Friday, December 11, 2020

190. කුකුල්මස් ස්ටූ සාදාගන්නා ආකාරය

කුකුල්මස් ස්ටූ සාදාගන්නා ආකාරය 



කුකුල් 1kg 
ලොකු ළූණූ ගෙඩි 5 
අමුමිරිස් කරල් 6 (මැදින් ඉරකින් වෙන් නොවන්න කපාගන්න ) 
කරපිංචා 
කුරුදුපොතු කෑල්ලක් 
 තලාගත් සුදුලූණූ බික් 20 
ගම්මිරිස් කුඩු මේස හැදි 3

 විනාකිරි මේස හැදි 2, 
අබ තේ හැදි 2 මේ දෙක එකට අඹරාගන්න.
 ( මන් ගත්තේ සුදු මිදි විනාකිරි ) 

සියඹලා ඇට 10ක් 
කහ,ලුනු එනසාල් 

සාදාගන්නා ආකාරය 
 කුකුල්මස් හොදින් සෝදා කහ ,ලුනු ,ගම්මිරිස් මේස හැදි 3 ,සියඹලා සහ වතුර දමා පැයක් තම්බගන්න වතුර හිදිලා ඉස්ම ගතිය එනකන්. ලූණූ රවුමට කපාගන්න .භාජනයකට තෙල් ටිකක් දමා රත් වූ පසු පලමුව තලාගත් සුදුලූණූ දමා බැදගන්න ,ඉන්පසු එයටම රවුමට කපාගත් ලූණූ දමා යන්තමින් බැදෙන විට ගම්මිරිස් මේස හැදි 1 කුරුදුපොතු කෑල්ලක් දමා කලවම් කරගෙන කුකුල්මස් ටික ඉස්ම එක්කම දමාගෙන කලවම් කර අමුමිරිස්, කරපිංචා, එනසාල් ,විනාකිරෙන් අඹරපු අබ එකතුකර රස අනුව ලුනු ස්වල්පයක් දමන්න.හරිම ලෙහෙසි හරිම රසයි .

මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Featured Post

244. එලවලු චොප්සි සාදාගන්නා ආකාරය

🌻චොප්සි (vegetable chopsuey)🌻 ~~~අවශ්‍ය දේවල් කැරට් ගෙඩියක් අල ගෙඩියක්  බෝංචි කරල් කීපයක් රතු/කහ/කොළ පාට බෙල් පෙපර් කැබලි කීපයක්  ගෝවා කොළ...