Friday, July 5, 2024

231. -මාස 6ට වැඩි බබාලට පියුරි වර්ග - sසාදාගන්නා ආකාරය

-මාස 6ට වැඩි බබාලට පියුරි වර්ග -




දරුවන්ගේ පෝෂණය සඳහා ලබා දිය හැකි එළවළු පියුරි කිහිපයක් පහතින් දක්වා ඇත.

මෙම එළවළු පියුරි ඕනෑම ප්‍රධාන වේලකට හෝ අමතර වේලකට ලබා දීමේ හැකියාව ඇත.

මෙම එළවළු පියුරි ,

ක්‍රීම් ගතියෙන් යුතු නිසා දරුවාට ගිලීමට පහසුයි.

එළවළු වල ස්වාභාවික රසය ඉස්මතු වන ලෙස පිළියල කළ යුතුයි.

එළවළුවල රසය වැඩි කරන්න බටර්  ,බිත්තර හෝ මාළු , මාස 7 සිට කුළුබඩුවර්ග දමා හෝ පිසිය හැක.

1.බ්‍රාකෝලි පියුරි

වැඩෙන දරුවාට අත්‍යවශ්‍ය විටමින් සහ සෞඛ්‍යය සම්පන්න මේද වලින් පිරුණු එළවළුවකි.

බ්‍රොකලි සහ අල ගෙඩියක් කුඩා කෑලිවලට කපා තම්බා තම්බා ගන්න.

ඉන්පසු එය ක්‍රීම් වන තුරු හොදින් පොඩි කරන්න.බ්ලෙන්ඩර් කරන්නත් පුළුවන්.

ඉන්පසු ඔලිව් ඔයිල් හෝ බටර් ස්වල්පයක් එකතු කරන්න.

2.කැරට්/බතල පියුරි

කැරට් අලයක් හෝ

පොතු ඉවත් කරගත් බතල අලයක්

ඔලිව් තෙල් හෝ බටර්

වතුර ස්වල්පයක් 

බතල හෝ කැරට් අලය හොදින් තම්බාගෙන පොඩි කරන්න.

එයට වතුර ස්වල්පයක් එක් කර බ්ලෙන්ඩර් කරගන්න.

ඔලිව් ඔයිල් හෝ බටර් එකතු කර දරුවාට ලබා දෙන්න.

3.වට්ටක්කා හා බඩ ඉරිගු පියුරි

වට්ටක්කා සහ  වාශ්පයෙන් තම්බා ගන්න.

බඩ ඉරිගු කරලක් හොදින් තම්බාගෙන ඇට ඉවත් කරගන්න.(මාස 8ට වැඩි නම් පමණක්)

තම්බාගත් වට්ටක්කා සහ බඩ ඉරිගු ඇට බටර් හෝ ඔලිව් ඔයිල් දමා බ්ලෙන්ඩර් කරගන්න.

4.බටානා පියුරි

බටානා හොදින් තම්බාගෙන එයට තම්බාගත් මාළු කෑල්ලක් එකතු කර බටර් හෝ ඔලිව් ඔයිල් සමග බ්ලෙන්ඩර් කරගන්න/ හොදින් ක්‍රීම් වනතෙක් පොඩි කරගන්න.

5.කැරට් ඉගුරු පියුරි

කැරට් තම්බාගෙන එයට  ඉගුරු,තල ඇට හා බටර් /ඔලිව් ඔයිල් එක් කර බ්ලෙන්ඩර් කරන්න.

-කෞශල්‍යා පෙරේරා -
මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Featured Post

239. මස්කට් සාදාගන්නා ආකාරය

මස්කට් සාදාගන්නා ආකාරය  අවශ්‍ය ද්‍රව්‍ය *໑໑ 88 (corn flour) *ඉරිගු පිටි දිය කිරීමට වතුර 130ml *සීනී 300g *සීනී දිය කිරිමට වතුර 250ml *දෙහි ම...