කිහිපයක්
කුරුඳු කැබැල්ලක්
ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2ක්
තුනපහ තේ හැඳි 1/2ක්
මිරිස් කුඩු තේ හැන්දක්
කහ තේ හැඳි 1/2ක්
මිටි කිරි කෝප්පයක්
දෙහි යුෂ
ලුණු
සකසා ගන්නා ආකාරය
දෙල් ගෙඩිය පොතු හැර හතරට පළා මැද ඇති නාරටිය වැනි කොටසත් ඉවත් කරගන්න. ඉන්පසු සෝදා කුඩා හතරැස් කැබලිවලට කපා ගන්න. කපාගත් කැබලි නැවත සෝදා ගෙන කහ කුඩු සහ දෙහි යුෂ එක්කර හොඳින් අතගාගෙන පසෙකින් තබන්න.
රතු ලූනු සහ අමු මිරිස් කපා පසෙකින් තබා ගන්න.
සම්බා සහල් සෝදා මැටි මුට්ටියකට දමන්න. එයටම සූදානම් කරගත් දෙල් කැබලිද එක්කරගන්න. බත් සහ දෙල් ඉදීමට අවශ්‍ය පමණ වතුර එක්කර ලිපේ තබා ගන්න. බත් සහ දෙල් තැම්බෙන විට එයට කරපිංචා, රම්පේ, කුරුඳු කැබැල්ල සහ කහ එක්කර පොල්කටු හැන්දකින් කලවම්කර වසා වතුර හිඳෙනතුරු පිස ගන්න.

වතුර හිඳුණු පසු එයට පොල් කිරි, ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු, තුනපහ කුඩු, ලුණු, කපාගත් ලූනු සහ අමු මිරිස් ද එක්කරන්න.(සැර අවශ්‍ය ආකාරයට ගම්මිරිස් එක්කර ගත හැක ) දෙල් කැබලි කැඩී නොයන සේ ප්‍රවේශමෙන් හැඳිගාමින් කලවම් කරන්න. පොල්කිරි ටික හිඳෙනතුරු ඉදවා ගෙන ලිපෙන් බාගන්න.

උණු උණු දෙල් බත් මාළු ඇඹුල් තියල් කරියක් සමග රස බැලිය හැක.
වෑංජනයක් නොමැතිව වුවද දෙල් බත් පමණක්ම කෑමට ගැනීමටත් හැකිය
ශ්‍රී ලංකාවේ සාමාන්‍යයෙන් දෙල් ආහාරයට ගනු ලබන්නේ වෑංජන ලෙස හෝ තම්බා ගෙනය. සාමාන්‍යයෙන් දෙල් මාළුව සැකසීමේදී බතක් වෙනම පිස ගැනීම සිදුවන අතර එයට වැඩි කාලයක්, අමුද්‍රව්‍ය ප්‍රමාණයක් මෙන්ම ඉන්ධන ප්‍රමාණයක් ද වැය වේ. නමුත් දකුණේ ජනතාව මේ කරුණු සියල්ලම සැලකිල්ලට ගෙන නිර්මාණය කරන ලද ආහාරයක් ලෙස දෙල් බත හඳුන්වාදිය හැක. දෙල් බත ඉතා සුවඳකින් යුක්ත වන අතර, රස පිළිබඳව අමුතුවෙන් කිව යුතු නොවේ. ‘බඩ පැලෙන්නට’ කන්න පුළුවන් කෑමක් ලෙසත් දෙල් බත දකුණේ ජනප්‍රියය.

උපුටා ගැනීම අන්තර්ජාලය ...
මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Monday, February 13, 2023

209. වසවිස නැති ටිපි ටිප් නිවසේදී සාදාගන්නා ආකාරය

ටිපි ටිප් හදමු. 


අවශ්‍ය දේවල් -

* තම්බා පොඩි කර ගත් අල කෝප්ප 1 ( අල ගෙඩි 3ක් පමණ)
* පාන් පිටි මේස හැදි 4 
* කිරි කෝප්ප 1/2 ( fresh milk හෝ පිටි කිරි)
* ඊස්ට් තේ හැදි 1 1/2
* කෝන් පිටි තේ හැදි 2 
* කහ 
* ලුණු තේ හැදි 1/2 
* චීස් මේස හැදි 1
* පයිපින් බෑග් එකක් 

සදා ගන්නා ආකාරය -

තම්බා ගත් අල ටික ඉතාම හොදින් පොඩි කර ගන්න (කෑලි නොසිටිනා සේ ) ඉන්පසුව cheese ස්පෙඩ් ටික එකතු කර ගන්න ( අපිට සාමාන්‍ය චීස් වුනත් එකතු කර ගන්න පුළුවන් ) 

ඒ වගේම කහ කුඩු ටික , ඊස්ට් ටික , කෝන් පිටි ටික එකතු කර ගන්න. අපේ රස පදමට ලුණු එකතු කර ගන්න. ඉන් පසුව කිරි ටික ටික එක්කර අනා ගන්න. අනා ගත්ත අල මිශ්‍රණය පිපෙන්නට විනාඩි 30ක් පමණ තබා ගන්න. 

