Showing posts with label ඩෙසට්දාගන්නා ආකාරය. Show all posts
Showing posts with label ඩෙසට්දාගන්නා ආකාරය. Show all posts

Sunday, January 19, 2025

243.පපඩම් සාදාගන්නා ආකාරය

පපඩම් (Papadam).  


(සාමාන්‍ය ප්‍රමානයේ පපඩම් 50 ක් සඳහා )
350g පමණ )
අවශ්‍ය ද්‍රව්‍ය :

උඳු පිටි 200g
පාන් පිටි 100g
ලුණු 20g
පොල් තෙල් 10g
ආප්ප සෝඩා 10g
උතුරන වතුර 150ml
බැදගත් හාල් පිටි 25g

සාදන ක්‍රමය :

උතුරන වතුර එකට ආප්පසෝඩා දමා දිය කරන්න .
රොඩු ඇත්නම් පෙරන්න 

පාන්පිටි සහ උඳු පිටි එකට මිශ්‍ර කර තුන් වරක් හලන්න .

මෙම පිටි වලට ලුණු සහ ආප්පසෝඩා මිශ්‍රනය ටික ටික එක්කර මින් මෝලිය සාදාගන්න .
තරමක් තදට හදා ගත් මෝලියට තෙල් එක්කරමින් හොඳින් අනන්න.

ඉන්පසු වංගෙඩියක දමා පැය 1/2 පමණ හොඳින් කොටන්න. ( විකල්පයක් ලෙස පාන් මෝලිය අල්ලන ආකාරයට , ඇදෙන සුලු තත්වයට එනතුරු අත් ගසන්න )

පදම් කල මෝලියෙන් සමාන කොටස් කඩා , අත්ලෙන් තෙරපා පැතලි කර , බැදගත් හාල් පිටි තවරමින් එක උඩ එක තබා තුනී කරන්න.
හෝ කැමති ආකාරයකට තුනී කර කටරයකින් හැඩ තල කපා ගන්න. තුනී වූ තරමට ලාබදායි වේ

(ලෑල්ලට හා රෝලිං පින් එකට තෙල් ටිකක් ආලේප කර ඇලීම වලක්වා ගන්න)

ඉන්පසු ලෑල්ලක අතුරා මද පවනේ දෙපැත්ත පෙරලමින් පැයක් පමණ වේලාගන්න.

80* c උෂ්නත්වය ට අවන් එකේ වේලෙන්න පුලුවනි.

පසුව තැවරී ඇති වැඩිපුර පිටි ඉවත් කර ඇසුරුම් කරන්න .

අවුරුද්දක් පමණ තබා ගත හැක.

*** මසාල පපඩම් සදහා :
 රත් කරගත්, සූදුරු , සිහින්ව ලියා ගත් කරපිංචා , කෑලි මිරිස් , පදම් කල මෝලියට එක් කරගත හැක.

Recipe by Seetha ponnamperuma 

උ.ගැ.
මුල් හිමිකරුට ස්තූතියි 🙏🙏
මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Sunday, August 18, 2024

237. දකුණේ දෙල් බත සාදාගන්නා ආකාරය

පරංගි අපිව නැතිකරන්න ගෙනාපු ඒත් දැන් අපිට නැතුවම බැරි " දෙල් ' වලින් හදන......
         " දකුණේ දෙල් බත "
           🍈🥝🍈🥝🍈🥝


දෙල්බත සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

🍈 සම්බා හාල් ග්‍රෑම් 250ක්
🍈 තරමක දෙල් ගෙඩියක්
🍈රතු ලූණු ගෙඩි 5ක්
🍈අමු මිරිස් කරල් 2ක්
🍈රම්පේ කොළ කෑල්ලක් 
🍈කරපිංචා කොළ කීපයක්
🍈කුරුඳු කැබැල්ලක්
🍈ගම්මිරිස්කුඩු තේහැඳි 1/2ක්
🍈තුනපහ තේ හැඳි 1/2ක්
🍈මිරිස් කුඩු තේ හැන්දක්
🍈කහ තේ හැඳි 1/2ක්
🍈මිටි කිරි කෝප්පයක්
🍈දෙහි යුෂ
🍈ලුණු

සකසා ගන්නා ආකාරය
(==================)

🛑 දෙල් ගෙඩිය පොතු හැර හතරට පළා මැද ඇති නාරටිය වැනි කොටසත් ඉවත් කරගන්න. ඉන්පසු සෝදා කුඩා හතරැස් කැබලිවලට කපා ගන්න. කපාගත් කැබලි නැවත සෝදා ගෙන කහ කුඩු සහ දෙහි යුෂ එක්කර හොඳින් අතගාගෙන පසෙකින් තබන්න.

