Saturday, January 14, 2023

204. කොළ වණ්ඩු සාදාගන්නා ආකාරය



😍 Breakfast එකට රසවත් කොළ වණ්ඩු 💚
             •••••••••••••••••••••••••••••••••

මෙන්න රෙසිපිය 📖️✍︎ 

💁 අවශ්‍ය ද්‍රව්‍ය - 
                  👉 අමු හාල් පිටි හුණ්ඩු 2ක්
                  👉 පාන් පිටි හුණ්ඩු 1ක්
                  👉 සීනි මේස හැදි 4ක් 
                  👉 රා හෝ පොල් වතුර හෝ ඊස්ට් ටිකක් 
                  👉 එනසාල් ටිකක් 
                  👉 පැණි පොල් 
                  👉 ලුණු චුට්ටක් 
                  👉 උකු පොල් කිරි ටිකක්

💁 සාදන ක්‍රමය - 

☞︎︎︎ මුලින්ම පැණිපොල් එක හදාගන්න.හකුරු හෝ සීනි එහෙම නැතිනම් පැණි එකතු කරලා හදාගන්න.

☞︎︎︎ පැණි පොල් ගොඩාක් එකතු කරන්නෙත් නෑ.මිශ්‍රණය අනූව සාමාන්‍යය ප්‍රමාණයක් ගන්න.උදේට හදනවනම් පැණි පොල් එක කලින් දවසෙ රෑ හදලා තියාගත්තම පහසුයි.

☞︎︎︎ ඊළඟට පිටි සියල්ලම ඉඩ තියන භාජනයකට දාගන්න. ඊටපස්සෙ ලුණු ටිකක් සීනි හැඳි 2 සහ ඊස්ට් දාලා කලවම් කරන්න.

☞︎︎︎ පස්සේ මේ සියල්ල පොල් වතුරන් අත් ගහ ගන්න..පසුව පියනකින් වසා පිපෙන්න තියන්න..
(මම නම් උදේ ට වණ්ඩු තම්බනවා නම් රෑ 7ට 8ට විතර මේ මිශ්‍රණය හදලා තියනවා..)

☞︎︎︎ දැන් උදේ බලපුවාම හොදින් පිපිලා තියෙන පිටි මිශ්‍රණයට පැණි පොල්, තව සීනි ටිකක්, රස අනුව ලුණු දමා උකු පොල් කිරෙන් අනා ගන්න. (ගොඩක් දියාරු නොවන පරිදි..)

☞︎︎︎ දැන් කැන්ද කොළ අරගෙන මිශ්‍රණයෙන් ටික ටික වක් කරලා හුමාලයෙන් තම්බා ගන්න.

☞︎︎︎ වතුර ලිප තබා එය ඉතුරු පසු වණ්ඩු තම්බා ගන්න. නැත්තම් වණ්ඩුව හොදට පිපිලා එ⁣න්නේ නෑ..

☞︎︎︎ වණ්ඩු ටික හොදින් තැම්බී ඇද්දැයි බැලිමට ඉරටුවකින් ඇන බැලිය හැක.තෙත ඇලෙන ගතියක් නැතිනම් වණ්ඩුව හොදින් තැම්බී ඇත..

☞︎︎︎ ඔයාලත් මේ රස ම රස කොළ වණ්ඩු හදලා බලන්නකෝ..😍😋❤️ උදෑසන ආහාරයට සහ හවස tea time එකටත් කියාපූ කෑමක්.. 



මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Featured Post

239. මස්කට් සාදාගන්නා ආකාරය

මස්කට් සාදාගන්නා ආකාරය  අවශ්‍ය ද්‍රව්‍ය *໑໑ 88 (corn flour) *ඉරිගු පිටි දිය කිරීමට වතුර 130ml *සීනී 300g *සීනී දිය කිරිමට වතුර 250ml *දෙහි ම...