පිපෙන්නට තිබූ අල මිශ්‍රණය පයිපින් බෑග් එක ඇතුලට දමන්න ( අවශ්‍යනම් නම් Nozzle එකක් පාවිච්චි කරන්න ) රත් වූ තෙල් තාච්චියට සාදා ගත් මිශ්‍රණය පයිප් කරන ගමන් කතුරකින් කපා ගන්න ( පොඩි ප්‍රමාණ බෝල ) ඉන්පසු රන් වන් පාට වන තෙක් බැද ගන්න.
මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Tuesday, January 31, 2023

206.හාල්මැස්සන් බයිට් සාදාගන්නා ආකාරය

හාල්මැස්සන් බයිට් 
හාල්මැස්සො බයිට් හදමු 


අවශ්‍ය ද්‍රව්‍ය :-

අමු හාල්මැස්සන් ග්‍රෑම් 100

මිරිස්කුඩු තේහැඳි 1

ලුණු හා ගම්මිරිස්කුඩු

කඩලපිටි කෝප්ප 1/2

කෝන්ෆ්ලා කෝප්ප 1/4

කහකුඩු තේහැඳි 1/2

බැඳීමට තෙල්

සාදන ක්‍රමය:- 

හාල්මැස්සො ටික සෝදලා වතුර අයින් කරගන්න.

කඩලපිටි වලට කෝන්ෆ්ලා, මිරිස්කුඩු, කහකුඩු, ලුණු හා ගම්මිරිස්කුඩු දාලා කලවම් කරගන්න.

දැන් මේකට වතුර ටික ටික දාලා උකු බැටර් එකක් හදාගන්න.

හාල්මැස්සො එකින් එක බැටර් එකේ දාලා රත්වුණු තෙලට දාලා රන්වන්පාට වෙනකල් බැදගන්න.

Sprats bites:

Ingredients:

Sprats 100g
1 tea spoon of chili powder
Salt and peoper
1/2cups of chickpea flour
1/4 cups of corn flour
1/2 tea spoon of turmeric powder
Oil for frying

Wash and keep the sprats aside to dry. Mix chickpea flour with cornflour, chili powder, turmeric powder, salt and pepper. And the add water to it gradually an mix until you get a thick batter. Coat the dried sprats from the batter and deep fry in the heated oil until it gets golden brown.

Garlic and Ginger

මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Saturday, January 14, 2023

204. කොළ වණ්ඩු සාදාගන්නා ආකාරය



😍 Breakfast එකට රසවත් කොළ වණ්ඩු 💚
             •••••••••••••••••••••••••••••••••

මෙන්න රෙසිපිය 📖️✍︎ 

💁 අවශ්‍ය ද්‍රව්‍ය - 
                  👉 අමු හාල් පිටි හුණ්ඩු 2ක්
                  👉 පාන් පිටි හුණ්ඩු 1ක්
                  👉 සීනි මේස හැදි 4ක් 
                  👉 රා හෝ පොල් වතුර හෝ ඊස්ට් ටිකක් 
                  👉 එනසාල් ටිකක් 
                  👉 පැණි පොල් 
                  👉 ලුණු චුට්ටක් 
                  👉 උකු පොල් කිරි ටිකක්

💁 සාදන ක්‍රමය - 

☞︎︎︎ මුලින්ම පැණිපොල් එක හදාගන්න.හකුරු හෝ සීනි එහෙම නැතිනම් පැණි එකතු කරලා හදාගන්න.

☞︎︎︎ පැණි පොල් ගොඩාක් එකතු කරන්නෙත් නෑ.මිශ්‍රණය අනූව සාමාන්‍යය ප්‍රමාණයක් ගන්න.උදේට හදනවනම් පැණි පොල් එක කලින් දවසෙ රෑ හදලා තියාගත්තම පහසුයි.

☞︎︎︎ ඊළඟට පිටි සියල්ලම ඉඩ තියන භාජනයකට දාගන්න. ඊටපස්සෙ ලුණු ටිකක් සීනි හැඳි 2 සහ ඊස්ට් දාලා කලවම් කරන්න.

☞︎︎︎ පස්සේ මේ සියල්ල පොල් වතුරන් අත් ගහ ගන්න..පසුව පියනකින් වසා පිපෙන්න තියන්න..
(මම නම් උදේ ට වණ්ඩු තම්බනවා නම් රෑ 7ට 8ට විතර මේ මිශ්‍රණය හදලා තියනවා..)

☞︎︎︎ දැන් උදේ බලපුවාම හොදින් පිපිලා තියෙන පිටි මිශ්‍රණයට පැණි පොල්, තව සීනි ටිකක්, රස අනුව ලුණු දමා උකු පොල් කිරෙන් අනා ගන්න. (ගොඩක් දියාරු නොවන පරිදි..)

☞︎︎︎ දැන් කැන්ද කොළ අරගෙන මිශ්‍රණයෙන් ටික ටික වක් කරලා හුමාලයෙන් තම්බා ගන්න.

☞︎︎︎ වතුර ලිප තබා එය ඉතුරු පසු වණ්ඩු තම්බා ගන්න. නැත්තම් වණ්ඩුව හොදට පිපිලා එ⁣න්නේ නෑ..

☞︎︎︎ වණ්ඩු ටික හොදින් තැම්බී ඇද්දැයි බැලිමට ඉරටුවකින් ඇන බැලිය හැක.තෙත ඇලෙන ගතියක් නැතිනම් වණ්ඩුව හොදින් තැම්බී ඇත..

☞︎︎︎ ඔයාලත් මේ රස ම රස කොළ වණ්ඩු හදලා බලන්නකෝ..😍😋❤️ උදෑසන ආහාරයට සහ හවස tea time එකටත් කියාපූ කෑමක්.. 



මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Sunday, May 30, 2021

197. අයිස් පොල් ටොපි සාදාගන්නා ආකාරය

අයිස් පොල් ටොෆී  සාදාගන්නා ආකාරය


 
අවශ්‍ය දාවය :
🍬දිසිදි පොල් 400g
🍬අයිසින් ෂුගර් 500g
🍬ටිංකිරි 390g
🍬කැමති වර්ණයක්

සාදන ක්‍රමය :
ටිංකිරි වලට පොල් , අයිසින් ෂුගර් දමා මිශ්‍ර කරමින් හොදින් අනා ගන්න . (රොටි වලට පිටි අනන ලෙස )
දැන් මේ ගුලිය කොටස් දෙකකට බෙදා වෙන් කර ගන්න .
මම එක කොටසකට පමණක් රතු වර්ණය දමා මිශ්‍ර කර ගත්තා ..ඔබට කැමති වර්ණ එකතු කර ගත හැකිය .
දැන් කේක් තැටියක් ගෙන එයට බටර් ටිකක් තවරලා ගත්තා. පලමුව සුදු වර්ණයෙන් ඇති ගුලිය ගෙන රෝලපින් එක බාවිතා කරමින් සම මට්ටමින් තුනී කර ගත්තා ..ඊට උඩින් රොස වර්ණයෙන් ඇති ගුලිය රෝලපින් එක ආධාරයෙන් තුනීයට දමා ගත්තා .. දැන් පැයක් ශීතකරනයෙ තබා ගත යුතුයි .. ඊට කලින් ඔබට අවශ්‍ය ප්‍රමාණයට ඉරි ඇද ගන්න . කපා ගන්න ලෙහෙසි වෙන්න .

** දරුවන්ගෙ උපන්දින උත්සව වලට කදිමයි .
ෆෙස්බුක් එකෙන් උපටාගැනිමක්
මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Wednesday, April 14, 2021

194. අලුත් අවුරුද්දට අලුවා සාදාගන්නා ආකාරය

අලුත් අවුරුද්දට අලුවා


 අවශ්‍ය ද්‍රව්‍ය : 
හාල් පිටි කෝප්ප 02 
සීනි කෝප්ප 02 
කුඩු කරගත් එනසාල් ඇට කීපයක් (04-05)
 කජු අවශ්‍ය 50g 
වතුර කෝප්ප 01 

 පලමුවෙන් ම සීනි ටික භාජනයකට දාලා වතුර කොප්පය එකතු කරලා මද ගින්දරේ උනු කරන්න .විනාඩි 08ක පමන පසු එනසාල් ටික එකතු කරන්න .මේ සීනි ටික නූල් ඇදෙන පදමට එන වෙලාවෙදි ලිපෙන් අයින් කරන්න .අයින් කරලා සීනි එක නිවෙන්න තියන්න. හාල් පිටි ටික බැද ගන්න .ගොඩක් වෙලා බදින්න එපා.හාල් පිටි බැදෙන සුවද එන වෙලාවට බදින එක නතර කරන්න.හාල් පිටි ටික නිවුන පසුව කජු එකතු කරන්න . මේ වෙලාවෙදි අලුවා කපන ලෑල්ලට බැදගත් පිටි ටිකක් ඉහලා අරන් තියන්න.මේ වෙලාවෙදි ම තවත් බැදගත් පිටි තේහැදි 02 වෙනම අරන් තියන්න. මේ වෙලාව වෙනකොට සීනි එක ඇගිල්ල දාන්න පුලුවන් පදමට නිවිලා තියෙන්න ඕනේ. දැන් ඔයාලා මේ සීනි මිශ්‍රණයෙන් ටික ටික බැදගත් පිටි එකතු කරන්න.එක පාර ගොඩක් එකතු කරන්න එපා.සීනි ටික ටික දාන ගමන් හොදින් අනන්න.මේ මිශ්‍රණය අතෙන් ගුලියක් වගේ වෙන පදමට හදා ගන්න .ගොඩක් වියලි නොවන ගොඩක් දියාරු නොවන පදමට එනකොට කලින් ලෑස්ති කරගත ලෑල්ලට දාලා පැතලි කරන්න .දැන් කලින් අරන් තිබුන හාල්පිටි ටික උඩින් ඉහින්න. දැන් ඔයලා කැමති හැඩයකට කපා ගන්න .
මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Friday, January 15, 2021

191. සාම්ප්‍රදායෙන් ඔබ්බට ගිය බිරියානී එකක් සාදාගන්නා ආකාරය

සාම්ප්‍රදායෙන් ඔබ්බට ගිය බිරියානී එකක් 


බ්ස්මාති හාල් 1kg 
කුකුල් මස් 750g 
වම්බටු 150g 
කැරට් 150g 
අල 150g 
රට ලූනූ 150g 
කජූ ටිකක් (කැමැත්ත පරිදි ) 
ඉගුරු/සුදු ලූණූ තලා ගන්න 
 තම්බා ගත් බිත්තර 08 
 යෝගට් 01
 බිරියානි මසාල පවුඩර් මේස හැදි 2ක හමාරක් 
ගී/බටර් හෝ කැමති තෙල් වර්ගයකින් මේස හැදි 2 ක්