🛑 රතු ලූනු සහ අමු මිරිස් කපා පසෙකින් තබා ගන්න.

🛑 සම්බා සහල් සෝදා මැටි මුට්ටියකට දමන්න. එයටම සූදානම් කරගත් දෙල් කැබලිද එක්කර ගන්න. බත් සහ දෙල් ඉදීමට අවශ්‍ය පමණ වතුර එක්කර ලිපේ තබා ගන්න. බත් සහ දෙල් තැම්බෙන විට එයට කරපිංචා, රම්පේ, කුරුඳු කැබැල්ල සහ කහ එක්කර පොල්කටු හැන්දකින් කලවම්කර වසා වතුර හිඳෙනතුරු පිස ගන්න.

🛑 වතුර හිඳුණු පසු එයට පොල් කිරි, ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු, තුනපහ කුඩු, ලුණු, කපාගත් ලූනු සහ අමු මිරිස් ද එක්කරන්න.(සැර අවශ්‍ය ආකාරයට ගම්මිරිස් එක්කර ගත හැක ) දෙල් කැබලි කැඩී නොයන සේ ප්‍රවේශමෙන් හැඳිගාමින් කලවම් කරන්න. පොල්කිරි ටික හිඳෙනතුරු ඉදවා ගෙන ලිපෙන් බාගන්න.

🛑 උණු උණු දෙල් බත් මාළු ඇඹුල් තියල් කරියක් සමග රස බැලිය හැක.

🛑 වෑංජනයක් නොමැතිව වුවද දෙල් බත් පමණක්ම කෑමට ගැනීමටත් හැකිය
ශ්‍රී ලංකාවේ සාමාන්‍යයෙන් දෙල් ආහාරයට ගනු ලබන්නේ වෑංජන ලෙස හෝ තම්බා ගෙනය. සාමාන්‍යයෙන් දෙල් මාළුව සැකසීමේදී බතක් වෙනම පිස ගැනීම සිදුවන අතර එයට වැඩි කාලයක්, අමුද්‍රව්‍ය ප්‍රමාණයක් මෙන්ම ඉන්ධන ප්‍රමාණයක් ද වැය වේ. නමුත් දකුණේ ජනතාව මේ කරුණු සියල්ලම සැලකිල්ලට ගෙන නිර්මාණය කරන ලද ආහාරයක් ලෙස දෙල් බත හඳුන්වාදිය හැක. දෙල් බත ඉතා සුවඳකින් යුක්ත වන අතර, රස පිළිබඳව අමුතුවෙන් කිව යුතු නොවේ. ‘බඩ පැලෙන්නට’ කන්න පුළුවන් කෑමක් ලෙසත් දෙල් බත දකුණේ ජනප්‍රියයි .....😊😊
Thanks Original Owner 
Copied 🌎🌎 

මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Thursday, August 15, 2024

236. වට්ටක්කා මල් වලින් වඩේ සාදාගන්නා ආකාරය

වට්ටක්කා මල් වලින් වඩේ හදමු... ❤️


වට්ටක්කා ගසේ බොරුමල් කඩා මැද කොටස ඉවත්කර සෝදා ගන්න...

👉භාජයනකට නැවුම් කිරි 100ml ගෙන එයට 
👉ගම්බිරිස් කුඩු. 
👉කහා කුඩු ස්වල්පයක් 
👉ලුණු.. 
👉කැලි මිරිස්.. 
👉රම්පේ කරපිංචා
👉සහා ඊස්ට් ස්වල්පයක් එක්කර  මිශ්‍ර කරගන්න.

⚠️ ️මෙම මිශ්‍රණය ආප්ප මිශ්‍රණයට වඩා ටිකක් උකු ගතියට සාදා ගන්න . එයට පාන්පිටි එක් කරන්න  

 සෝදාගත් වට්ටක්කා මල් මෙම මිශ්‍රණයේ කලවම් කර පසුව  හොදින් රත්වූ ගැබුරු තෙලේ බැදගන්න ...❤️❤️❤️

දැන් තමා අමාරුම හරිය...
නිමෙන්න කලින් රතු වයින් වීදුරුවක් සමග
කා දමන්න  😃😃😃

අමිල ( Amila Prasad Perera  )
මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Wednesday, July 3, 2024

