Sunday, June 23, 2019

164. දැල්ලෝ ඩෙවල් එකක් සාදාගන්නා ආකාරය

දැල්ලො ඩෙවල් එකක් හදන හැටි Recipe එකත් එක්කම මෙන්න


මුහුදු ආහාර වලින් දැල්ලො කියන්නේ ගොඩක් දෙනෙක් කන්න ආස කෑමක් නේ. දැල්ලෝ එක එක විදියට සමහරු උයනවා. ඔන්න අපි අද කියන්න යන්නේ දැල්ලො ඩෙවල් එකක් අළුත් රසයකට හදන හැටි.

අවශ්‍ය ද්‍රව්‍ය :
දැල්ලන් ග්‍රෑම් 200 ක්, 
පොඩියට කපාගත් ළූණු ග්‍රෑම් 15 ක්,
 ලොකුවට කපාගත් ළූණු ග්‍රෑම් 50 ක්,
 ලොකුවට කපාගත් මාළු මිරිස් ග්‍රෑම් 30 ක්, පොඩියට කපාගත් තක්කාලි ග්‍රෑම් 30 ක්, 
කෑලි මිරිස් මේස හැඳි 1/2 ක්, 
තෙල් මේස හැඳි 2 ක්, 
කහ කුඩු තේ හැඳි 1/4 ක්, 
පොඩියට කපාගත් සුදු ළූණු තේ හැඳි 1 ක්, පොඩියට කපාගත් ඉඟුරු තේ හැඳි 1/2 ක්,
 හතරට පලාගත් අමු මිරිස් කරල් 4 ක්, 
දෙහි ගෙඩියක යුෂ,
 ලුණු,
 රම්පේ, කරපිංචා, කුරුඳු පොතු

පිළියෙළ කර ගන්නා ආකාරය :
දැල්ලන් හොඳින් සෝදා කපාගෙන දිය බේරෙන්නට හරින්න. තාච්චියක් ලිප තබා එයට තෙල් දමා ලොකුවට කපාගත් ළූණු , රම්පේ, කරපිංචා, සුදු ළූණු, අමු ඉඟුරු, කුරුඳු පොතු එක්කොට බැදෙන්න හරින්න. ඊටම කෑලි මිරිස්, ලුණු හා තක්කාලි ද එක්කරන්න. තක්කාලි හොඳට පොඩි වන්නට හැර දැල්ලන්, ළූණු, මාළු මිරිස්, තක්කාලි හා දෙහි දමා මිශ්‍ර කරන්න. මෙය පස්දෙනෙකුට පමණ සෑහේ.



මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Featured Post

239. මස්කට් සාදාගන්නා ආකාරය

මස්කට් සාදාගන්නා ආකාරය  අවශ්‍ය ද්‍රව්‍ය *໑໑ 88 (corn flour) *ඉරිගු පිටි දිය කිරීමට වතුර 130ml *සීනී 300g *සීනී දිය කිරිමට වතුර 250ml *දෙහි ම...