 සාදන ආකාරය... 
මුලින්ම කුකුල් මස් ටික හොදට හෝදලා ඒකට මිරිස් කුඩු ටිකක්, කහ කුඩු ටිකක්,තලාගත්ත කරදමුංගු කරාබු නැටි ටිකක්, ගම්මිරිස් කුඩු චුට්ටක් බුරියානි මසාල මේස හැදි දෙක හමාරක් යෝගට් එක ‍රස අනුව ලුනු දාලා හොදට අතගාලා පදම් වෙන්න පැය භාගයක් විනාඩි 45ක් කාලයක් තියන්න.( පදම් වෙනවා කියන්නෙ ලුනුඇබුල් උරාගන්න ) කැරට්,අල ,වම්බටු, රට ලුනූ සාමාන්‍ය පොඩි කෑලි කපන් ගැබුරු තෙලේ බැදගන්න... ඒ ටික බැදගෙන ඉවර වෙලා කජු ටිකත්,තම්බාගත් බිත්තර ටිකත් බැදගන්න...( කජු හැර අනිත් ටික බැදගන්න කලින් කහ ස්වල්පයක් දාලා අතගාන්න.) බාස්මති හාල් ටික හොදට හෝදලා විනාඩි 15ක් විතර වතුරේ පෙගෙන්න හරින්න... භාජනයක් ලිපේ තියලා ගී, බටර්,වෙජිටබල් ඔයිල් හෝ තමන් කැමති ඕනෑම තෙල් වර්ගයක් අවශය ප්‍රමානයට දාලා රත් වෙන්න හරින්න.තෙල් ටික හොදට රත් උනාම තලාගත් ඉගුරු සුදු ලූනූ ටික දලා රන්වන් පාට වෙන්න බැදීගෙන එනකොට පදම් වෙන්න අයින් කරපු චිකන් ටික දාලා වහන්න.විනාඩි 10ක් විතර චිකන් ටික තෙලෙන් තැම්බෙන්න තියන්න... විනාඩි 10කට පස්සේ ඒකට වතුර දාන්න.. ( බත තැම්බෙන්න අවශය පරිදි වතුර දාන්න) වතුර එකෙන් චිකන් ටික තැම්බෙන්න දෙන්න පැය භාගයක් වගේ... චිකන් එක තැම්බුනාට පස්සේ චිකන් කෑලි ටික අයින් කරගන්න.... සෝදල පෙගෙන්න තියලා අයින් කරපු හාල් ටික චිකන් එක අයින් කරපු වතුර එකට දාගන්න.බත බෙරි නොවෙන්න උයා ගන්න... අයින් කරගත්ත චිකන් කෑලි ටික ගැබුරු තෙලේ බැදගන්න.. බත හොදට ඉදුනට පස්සේ වෙන භාජනයක් අරන් ඒකේ අඩියට බත් තට්ටුවක් දාන්න... ඊට උඩින් බැදගත්‍ත කජු ලූනූ අල කැරට් වම්බටු ලේයර් එකක් දාගන්න... මේ විදියට ආයේ බත් තට්ටුවක් බැදපු කජු කැරට් වම්බටු තට්ටුවක් විදියට ලේයර් කරගන්න.. අන්තිමට බැදපු චිකන් ටික උඩින් ම තියලා දෙහි පෙති කීපයක් මාලු මිරිස් කැබලි කිපයක් අතුරලා බිත්තර ටිකත් තියාගන්න. ඒ භාජනය වහලා අඩු ගින්දරේ විනාඩි 15ක් තියාගෙන කෑමට ගන්න.....

මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Friday, December 11, 2020

190. කුකුල්මස් ස්ටූ සාදාගන්නා ආකාරය

කුකුල්මස් ස්ටූ සාදාගන්නා ආකාරය 



කුකුල් 1kg 
ලොකු ළූණූ ගෙඩි 5 
අමුමිරිස් කරල් 6 (මැදින් ඉරකින් වෙන් නොවන්න කපාගන්න ) 
කරපිංචා 
කුරුදුපොතු කෑල්ලක් 
 තලාගත් සුදුලූණූ බික් 20 
ගම්මිරිස් කුඩු මේස හැදි 3

 විනාකිරි මේස හැදි 2, 
අබ තේ හැදි 2 මේ දෙක එකට අඹරාගන්න.
 ( මන් ගත්තේ සුදු මිදි විනාකිරි ) 

සියඹලා ඇට 10ක් 
කහ,ලුනු එනසාල් 

සාදාගන්නා ආකාරය 
 කුකුල්මස් හොදින් සෝදා කහ ,ලුනු ,ගම්මිරිස් මේස හැදි 3 ,සියඹලා සහ වතුර දමා පැයක් තම්බගන්න වතුර හිදිලා ඉස්ම ගතිය එනකන්. ලූණූ රවුමට කපාගන්න .භාජනයකට තෙල් ටිකක් දමා රත් වූ පසු පලමුව තලාගත් සුදුලූණූ දමා බැදගන්න ,ඉන්පසු එයටම රවුමට කපාගත් ලූණූ දමා යන්තමින් බැදෙන විට ගම්මිරිස් මේස හැදි 1 කුරුදුපොතු කෑල්ලක් දමා කලවම් කරගෙන කුකුල්මස් ටික ඉස්ම එක්කම දමාගෙන කලවම් කර අමුමිරිස්, කරපිංචා, එනසාල් ,විනාකිරෙන් අඹරපු අබ එකතුකර රස අනුව ලුනු ස්වල්පයක් දමන්න.හරිම ලෙහෙසි හරිම රසයි .

මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Friday, August 28, 2020

189. දේශීය ආහාර සංස්කෘතිය මියදෙන්නට පෙර


ශ්‍රී ලාංකිකයින්  වශයෙන් අපි දැන් සියල්ලන්ට ම වඩා මායාවන්ට නැඹුරු වූ ජනතාවක් යැයි සිතේ. බොහෝ අයගේ හද  මෙන්ම මනස ද විකලාංග වී ඇති සැටියකි.