230. කොහිල සිනි සම්බෝල සාදාගන්නා ආකාරය



අවශ්‍ය ද්‍රව්‍ය :-
හීනියට ලියාගත් කොහිල කෝප්ප 2
කරපිංචා ස්වල්පයක්
කපාගත් අමුමිරිස් කරල් 2
සීනි තේහැඳි 2
කූනිස්සන් ස්වල්පයක්
උම්බලකඩ ස්වල්පයක්
ලියාගත් ළූණු ගෙඩි 2
කෑලිමිරිස් තේහැඳි 2
දෙහි යුෂ ස්වල්පයක්
බැදීමට තෙල්
අවශ්‍ය නම් කජු

කපාගත් කොහිල ටික ගැඹුරු තෙලේ බැදගන්න.
ළූණු ටිකත් රන්වන්පාට වෙනකල් බැදගන්න.
කරපිංචා හා අමුමිරිස් තෙලට පොඩ්ඩක් දාලා ගන්න.
වෙනම පෑන් එකක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා රත්වෙනකොට කූනිස්සො හා කෑලිමිරිස් ටික දාගන්න.
මේටික ටිකක් බැදුනම බැදගත් සියල්ලම දාලා කලවම් කරලා රස අනුව ලුණු හා සීනි දාගන්න.
උම්බලකඩ ටිකත් දාලා කලවම් කරලා ලිපෙන් බාලා දෙහි යුෂ එකතු කරන්න.

*****************************************************************************************************

මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Saturday, May 4, 2024

226 චොකලට් පුඩිමක් සාදාගන්නා ආකාරය

 චොකලට් පුඩිමක් සාදාගන්නා ආකාරය


කිරි කෝප්ප 3
ජෙලටින් තේ හැඳි 5
බිත්තර 3
චොක්ලට් පව්ඩර් මේස හැඳි 2
සීනි
වැනිලා තේ හැඳි 2

මුලින්ම බිත්තර කහමද වලට සීනි එකතු කර ටිකක් බීට් කරගන්න. ඒකට කිරි ටික දාලා ලිපේ තියන්න.
ඒක උතුරනකොට චොක්ලට් පව්ඩර් දාලා කලවම් කරන්න.
ඉන්පසු ලිපෙන් බාගන්න.
ජෙලටින් ටික ඩබල් බොයිල් කරගන්න. කැටි නොගැහෙන්න හොඳට හැඳිගාන්න. මේකට වැනිලා ටිකකුත් එකතු කරන්න.
බිත්තර සුදු මද ටික හිම වගේ ඝන වෙනකල් බීට් කරගන්න.
සියල්ලම කිරි මිශ්‍රණයට කලවම් කරන්න.
මේක ෆ්‍රිජ් එකේ දාලා උඩින් චොක්ලට් ග්‍රේට් කරලා ඩ්‍රෙස් කරගන්න.

Amila & Hashi
මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Tuesday, November 14, 2023

215. බැදලා හින්දවා ගත් චිකන් කරි එකක් සාදාගන්නා ආකාරය

බැදලා හින්දවා ගත් චිකන් කරි එක🍗🍲


අවශ්‍ය දෙවල්:
                🥦 චිකන් 
                🥦පොල්තෙල්
                🥦කහා
                🥦ගම්මිරිස් කුඩු
                🥦ලුණු
                🥦මිරිස් කුඩු 
                🥦තුනපහා
                🥦රටලුණු
                🥦සුදුලුණු
                🥦රම්පා,කරපිංචා
                🥦අමුමිරිස්
                🥦කුරුදු පොතු,සියබලා ඉස්ම,
සාදන ආකාරය :
          හොදින් සෝදලා ගත් කුකුල්මස් ටික කහා ගම්මිරිස් ලුණු දලා තම්බා ගන්න.පසුව තම්බා ගත් කුකුල්මස් ටික ගැඹුරු තෙලේ බැද ගන්න.ස්ටොක් වතුර ටික අයින් කර තබා ගන්නා.භාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් දාන්න එක රත්වෙගෙන එද්දී තලා ගත් සුදුලුනු ටික දලා රම්පා කරපිංචා රටලුණු කුරුදු පොතු ටික දාලා කවලම් කරන්න ඒ ටික මැලවීගෙන එද්දී මිරිස් කුඩු තුනපහාකුඩු ටික දලා ටිකක් කවලම් කරන්න පසුව බැදගත් කුකුල්මස් ටික දාලා නැවතත් හොදට කවලම් කරන්න හොදට කවලම් උනාට පස්සේ අමුමිරිස් ටික දමන්න.දැන් අරන් තියා ගත්ත ස්ටොක් වතුර ටික දාන්න.ස්ටොක් වතුර ටික දා ගත් පසු ලුණු රස බලන්න මොකද තම්බ ගන්න ලුණුදාපු නිසා මදි නම් මේ වෙලාවේදි ලුණු එකතු කර ගන්න.දැන් සියඹලා ඉස්ම හෝ තක්කාලි දමා ගන්න. අවශ්‍ය නම් ඉස්ම ටිකක් තියා ගන්න නැතිනම් හින්දවලා ගන්න... 👌😍
මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Sunday, October 1, 2023

