Tuesday, December 5, 2023

216. රෝස්ට් චිකන් කරියක් සාදාගන්නා ආකාරය

🥘 රෝස්ට් චිකන් කරිය🥘


කරියට වගේම බයිට් එකටත් මරු...

අවශ්‍ය ද්‍රව්‍ය:

🍗 පොඩි කැබලි කපාගත් කුකුල් මස් 500g
🍗 බැදපු තුනපහ තේ හැන්දක්
🍗 මිරිස් කුඩු තේ හැඳි භාගයක් 
🍗 ගම්මිරිස් කුඩු තේ හැඳි භාගයක් 
🍗 සිහින්ව කපාගත් වියළි මිරිස් කරල් 5-6ක්
🍗 තලාගත් සුදු ළූණු බික් 3-4ක්
🍗 තලාගත් ඉඟුරු අඟලක කැබැල්ලක්
🍗 කුඩාවට කපාගත් බී ළූණු ගෙඩියක්
🍗 කරපිංචා ඉති 4-5ක්
🍗 සිහින්ව ලියාගත් සේර බඩයක්
🍗 ලා දුඹුරු පාට වනතුරු බැද  ගෙන කුඩුකර ගත් පොල් මේස හැඳි 2ක්
🍗 සීනි තේ හැන්දක්
🍗 ලුණු අවශ්‍ය පමණට
🍗 දෙහි බෑයක යුෂ
🍗 පොල් තෙල් කෝප්ප කාලක්

සාදන ක්‍රමය:

මුලින්ම  මස් ටිකට දෙහි බෑයක යුෂ, කහ ටිකක්, ලුණු කුඩු ටිකක් දමා අතගා පැය භාගයක් පමණ පසෙකින් තියාගන්න.

දැන් මැටි හට්ටියක් ලිපේ තබා එයට පොල් තෙල් දමා විනාඩියක් රත් කරන්න. තෙල් රත්වූ පසු එයට තුනපහ කුඩු, මිරිස් කුඩු සහ සිහින් ව කපා ගත් වියළි මිරිස් දමා විනාඩියක් පමණ බැද ගන්න.

දැන් එයට ලූණු එක්කර හොඳින් තෙම්පරාදු කරන්න.

මේ තෙම්පරාදුවට කරපිංචා, සේර, සුදුලූනු හා ඉඟුරු දමන්න. ලිපේ දැල්ල අඩු කර විනාඩි 2-3ක් මිශ්‍රණය තෙම්පරාදු කරන්න

මීළඟට සීසන් කරගත් කුකුල් මස් ටික දමා ලිපේ දැල්ල අඩු කර විනාඩි 5ක් පමණ බැදෙන්නට හරින්න.

මස් ටික යන්තමට බැදීගෙන එද්දී එයට අඹරාගත් පොල්, ගම්මිරිස්, ලුණු සහ සීනි එකතු කර හොඳින් හැඳි ගාන්න. දැන් ලිපේ දැල්ල අඩු කර පියන වසා විනාඩි 20-30ක් පිස ගන්න. විටින් විට හැඳි ගාමින් පියන ඇර බලන්න.

තෙල් වෙන්වී වතුර ගතිය සිඳී ගිය පසු ලිපෙන් බාගෙන දෙහි යුෂ එකතු කරන්න. 

උපුටාගැනීමකි මුල්අයිතිකරුට ස්තූතියි

මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Featured Post

243.පපඩම් සාදාගන්නා ආකාරය

පපඩම් (Papadam).   (සාමාන්‍ය ප්‍රමානයේ පපඩම් 50 ක් සඳහා ) 350g පමණ ) අවශ්‍ය ද්‍රව්‍ය : උඳු පිටි 200g පාන් පිටි 100g ලුණු 20g පොල් ත...