මේ හේතුවෙන් ලාංකීය සමාජයේ භෞතික අභෞතික සියලු ම සාධක වලින් සමන්විත ආවේනික සංස්කෘතික සාධක මියැදෙමින් තිබේ. සංස්කෘතික කම්පනය හෙවත් තම සංස්කෘතියෙහි පවතින උසස් සාධක වෙනත් සංස්කෘතීන්ගේ ආක්‍රමණයන් නිසා බිඳවැටීම ගැන බහුතර පිරිස් ගණනකට ගන්නේ නැත. දේශීය ආහාර සංස්කෘතියට ද අත්වී ඇත්තේ එම ඉරණමයි.


බහුතරයකට නොතේරෙන ගොලීයකරණය, ඒ ඔස්සේ ගොඩනැගුණු ව්‍යාපාරික ආධිපත්‍ය, නව වෙළඳපොළ ව්‍යාප්තිය, මේ සියල්ලට ඉනිමං තනන ජනමාධ්‍ය හා නවමාධ්‍ය ක්‍රියාවලිය ආදී බොහෝ සාධක ලාංකේය ජනතාවගේ ආකල්ප වෙනස් කර හමාරය. තම රටේ සිට බටහිර සාධක අනුගමනය කරන්නේ එම හේතුවෙනි. මුළු ලෝකය තුළ ම එකම ආකාරයේ සංස්කෘතියක් ගොඩනැගීම ගෝලීයකරණයේ පරමාර්ථයයි. එලෙස දැනට ගොඩනැගෙමින් පවතින ඒකීය සංස්කෘතිය බටහිරවාදී සංස්කෘතියක් බව කවුරුත් සිතන්නේ නැත. එසේනම් මෙය බටහිර රටවල උපක්‍රමයකි. ඔවුන්ගේ භාණ්ඩ හා සේවා දේශ සීමා ඉක්මවා නිදහසේ ගලා යන්නට  සලස්වා, ඉන් අනතුරුව ඒවාට මාධ්‍ය හරහා ප්‍රචාරය ලබා ගනී. ඒවායෙහි පවතින පහසුව, සුඛනම්‍ය බව කරණකොට ජනතාව විසින් මහත් අභිරුචියන් එම භාණ්ඩ හා සේවා පරිහරණය කරයි. එයින් සිදුවන්නේ බටහිර රටවල බහුජාතික සමාගම් පෝෂණය වීම බව නොකිය මනාය‍. අතීතයේදී පිටරටට ණය නොවූ අප, අද ණය බරින් මිරිකී සිටී. උපක්‍රමශීලීව අප රටෙහි ව්‍යාප්ත වූ විදේශීය සාධක වැලඳ ගැනීමත් ඒවා පරිහරණයට සියළු සේසත විය පැහැදම් කිරීමත් මීට ප්‍රධානතම හේතුව වී තිබේ. දේශීය දේ පාගා නොදන්නා දේ පිටුපස හඹා යාමට තරම් අප රට ජනයා මහා මායාවකට නැඹුරු වී ඇතැයි සඳහන් කරන්නේ එහෙයිනි. විශේෂයෙන්ම ලාංකේය සංස්කෘතිය බිඳීම වැඩිහිටි හා බාල පරපුර අතර අරගලයක් බවට පත්ව තිබේ. බාල පරපුර විසින් ගෙනයන විරෝධී සංස්කෘතික රටාවන් නිසා වැඩිහිටි පරපුර දේශීය සංස්කෘතිය වියැකී යාම නිසා කම්පනයට පත්ව සිටී. එහෙත් දැන් දැන් වැඩිහිටි පරපුරද නව සංස්කෘතික ප්‍රවාහයට සිය සිත යොමුකර ඇති බව පෙනේ. එය ගෝලීයකරණ පරමාර්ථ කඩිනමින් මුදුන් පමුනුවා ගැනීමට පහසුකම් සැපයීමක් වැනිය.
foods2

දේශීය ආහාර සංස්කෘතියට අත්ව ඇති ඉරණම, දේශීය සංස්කෘතිය විතැන් වීම පිළිබඳ ප්‍රබල සාක්ෂීයකි. එදා ගම, ගම ගෙදර අද අරුමයක් වී තිබේ. දේශීය ආහාර යන සාධකය අභිමුව දේශීය සංස්කෘතිය මතුවූවා පමණක් නොවේ. සෞඛ්‍ය සම්පන්න දිවි පෙවෙත හා බැඳෙන ප්‍රධාන සාධකයක් ලෙස ද දේශීය ආහාර සංස්කෘතිය පෙරමුණ් සිටී. බුදු වදනට අනුව නීරෝගීකම පරම ලාභයයි, එසේ නීරෝගී වීමට නම් “ සිය රට දේ - සිරි සැප දේ” යන තේමාවෙන් කටයුතු කළ යුතුය. දේශීය ආහාර යනු සම්මතයෙන්ම ඖෂධ ය. පැහැදිලි බසින් කියන්නේ නම් මෙරට ආවේණික ආහාර පරිභෝජනය ඖෂධ පරිභෝජනය  කිරීමක් වැන්න. එවිට පරම ලාභය වන නීරෝගී කම සුරක්ෂා වන්නේ ය.


