Wednesday, May 22, 2024

229. .ලබු කිරිබත් සාදාගන්නා ආකාරය

අහලා තිබ්බට කාල නැති ලබු කිරිබත්🤤🍐| 
මේක හදාගන්න හරිම ලේසි! ඒවගේම ගොඩාක් රසයි!


රෙසපි එක💛
හාල් රයිස් කුකුර් කප් එකෙන් 2 1/2(හුන්ඩු ගන්නවා නම් 2ක් විතර)
සමාන්‍ය ප්‍රමාණයේ ලබු ගෙඩියක් 
වතුර කප් 4ක් (මේක ඔයාලා ගන්න හාල් වර්ගය අනුව වෙනස් වෙනවා... මම ගත්තේ බාස්මති හාල්)
උකු පොල් කිරි කෝප්ප 2ක්
ලුනු අවශ්‍ය ප්‍රමාණයට(මට ලුනු තේහැඳි 1 1/2 ක් වගේ ඕන උනා)
සාදන ක්‍රමය💛
-මුලින්ම ලබු ගෙඩිය හොදින් හෝදගෙන ඒක පොත්ත ඉවත් කරගෙන පොඩි කෑලි වලට කපාගන්න. 
-ඊට පස්සේ හාල් ටික අරගෙන ඒක හොඳින් පිරිසිදු කරගෙන බාජනයකට දාලා වතුර දලා හොඳින් තම්බගන්න. මිනිත්තු 15-20 ක් වගේ පියනින් වහලා ගින්දර අඩු වැඩි කරමින් මේක තම්බගන්න. 
-ඊට පස්සේ උකු පොල් කිරි එකට ලුනු ටික එකතු කරගෙන හොදින් කලවම් කරගෙන 
-ඊට පස්සේ අපි පොඩියට කපාගත්තු ලබු කෑලි ටික සහ උකු පොල් කිරි ටික එකතු කරගෙන පියනින් වහලා හොදින් ලබු කෑලි ටික තැම්බෙනකම් සහ උකු පොල් කිරි ටික හිදෙනකම් පියනින් වහලා උයාගන්න. මේ වේලාවදි ලුනු බලන්න මදිනම් එකතු කරගන්න💛
ඉතින් මේ රසම රස කිරිබත් එක හදලා නැත්නම් හදලා බලන්න ගොඩාක් රසයි🥹💚සහ හරිම ලේසි මේක ඔයාලට හදාගන්න💚 හැදුවොත් මටත් රස කියන්න😍
Here’s the recipe💛
Ingredients:
- 2 1/2 cups of Basmati rice
- 4 cups of water
- 2 cups of thick coconut milk
- 1 1/2 teaspoons of salt
- 1 medium-sized bottle gourd, peeled and cut into small cubes
Instructions:
1. Begin by cleaning the bottle gourd, peeling its skin, and cutting it into small, cubed chunks.
2. Rinse the Basmati rice thoroughly under cold water until it runs clear.
3. In a large pot, combine the rinsed rice and water. Cover the pot, bring it to a boil, then reduce the heat to medium and simmer until the rice is tender and has absorbed most of the water (approximately 15-20 minutes).
4. While the rice cooks, mix salt into the thick coconut milk.
5. Once the rice is cooked, add the bottle gourd chunks and the salted coconut milk to the pot.
6. Stir well and let it simmer on low heat until the coconut milk is absorbed, resulting in a creamy texture.
7. Taste and adjust salt if necessary.
8. Remove the pot from heat and let it sit for a few minutes.
9. Transfer the milk rice to a flat dish, spreading it evenly.
10. Allow it to cool before cutting it into square or diamond-shaped pieces.

Serve the milk rice with your preferred accompaniments, such as Sri Lankan Chili Paste (lunumiris) or a banana. Enjoy the delicious flavors of authentic Sri Lankan milk rice with bottle gourd🤤!
උපටාගැනිමක් 
Amila & Hashi
මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Featured Post

239. මස්කට් සාදාගන්නා ආකාරය

මස්කට් සාදාගන්නා ආකාරය  අවශ්‍ය ද්‍රව්‍ය *໑໑ 88 (corn flour) *ඉරිගු පිටි දිය කිරීමට වතුර 130ml *සීනී 300g *සීනී දිය කිරිමට වතුර 250ml *දෙහි ම...