214. අප්සයිඩ් ඩවුන් මග්ලුබා රයිස් සාදාගන්නා ආකාරය

අප්සයිඩ් ඩවුන් මග්ලුබා රයිස්


Recipe by නිරංජි සේනානායක

මේක අරාබි බතක්. ක්‍රම කීපයකට හදන බතක් මස්, එළවළු හැමදේම අඩංගු නිසා සලාදයක් හරි මුදවපු කිරි එක්ක විතරකුත් කන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය:*

බාස්මතී හෝ කීරි සම්බා හාල් 500g
කපාගත් චිකන් 500g
තලාගත් සුදු ළූණු බික් 3
චොප් කරගත්ත ළූණු ගෙඩි 2
පෙති කපාගත් වම්බටු ගෙඩි 2
පෙති කපාගත් තක්කාලි ගෙඩි 2
පෙති කපාගත් අල ගෙඩි 2
මීකිරි කප් 1/2
කුරුඳු කුඩු තේ හැඳි 1/4
ගරම් මසාලා තේ හැඳි 1 1/2
මිරිස් කුඩු තේ හැඳි 1/4
කහ ටිකක්
රස අනුව ලුණු
 
සාදන ක්‍රමය:- 

චිකන් වලට මීකිරි, ලුණු, කහ, මිරිස්, සුදු ළූණු, ළූණු, කුරුඳු, කහ සහ ගරම් මසාලා එක් කර මිශ්‍ර කරගෙන චිකන් වැහෙන ගාණට වතුර එකතු කරගෙන විනාඩි 20ක් මදගින්නේ පිසගන්න.

ඒ අතරතුර වම්බටු, අල සහ තක්කාලි ගැඹුරු තෙලේ වෙන වෙනම බැදගෙන තෙල් බේරෙන්නට තියාගන්න.

චිකන් කෑලි ටික පමණක් කරියෙන් පිටතට ගෙන බත පිස ගැනීමට සුදුසු භාජනයක අඩියට අතුරා ගන්න. ඒකට උඩින් බැදගත් වම්බටු, අල සහ තක්කාලි පෙති අතුරාගන්න.

 එයටත් උඩින් සෝදා දිය බේරාගත් හාල් තට්ටුවක් අතුරා, ඉතිරි වූ චිකන් කරිය එයට එකතු කරගන්න. බත පිස ගැනීමට අවශ්‍ය තරම් ජලය මිශ්‍ර කරගන්න.

පියනකින් වසා බත ඉදෙන තුරු විනාඩි 30ක් පමණ පිසගන්න. පිසුණ පසු බන්දේසියක් මතට බත හරවා ගෙන පිලිගන්වන්න.

ඉදිරිපත් කිරීම Garlic and Ginger
මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Saturday, January 14, 2023

204. කොළ වණ්ඩු සාදාගන්නා ආකාරය



😍 Breakfast එකට රසවත් කොළ වණ්ඩු 💚
             •••••••••••••••••••••••••••••••••

මෙන්න රෙසිපිය 📖️✍︎ 

💁 අවශ්‍ය ද්‍රව්‍ය - 
                  👉 අමු හාල් පිටි හුණ්ඩු 2ක්
                  👉 පාන් පිටි හුණ්ඩු 1ක්
                  👉 සීනි මේස හැදි 4ක් 
                  👉 රා හෝ පොල් වතුර හෝ ඊස්ට් ටිකක් 
                  👉 එනසාල් ටිකක් 
                  👉 පැණි පොල් 
                  👉 ලුණු චුට්ටක් 
                  👉 උකු පොල් කිරි ටිකක්

💁 සාදන ක්‍රමය - 

☞︎︎︎ මුලින්ම පැණිපොල් එක හදාගන්න.හකුරු හෝ සීනි එහෙම නැතිනම් පැණි එකතු කරලා හදාගන්න.