නවීකරණය වීම අත්‍යවශ්‍ය ය. එහෙත් එය පවතින සමාජයට ආවේණික ක්‍රම පද්ධතියක් ඔස්සේ සිදුකල යුතු වේ. නැතිනම් ආගන්තුක නොවන, සරල, දිවියට සමීප, මුදල් වියදම් නොවන අතිශය හිතකාමී සංස්කෘතික සාධක පවා යටපත් වීම වැලැක්විය නොහැකියි. සියලු ම බටහිර සාධක වැළඳ ගැනීම වැළැක්විය නොහැකියි. 


සියලු ම බටහිර සාධක වැළඳ ගැනීම යනු නවීකරණය නොවේ. රට ක අනන්‍යතාවය රකින සංස්කෘතික බැම්මට හානි නොවන පරිදි ඒ හැම දේම ගලපා ගැනීමයි, නිසි නවීකරණය ලෙස සලකන්නේ.
DISH Ingredient Secrets Jackfruit photo

දේශීය ආහාර සංස්කෘතිය තුළ නිවසට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය වලින් බහුතර ප්‍රමාණයක් ගෙවත්තෙන්, හේනෙන් සපයා ගන්නා ලදි. සැබැවින්ම එය ස්වයංපෝෂීත බව කියා පෑමකි. කෙටියෙන්ම කියතහොත් ලාංකිකයන් වවාගෙන කන්නට පුරුදු වී සිටි පිරිසකි. ගම ආසන්නයේ හේනෙහි කුරක්කන්, කවුපි, මුං වැනි ධාන්‍ය වර්ග, පළා වර්ග, වට්ටක්කා, පුහුල්, ලබු, මඤ්‍‍‍‍‍ෙඤාක්කා බතල ආදිය වැවීය. නිවස අසළ හිඟුරාල, රටල, බතල, කිරිඅල, කුකුළල ආදී අල වර්ග වවාගෙන සිටියහ. තවත් පසෙක කෙසෙල් පඳුරු කිහිපයක්, කහ, ඉඟුරු හා තවත් බෙහෙත් පැළෑටි වර්ග ද වවාගෙන තිබුණි. කුඹුරෙන් වී ටික ලැබුණු අතර කුඹුර අසල දෙනිකඩෙහි නිවෙසට අවශ්‍ය එළවළු වැවීය. පොල්පලා, ඉරමුසු, එලබටු, ඉරිවේරිය, කෝමාරිකා‍ හාතාවාරිය, වැල්පෙනෙළ ආදී දෑ හේනේ පිටියෙන්, නිවෙස අසළ ගෙවත්තෙන් සපයා ගැනීමට හැකිවිය. මේවා ප්‍රයෝජනයට ලබා ගන්නේ විටෙක ආහාර ලෙසයි, විටෙක බෙහෙත් ඖෂධ ලෙසයි. ශ්‍රී ලාංකේය සංස්කෘතියේ බොහෝ ආහාර ඖෂධ යැයි මීට පෙර සඳහන් කළේ එහෙයිනි. 


ආහාර සුරක්ෂීතතාවය පිළිබඳ ව අවධානය යොමු කිරීමේදී ඒ සඳහා අද මෙන් නවීන ක්‍රම නොතිබූ නමුත් කිසිදු අතුරු ආබාධ ඇති නොවන, විවිධ රසායනික භාවිතයන් නොමැති සෞඛ්‍ය සම්පන්න ආහාර සුරක්ෂීතතාවක් සිදුකර තිබේ. කෘමි නාශක, වල් නාශක ඉස වැවූ ආහාර නොතිබූ අතරම එම ආහාර සුරක්ෂීත කිරීමට ද එබඳු ක්‍රම අනුගමනය නොකලේය. බිස්ස, අටුව, දුම ආදී නිර්මාණයන් ආහාර සුරක්ෂීත කිරීමට යොදාගන්නා ලදි. ගෙදර වී බිස්ස නිතරම වී වලින් පිරී තිබුණී. දුම හා අටුව කජු, දෙල්, , අටු කොස් හා, කොට්ට පොල් ආදියෙන් සමන්විත විය. කුස්සිය මුල්ලේ කොස් ඇට මුල්ලකි. අවුවේ වියළා එළවළු කල් තබා ගන්නේ ය. වැව් මාළු, මස් ලිපට උඩින් ඇති දුමේ දමා වේලාගෙන කල්තබා ගැනීමේ සම්ප්‍රදායක් පැවතිනි.


කුරක්කන් රොටියක්, කුරක්කන් පිට්ටුවක්, කුරක්කන් තලපයක් නොමැති ගෙදරක් නොවී ය. සෑම දිනකම ගත්තේ සමබර ආහාර වේළකි. දිනෙන් දිනට වෙනස් මැල්ලුමක් බතට එකතු විය. කුමන හෝ වර්ගයක කැඳක් සෑදිණි. නීරමුල්ලිය, පොල්පළා, රණවරා ඉරමුසු ආදිය තේ වෙනුවට යොදා ගත්හ.foods4


මෙකී ක්‍රමවේද තුල සමබර ආහාර වේළක් භුක්ති විඳීමත්, දිනෙන් දින වෙනත් ආහාර ලබා ගැනීමත්, වෙහෙස වී වැඩකරන නිසා සහ ගන්නා ආහාර ශරීරයට අහිතකර නොවන නිසාත්, පෙර ශ්‍රී ලංකාවේ නිරෝගී ජන පරපුරක් වාසය කළේය‍. මුදල් සෙවීමට කිසිදු තරගයක් නොතිබූ නිසාත් ගැටුම් ද ඇති නොවීය. තම අවශ්‍යතා සපුරාගෙන සමඟියෙන් සමාදානයෙන් දිවි ගතකර තිබේ.



