Thursday, April 11, 2019

161. රසවත් කතුරුමුරුංගා බැදුමක් සාදාගන්නා ආකාරය srilanka cooking

කල්තබාගෙන රස විඳින්න පුලුවන් බැදුමක් තමයි මේ..

💐 පිරිසිදු කළ කතුරුමුරුංගා කොළ සෝදා වතුර බිදක් වත් නැතිවනතුරු අතුරා තබන්න.වතුර පිටින් එක්කරොත් බදිනා විට තෙල් විසි වෙනවා..

💐 වියළි හාල්මැස්සන් පිරිසිදු කර වතුර ඉවත්වනතුරු තබන්න.වියළි මිරිස්ද එසේම කරන්න.වියළි මිරිස් කැබලි 3කට කඩාගන්න.

💐 පපඩම් කුඩා කොටු ආකාරයට කපා පසෙකින් තබන්න.

💐 සියල්ලම ගැඹුරු තෙලේ බැදගන්න .කතුරුමුරුංගා කොළ හොදින් තෙල් බේරෙන තුරු තබාගන්න .ඉන්පසු කෑලි මිරිස් හා ලුණු කුඩු එක්කර මිශ්‍රකරගන්න.මිශ්‍රකරගන්නා විට කොළ පොඩි නොකර මිශ්‍රකරගන්න.
වීදුරු බෝතලයක දමා සුලං නොවදින අයුරින් තබන්න.වැඩි දින ගණනක් තබා ගන්නවා නම් ශීතකරණයේ තබන්න.
කෑමට ගන්නා විට තක්කාලි සෝස් මිශ්‍ර කරගත් විට රසවත්ය..

💐 රටකජු හෝ කජු,නූඩ්ල්ස් ද ගැඹුරු තෙලේ බැද මේබැදුමටම එක්කර ගත හැක.. 





මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Featured Post

239. මස්කට් සාදාගන්නා ආකාරය

මස්කට් සාදාගන්නා ආකාරය  අවශ්‍ය ද්‍රව්‍ය *໑໑ 88 (corn flour) *ඉරිගු පිටි දිය කිරීමට වතුර 130ml *සීනී 300g *සීනී දිය කිරිමට වතුර 250ml *දෙහි ම...