Sunday, January 19, 2025

243.පපඩම් සාදාගන්නා ආකාරය

පපඩම් (Papadam).  


(සාමාන්‍ය ප්‍රමානයේ පපඩම් 50 ක් සඳහා )
350g පමණ )
අවශ්‍ය ද්‍රව්‍ය :

උඳු පිටි 200g
පාන් පිටි 100g
ලුණු 20g
පොල් තෙල් 10g
ආප්ප සෝඩා 10g
උතුරන වතුර 150ml
බැදගත් හාල් පිටි 25g

සාදන ක්‍රමය :

උතුරන වතුර එකට ආප්පසෝඩා දමා දිය කරන්න .
රොඩු ඇත්නම් පෙරන්න 

පාන්පිටි සහ උඳු පිටි එකට මිශ්‍ර කර තුන් වරක් හලන්න .

මෙම පිටි වලට ලුණු සහ ආප්පසෝඩා මිශ්‍රනය ටික ටික එක්කර මින් මෝලිය සාදාගන්න .
තරමක් තදට හදා ගත් මෝලියට තෙල් එක්කරමින් හොඳින් අනන්න.

ඉන්පසු වංගෙඩියක දමා පැය 1/2 පමණ හොඳින් කොටන්න. ( විකල්පයක් ලෙස පාන් මෝලිය අල්ලන ආකාරයට , ඇදෙන සුලු තත්වයට එනතුරු අත් ගසන්න )

පදම් කල මෝලියෙන් සමාන කොටස් කඩා , අත්ලෙන් තෙරපා පැතලි කර , බැදගත් හාල් පිටි තවරමින් එක උඩ එක තබා තුනී කරන්න.
හෝ කැමති ආකාරයකට තුනී කර කටරයකින් හැඩ තල කපා ගන්න. තුනී වූ තරමට ලාබදායි වේ

(ලෑල්ලට හා රෝලිං පින් එකට තෙල් ටිකක් ආලේප කර ඇලීම වලක්වා ගන්න)

ඉන්පසු ලෑල්ලක අතුරා මද පවනේ දෙපැත්ත පෙරලමින් පැයක් පමණ වේලාගන්න.

80* c උෂ්නත්වය ට අවන් එකේ වේලෙන්න පුලුවනි.

පසුව තැවරී ඇති වැඩිපුර පිටි ඉවත් කර ඇසුරුම් කරන්න .

අවුරුද්දක් පමණ තබා ගත හැක.

*** මසාල පපඩම් සදහා :
 රත් කරගත්, සූදුරු , සිහින්ව ලියා ගත් කරපිංචා , කෑලි මිරිස් , පදම් කල මෝලියට එක් කරගත හැක.

Recipe by Seetha ponnamperuma 

උ.ගැ.
මුල් හිමිකරුට ස්තූතියි 🙏🙏
මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Featured Post

243.පපඩම් සාදාගන්නා ආකාරය

පපඩම් (Papadam).   (සාමාන්‍ය ප්‍රමානයේ පපඩම් 50 ක් සඳහා ) 350g පමණ ) අවශ්‍ය ද්‍රව්‍ය : උඳු පිටි 200g පාන් පිටි 100g ලුණු 20g පොල් ත...