අද දවසේ පරි‍භෝජනයට නොව වෙළදාම සඳහා සියල්ල සිදුකරන අතරවාරයේ ආහාර නිෂ්පාදනය සිදුකරන්නේද විකිණීමටය. වවාගෙන කෑම නොව වවා විකිණීම සිදුකරයි. එවිට සෞඛ්‍ය සම්පන්න බව ගැන සිතන්නේ නැත‍. රසායනික පොහොර, කෘමිනාශක ආදිය ඉතා තදින් භාවිත කර මහා පරිමාණයේ විවිධ වගාවන් සිදුකරන අතර ඒවා පරිභෝජනය කරන්නන් ඉතා කෙටි කාලයකින් රෝගීන් බවට පත්වේ. එමෙන්ම ඒ සියල්ල කඩපලට විකුණා, කඩෙන් ගෙදරට  අවශ්‍ය සියළු දේ මුදල් දී රැගෙන එයි. ඒ ගෙන එන ආහාරවලින් වැඩි කොටසක් විවිධ රසකාරක, රසායනික සංයෝග සහිත කෘත්‍රීම උපක්‍රමයන් භාවිත කර සකසන ලද ආහාර වර්ගය. තම කුඹුරෙන් ලබාගත් වී වලින් සකසා ගත් සහලේ බත සහ ගලේ ඇඹරූ පොල් සම්බෝලයක බලයෙන් සුළු ප්‍රමාණයක් හෝ අප කඩපලෙන් අද මිලදී ගන්නා ආහාරවල අන්තර්ගත නොවේ. ඉවූ බතට “ Rice” යැයි ඉංග්‍රීසි පදය කීමටත්, ඒවා රසකර කෑමටත් පුරුදු වී සිටින සැටි කාටත් ආගන්තුකක නැත. නමුත් එයින් එනතුරු විපාක කිසිවිටෙක වර්තමාන පරපුර ගනණකට ගන්නේ නැත. පැය ගණනක් මඳ ගින්නේ පදම්කර බතට එක්කරගන්නා පොළොස් ඇඹුල ඉවතට යන්නේ, සම්ප්‍රදාය, අපේකම, පාරම්පරික දේශීය ඥාණය ආදිය කොන්දේසි විරහිතව ප්‍රහීන කර ඇති නිසයි. foods3


“ චූන් පාන් “ ළඟටම එද්දී කොතරම් පහසුවක් ද..? ආහාර සකසා ළඟටම ගෙන දෙන මුත් සැබැවින්ම ආහාර ඇතුළත සිටින්නේ මිනිසුන් රෝගී කරන මාරාන්තික රකුසෙකි. බටහිරින් පැමිණි තිරිඟු පිටි මහත් අභිරුචියෙන් දෛනිකව භාවිත කරන ලාංකේය ජනතාව කුරක්කන් සොයන්නේ වැඩ  වැරදුනු පසුවය. බෝ නොවන  රෝග බොහෝමයක ආරම්භය සටහන් වන්නේ අප එදිනෙදා ගන්නා ආහාර මඟිනි. එම ආහාර වවන මොහොතේ සිට ආහාරයට ගන්නා අවස්ථාව දක්වා විවිධ අහිතකර විෂ ද්‍රව්‍ය එකතු වේ. වැවීමට රසායනික, කල් තැබීමට රසායනික, පිසීමට රසකාරක ආදී වශයෙන් ගලපා බැලූ විට අපි ශරීර ගතකරගන්නේ පෙර මෙන් පිරිසිදු ආහාර, බෙහෙත් ඹෟෂධ බඳු ආහාර නොවේ. වස විෂ පමණි. රෝහල්වලට ඔරොත්තු නොදෙන තරමට ලෙඩුන් පිරීමට මුඛ්‍ය හේතුව මෙය වී තිබේ. වැළඳෙන ඇතැම් රෝග මොනවාදැයි හඳනා ගැනීමටත් අසීරුය. ඊට ප්‍රධානතම හේතුවක් ලෙස දේශීය සංස්කෘතිය හා බැඳි පිරිසිදු, පෝෂ්‍යදායී ආහාර පරිභෝජන රටාවක් නොතිබීමයි. අවසානයේ මුදල් සෙවීමට සිදුකල සියළු ප්‍රයත්න වලින් සපයාගත් මුදල් පමණක් නොව, තවත් ණය වී පවා ලෙඩ සුවකර ගැනීම සඳහා මුදල් වියදම් කිරීමට සිදුවේ. මන්දයත් බටහිරින් හඳුන්වා දී  ඇති බොහෝ ආහාර වර්ග ශරීරයට අහිතකර ක්ෂණික ආහාරවර්ග වන අතර ඒවායෙහි ආකර්ෂණීය රසයක් පවතී. ක්ෂණිකය, පහසුය, නමුත් ගුණ හීනය. මොහොතක රසය විශාල මුදලක් ලබා දී සපුරා ගැනීමේ ආදීනව මතුවන්නේ කලක් ගතවූ පසුවයි.
chines food3


