Thursday, October 15, 2015

111. මාළු මිරිසට සාදාගන්නා ආකාරය

මාළු මිරිසට සාදාගන්නා ආකාරය



අවශ්‍ය ද්‍රව්‍ය
°°°°°°°°°°°°°°°°°°°°°°
මාළු ග්‍රෑම් 500 යි
මිරිස් කුඩු මේස හැඳි 1 1/2 යි
 ගම්මිරිස් කුඩු තේ හැඳි 1 යි
රම්පේ, කරපිංචා
 අමු ඉගුරු කැබැල්ලක්
සුදු ළූණු බික් 3 ක්
 අමු මිරිස් කරල් 2 ක්
කුරුඳු කැබැල්ලක්
ගොරකා කැබලි 4 ක් පමණ
ලුණු අවශ්‍ය පමණ

සාදන ක්‍රමය
°°°°°°°°°°°°°°°°°°

මාළු කපා සෝදා ගන්න. අමු ඉඟුරු හා සුදු ළූණු අඹරාගන්න. ගොරකා ද අඹරාගන්න. බඳුනකට මේ සියළුම දුව්‍ය සමග මිරිස් කුඩු ඇතුළුව මාළුද දමන්න. හොඳින් කළවම් කර මාළු කැබලි වැසෙන සේ වතුර ටිකක්ද දමා කළවම් කර මද ගින්නේ පිසගන්න.
(ඔබට අවශ්‍යනම් ගොරකා, ඉගුරු,සුදු ළූණු අඔරන්නේ නැතිව එකතු කරන්නත් පුඵවන්.)


Amila & Hashi
තව කෙනෙකුට කියවන්න Share කරන්න

Featured Post

239. මස්කට් සාදාගන්නා ආකාරය

මස්කට් සාදාගන්නා ආකාරය  අවශ්‍ය ද්‍රව්‍ය *໑໑ 88 (corn flour) *ඉරිගු පිටි දිය කිරීමට වතුර 130ml *සීනී 300g *සීනී දිය කිරිමට වතුර 250ml *දෙහි ම...