Wednesday, July 3, 2024

230. කොහිල සිනි සම්බෝල සාදාගන්නා ආකාරය



අවශ්‍ය ද්‍රව්‍ය :-
හීනියට ලියාගත් කොහිල කෝප්ප 2
කරපිංචා ස්වල්පයක්
කපාගත් අමුමිරිස් කරල් 2
සීනි තේහැඳි 2
කූනිස්සන් ස්වල්පයක්
උම්බලකඩ ස්වල්පයක්
ලියාගත් ළූණු ගෙඩි 2
කෑලිමිරිස් තේහැඳි 2
දෙහි යුෂ ස්වල්පයක්
බැදීමට තෙල්
අවශ්‍ය නම් කජු

කපාගත් කොහිල ටික ගැඹුරු තෙලේ බැදගන්න.
ළූණු ටිකත් රන්වන්පාට වෙනකල් බැදගන්න.
කරපිංචා හා අමුමිරිස් තෙලට පොඩ්ඩක් දාලා ගන්න.
වෙනම පෑන් එකක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා රත්වෙනකොට කූනිස්සො හා කෑලිමිරිස් ටික දාගන්න.
මේටික ටිකක් බැදුනම බැදගත් සියල්ලම දාලා කලවම් කරලා රස අනුව ලුණු හා සීනි දාගන්න.
උම්බලකඩ ටිකත් දාලා කලවම් කරලා ලිපෙන් බාලා දෙහි යුෂ එකතු කරන්න.

*****************************************************************************************************

මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Featured Post

244. එලවලු චොප්සි සාදාගන්නා ආකාරය

🌻චොප්සි (vegetable chopsuey)🌻 ~~~අවශ්‍ය දේවල් කැරට් ගෙඩියක් අල ගෙඩියක්  බෝංචි කරල් කීපයක් රතු/කහ/කොළ පාට බෙල් පෙපර් කැබලි කීපයක්  ගෝවා කොළ...