Sunday, September 22, 2019

167. තැඹිලි වයින් ගෙදරදි පහසුවෙන් සාදාගන්නා ආකාරය

පහසුවෙන් තැඹිලි වයින් හදමුද? 
රෙසිපි එකත් එක්කම මෙන්න



උත්සව කාලෙට ගෙදරට එන අමුත්තන්ට වයින් වීදුරුවකින් සංග්‍රහ කරන්න තිබුණනම් හොඳයි නේද? වයින් කිවුවම එක එක ජාතියෙ වයින් වර්ග තියෙනවා. ගොඩක් සැර ඒවා සැර අඩු ඒවා. ඒ අතරින් ස්වභාවික තැඹිලි වලින් වයින් එකක් ගෙදරදීම බොහොම පහසුවෙන් හදාගන්න ක්‍රමයක් තමයි මේ කියන්න යන්නේ. දැන් අපි බලමු කොහොමද මේ තැඹිලි වයින් එක හදාගන්නේ කියලා.

මේ තියෙන්නේ අවශ්‍ය ද්‍රව්‍ය..
ගෙඩි 4ක තැඹිලි වතුර,
 සිනි – 750g, 
කැරමල් -250g, 
ඊස්ට් තේ හැඳි 1 ක්,
 දෙහි යුෂ තේ හැඳි 1 ක්, 
කරදමුංගු කරල් 4 ක්, 
කුරුදු පොතු ස්වල්පයක්,
 කරාබු නැටි ස්වල්පයක්.

මේ තියෙන්නේ හදන හැටි..
මදක් උණුසුම් වතුර කෝප්ප 1/2 කට ඊස්ට් සහ සිනි ස්වල්පයක් දමා හොඳින් දියකර ගන්න. පසුව එයට තැඹිලි වතුර සහ සිනි එක්කර හොඳින් කවලම් කරගන්න. දෙහි යුෂ සහ කරදමුංගු, කරාබු නැටි, කුරුඳු පොතුද එයට එක්කර මේ මිශ්‍රණය විදුරු බඳුනකට දමා එම භාජනයේ කට රෙදි කැබැල්ලකින් වසා දින 10ක් පමණ තබන්න. 11 වන දිනයේ රෙදි කැබැල්ල ඉවත් කර එය වෙන භාජනයකට පෙරා එයට කැරමල් කරගත් සීනි එකතු කර ගෙන තවත් දින 3ක් වසා තබා පිළිගන්වන්න


මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Featured Post

239. මස්කට් සාදාගන්නා ආකාරය

මස්කට් සාදාගන්නා ආකාරය  අවශ්‍ය ද්‍රව්‍ය *໑໑ 88 (corn flour) *ඉරිගු පිටි දිය කිරීමට වතුර 130ml *සීනී 300g *සීනී දිය කිරිමට වතුර 250ml *දෙහි ම...