ජනමාධ්‍යයේ හා වෙළෙන්දන්ගේ මිතුරු සබඳතාවය හරහා විවිධ ආහාර පරි‍භෝජන රටාවලට පුරුදු වූ ශ්‍රී ලාංකික ජනයා සිදුකර ඇත්තේ තම දිවි පරදුවට තබා ජනමාධ්‍ය හා වෙළෙන්දන් පෝෂණය කිරීමකි. මෙම තත්ත්වය වර්තමාන පරපුර ඉතා කඩිනමින් තේරුම්ගත යුතුව තිබේ. නැතහොත් දේශීය සංස්කෘතිය හීනවනවා පමණක් නොව, මුළු ශ්‍රී ලංකාවම ලෙඩුන්ගෙන් පිරි රටක් බවට පත්වීම වැඩි ඈතක නොවේ. දැනටමත් බිළිඳු දරුවනට පවා දියවැඩියාව වැනි රෝග වැළදීමට පටන්ගෙන තිබේ. දැනට අනුගමනය කරන ආහාර රටා එලෙසම පැවතියහොත් එකී ඛේදනීය තත්ත්වයන් තව තවත් උග්‍ර වනු ඇත. 



සියළු ජනතාව ජනමාධ්‍යයේ ගැත්තන් වශයෙන් පසුවන සමයෙක ශ්‍රී ලාංකිකයන්ගේ ආකල්ප යහපත් අතට හැරවීම අසීරුය. බාල, තරුණ, වැඩිහිටි යන සියල්ලන්ගේම තත්ත්වය එබඳු බව අතිශය භයානක තත්ත්වයකි. නමුත් දැන් දැන් ක්‍රියාවට නංවන දේශීය වී වගා ව්‍යාප්තිය, දේශීය පලතුරු වැවීමේ පලතුරු ගම්මාන වැඩසටහන්, ගෙවතු වගා සංකල්පය, වල් නාෂක තහනම් කිරීම්, රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිතයට හුරු කිරීම්, ආදී ක්‍රමවේද පැසසුමට ලකකල යුතුය. එමෙන්ම ඒවා ක්‍රියාත්මක කරන පිරිස් මනා සංවර්ධනාත්මක සන්නිවේදනයක් හරහා ජනතාව වෙත මෙම ක්‍රම ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය දැන්විය යුතුය. නැතිනම් මුදලට සියල්ල කල නොහැකි බව දැනගන්නා විට ගොඩගත නොහැකි විනාශයක් මෙරට ජනතාවට අත්වීම වැළැක්විය නොහැකියි.


ෂෙල්ටන් බණ්ඩාර,
අනුරාධපුරය.

මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Tuesday, April 28, 2020

188.  මාරි බිස්කට් පුඩිමක් සාදාගන්නා ආකාරය

හැමදාම බිස්කට් කිරි එකේ පොඟවන් කාලා හරියනවයෑ කියලා අද කිරි ටිකයි බිස්කට් ටිකයි අරන් ගැහුවා බර පුඩිමක්... 
 මාරි බිස්කට් පුඩිම

අවශ්‍ය දෑ
°°°°°°°°°°
මාරි බිස්කට්  21 
කිරිපිටි හැඳි තුනයි 
වතුර වීදුරුවයි 
සීනී හැඳි 8 යි 
ලොකු බිත්තර 3 යි... 
වැනිලා බිංදු 3,4ක් 

සාදාගන්නා ආකාරය 

 මුලින්ම සීනී හැඳි 8 න් 3 ක් අරන් කැරමල් එක හදාගෙන පුඩිම සෙට් කරන භාජනයේ අඩියේ හොඳින් තවරගන්න. 👍 ඊටපස්සේ බිස්කට් ටික ග්‍රයින්ඩර් එකේ දාලා කුඩු කරගන්න .. 👍 ඊටපස්සේ බාගෙට රස්නේ උනු වතුර වීදුරුවකට කිරිපිටි හැඳි 3යි, සීනී හැඳි 5 යි දාලා දියකරගන්න. 👍 ඊටපස්සේ බිත්තර 3 කඩාලා හැන්දකින් ටිකක් ගසාගෙන පෙනේරයකින් පෙරාගන්න.. (මේ පෙරීමෙන් කරන්නේ පිළීගඳ තියෙන සාරු අයින් කරගන්න එක) 👍 ඊටපස්සේ බිස්කට් කුඩු, බිත්තර , කිරි මිශ්‍රණය, වැනිලා බිංදු 2ක් බ්ලෙන්ඩර් එකට දාලා බ්ලෙන්ඩ් කරගන්න .. 👍 දැන් අර කැරමල් ගාගත්තු භාජනේට පුඩිම් මිශ්‍රණය දාලා ෆොයිල් පේපර් එකකින් වසාගෙන වි.20 / 25 ක් හුමාලයෙන් තම්බගන්න. 👍 විනාඩි 20 කින් විතර ටූත් පික් එකක් ගහලා මිශ්‍රණය හොඳින් හයිවෙලාද බලන්න. මිශ්‍රණය ටූත් පික් එකේ තැවරෙනවා නම් තව ටික වෙලාවක් තියෙන්න.. 👍 අන්තිමට සෙට් වෙච්ච පුඩිම නිවෙන්න තියලා තැටියකට දාගෙන ශීතකරණ යේ දාලා ටිකකින් කන්න ❤❤

මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Featured Post

246. හැමතැනම නැති මිල අධික ගාලික් බෙඩ් සාදාගන්නා ආකාරය

හැමතැනම  නැති මිල අධික ගාලික් බෙඩ් සාදාගන්නා ආකාරය  අවශ්‍ය  ද්‍රව්‍ය පාන් පෙති 08 බටර් (ලුණු රහිත )100g ගා ගත් සුදුලූණු මේස හැඳි 1- 1/2 ලුණු...