Monday, February 13, 2023

209. වසවිස නැති ටිපි ටිප් නිවසේදී සාදාගන්නා ආකාරය

ටිපි ටිප් හදමු. 


අවශ්‍ය දේවල් -

* තම්බා පොඩි කර ගත් අල කෝප්ප 1 ( අල ගෙඩි 3ක් පමණ)
* පාන් පිටි මේස හැදි 4 
* කිරි කෝප්ප 1/2 ( fresh milk හෝ පිටි කිරි)
* ඊස්ට් තේ හැදි 1 1/2
* කෝන් පිටි තේ හැදි 2 
* කහ 
* ලුණු තේ හැදි 1/2 
* චීස් මේස හැදි 1
* පයිපින් බෑග් එකක් 

සදා ගන්නා ආකාරය -

තම්බා ගත් අල ටික ඉතාම හොදින් පොඩි කර ගන්න (කෑලි නොසිටිනා සේ ) ඉන්පසුව cheese ස්පෙඩ් ටික එකතු කර ගන්න ( අපිට සාමාන්‍ය චීස් වුනත් එකතු කර ගන්න පුළුවන් ) 

ඒ වගේම කහ කුඩු ටික , ඊස්ට් ටික , කෝන් පිටි ටික එකතු කර ගන්න. අපේ රස පදමට ලුණු එකතු කර ගන්න. ඉන් පසුව කිරි ටික ටික එක්කර අනා ගන්න. අනා ගත්ත අල මිශ්‍රණය පිපෙන්නට විනාඩි 30ක් පමණ තබා ගන්න. 

පිපෙන්නට තිබූ අල මිශ්‍රණය පයිපින් බෑග් එක ඇතුලට දමන්න ( අවශ්‍යනම් නම් Nozzle එකක් පාවිච්චි කරන්න ) රත් වූ තෙල් තාච්චියට සාදා ගත් මිශ්‍රණය පයිප් කරන ගමන් කතුරකින් කපා ගන්න ( පොඩි ප්‍රමාණ බෝල ) ඉන්පසු රන් වන් පාට වන තෙක් බැද ගන්න.
මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Featured Post

243.පපඩම් සාදාගන්නා ආකාරය

පපඩම් (Papadam).   (සාමාන්‍ය ප්‍රමානයේ පපඩම් 50 ක් සඳහා ) 350g පමණ ) අවශ්‍ය ද්‍රව්‍ය : උඳු පිටි 200g පාන් පිටි 100g ලුණු 20g පොල් ත...