☞︎︎︎ පැණි පොල් ගොඩාක් එකතු කරන්නෙත් නෑ.මිශ්‍රණය අනූව සාමාන්‍යය ප්‍රමාණයක් ගන්න.උදේට හදනවනම් පැණි පොල් එක කලින් දවසෙ රෑ හදලා තියාගත්තම පහසුයි.

☞︎︎︎ ඊළඟට පිටි සියල්ලම ඉඩ තියන භාජනයකට දාගන්න. ඊටපස්සෙ ලුණු ටිකක් සීනි හැඳි 2 සහ ඊස්ට් දාලා කලවම් කරන්න.

☞︎︎︎ පස්සේ මේ සියල්ල පොල් වතුරන් අත් ගහ ගන්න..පසුව පියනකින් වසා පිපෙන්න තියන්න..
(මම නම් උදේ ට වණ්ඩු තම්බනවා නම් රෑ 7ට 8ට විතර මේ මිශ්‍රණය හදලා තියනවා..)

☞︎︎︎ දැන් උදේ බලපුවාම හොදින් පිපිලා තියෙන පිටි මිශ්‍රණයට පැණි පොල්, තව සීනි ටිකක්, රස අනුව ලුණු දමා උකු පොල් කිරෙන් අනා ගන්න. (ගොඩක් දියාරු නොවන පරිදි..)

☞︎︎︎ දැන් කැන්ද කොළ අරගෙන මිශ්‍රණයෙන් ටික ටික වක් කරලා හුමාලයෙන් තම්බා ගන්න.

☞︎︎︎ වතුර ලිප තබා එය ඉතුරු පසු වණ්ඩු තම්බා ගන්න. නැත්තම් වණ්ඩුව හොදට පිපිලා එ⁣න්නේ නෑ..

☞︎︎︎ වණ්ඩු ටික හොදින් තැම්බී ඇද්දැයි බැලිමට ඉරටුවකින් ඇන බැලිය හැක.තෙත ඇලෙන ගතියක් නැතිනම් වණ්ඩුව හොදින් තැම්බී ඇත..

☞︎︎︎ ඔයාලත් මේ රස ම රස කොළ වණ්ඩු හදලා බලන්නකෝ..😍😋❤️ උදෑසන ආහාරයට සහ හවස tea time එකටත් කියාපූ කෑමක්.. 



මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Monday, January 25, 2021

192. කතුරුමුරුංගා මල් ඔම්ලට් සාදාගන්නා ආකාරය

වස විස නැති කතුරුමුරුංගා මල් ඔම්ලට් 🍲 අ


වශ්‍ය වන්නේ, 🔖
 කතුරුමුරුංගා මල් කිහිපයක් 🔖
 බිත්තර 2ක් 🔖 
ලියාගත් බී ලූණු, අමුමිරිස් හා තක්කාලි 🔖 ගම්මිරිස් කුඩු ස්වල්පයක් 🔖
 කතුරුමුරුංගා කොල ටිකක් 🔖 
පදමට ලුනු

 හදන්නේ මෙහෙමයි, 🔖 
කතුරුමුරුංගා මල් හොඳින් ලුනු වතුරෙන් සෝදා වතුර බේරා මැද රේණු කොටස අයින් කරලා පෙති වෙන් කර ගන්න. කතුරුමුරුංගා කොල ටිකකුත් සෝදා ගන්න. 🔖

 බිත්තර භාජනයකට දාලා හොඳින් ගසාගෙන එයට පදමට ලුනු එකතු කර පසෙකින් තබා ගන්න. 🔖

 දැන් Nonstick පෑන් එකක් ලිපේ තියලා ඒකට බටර් හෝ තෙල් ස්වල්පයක් දාලා රත්කර එයට ගසාගත් බිත්තර ටික එකතු කරන්න. 🔖

 ඒක උඩින් ලියාගත් අමුමිරිස්, බී ලූණු, කතුරුමුරුංගා මල් හා කොල සමඟ තක්කාලි ටිකත් එකතු කර සාමාන්‍ය ඔම්ලට් හදන විදිහට ටික වේලාවක් ලිපේ තබා පරිස්සමෙන් අනිත් පැත්ත හරවා බැද ගන්න. 🔖 

අවසානයට ඔම්ලට් එක උඩට ගම්මිරිස් ඉසින්න. (අවශ්‍ය නම් මෙයට උම්බලකඩ එකතු කර ගන්න පුලුවන්)
මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Friday, December 11, 2020

190. කුකුල්මස් ස්ටූ සාදාගන්නා ආකාරය

කුකුල්මස් ස්ටූ සාදාගන්නා ආකාරය 



කුකුල් 1kg 
ලොකු ළූණූ ගෙඩි 5 
අමුමිරිස් කරල් 6 (මැදින් ඉරකින් වෙන් නොවන්න කපාගන්න ) 
කරපිංචා 
කුරුදුපොතු කෑල්ලක් 
 තලාගත් සුදුලූණූ බික් 20 
ගම්මිරිස් කුඩු මේස හැදි 3

 විනාකිරි මේස හැදි 2, 
අබ තේ හැදි 2 මේ දෙක එකට අඹරාගන්න.
 ( මන් ගත්තේ සුදු මිදි විනාකිරි ) 

සියඹලා ඇට 10ක් 
කහ,ලුනු එනසාල් 

සාදාගන්නා ආකාරය 
 කුකුල්මස් හොදින් සෝදා කහ ,ලුනු ,ගම්මිරිස් මේස හැදි 3 ,සියඹලා සහ වතුර දමා පැයක් තම්බගන්න වතුර හිදිලා ඉස්ම ගතිය එනකන්. ලූණූ රවුමට කපාගන්න .භාජනයකට තෙල් ටිකක් දමා රත් වූ පසු පලමුව තලාගත් සුදුලූණූ දමා බැදගන්න ,ඉන්පසු එයටම රවුමට කපාගත් ලූණූ දමා යන්තමින් බැදෙන විට ගම්මිරිස් මේස හැදි 1 කුරුදුපොතු කෑල්ලක් දමා කලවම් කරගෙන කුකුල්මස් ටික ඉස්ම එක්කම දමාගෙන කලවම් කර අමුමිරිස්, කරපිංචා, එනසාල් ,විනාකිරෙන් අඹරපු අබ එකතුකර රස අනුව ලුනු ස්වල්පයක් දමන්න.හරිම ලෙහෙසි හරිම රසයි .

මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Thursday, April 23, 2020

187. පොලොස් වලින් ලිංගුස් ( සොසෙජස් ) නිවසේදි සාදාගන්නා ආකාරය

. පොලොස් වලින් ලිංගුස් ( සොසෙජස් ) නිවසේදි සාදාගන්නා ආකාරය 


අවශ්‍ය දාව්‍ය

පොළොස් 250g
බිත්තර එකයි
කඩල පිටි 125g
ලොකු ලූණු ගෙඩියක්                
අමු මිරිස් කරල් 4ක්
සුදු ලූණු බික් 4
ඉගුරැ කෑල්ලක්
මිරිස් කුඩු මෙිස හැදි 1
තුනපහ කුඩු මෙිස හැදි 1
කෑලි මිරිස් මෙිස හැදි 1
කහ කුඩු තේ හැදි 1
ලුනු රස අනුව
⁣දෙහි ගෙඩික යුෂ
ගමමිරිස් කුඩු තේ හැදි 1.5
මාලු (කැමති මස් වර්ගයකින්) 100g

සාදන ක්‍රමය

පොළොස් ලුණු කහ ගොරකා යොදාගෙන තමිබා ගන්න..
තමිබා ගත් පොළොස් හොදින් පොඩි කර එයට බිත්තරය හැර අනෙකුත් සියලු දේවල් එකතු කර හොදින් කවලමි කරන්න.
බිත්තරය ගසා කෙන ටිකෙන් ටික ඒකට එකතු කර තරමක් ඝන මෝලියක් සදා ගන්න..

පොලිතින් එකකට පොඩි කොටසක් දමා පොෆියක් ආකාරයෙන් දෙකොනිනි තද කර ගන්න.

විනාඩි 20ක් steem කර ගන්න.. විගසින් අයිස් වතුර භාජනයකට බහා නිවා ගෙන අවශ්‍ය පරිදි කෑමට සකස් ගර ගන්න


මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Featured Post

246. හැමතැනම නැති මිල අධික ගාලික් බෙඩ් සාදාගන්නා ආකාරය

හැමතැනම  නැති මිල අධික ගාලික් බෙඩ් සාදාගන්නා ආකාරය  අවශ්‍ය  ද්‍රව්‍ය පාන් පෙති 08 බටර් (ලුණු රහිත )100g ගා ගත් සුදුලූණු මේස හැඳි 1- 1/2 ලුණු...