Monday, February 6, 2023

208. කරවල කරත්ත කරිය හදමු

කරත්ත හොද්ද හදමු 


මේ රෙසපි එක කරත්ත වල යන අය බත් කන්න හදන එකම වෑංජනය. හරිම රසයි. 

අවශ්‍ය ද්‍රව්‍ය- 

අර්තාපල් ග්‍රෑම් 100
කරවල ග්‍රෑම් 50
බී ලූනු ග්‍රෑම් 50
රතු ලූනු (කුඩාවට කපාගත්) ග්‍රෑම් 50
මෑ කරල් ග්‍රෑම් 75
තක්කාලි ග්‍රෑම් 75
වට්ටක්කා ග්‍රෑම් 75
නිවිති කොළ ග්‍රෑම් 75
කරි කුඩු මේස හැඳි 1 1/2
කහ කුඩු තේ හැඳි 1/2
මිරිස් කුඩු තේ හැඳි 1/2
මිටිකිරි අඬු කෝප්ප 1 1/2
දියකිරි අඬු කෝප්ප 3
සුදු ලූනු බික් 6
ලුණු
කරපිංචා
අමු මිරිස්
කුරුඳු පොතු ස්වල්පයක්

කරවල කරත්ත කරිය හදමු

01. බී ලූනු සුද්ද කර හතරට පළාගන්න. අල සුද්ද කර අඟල් 1 1/2 කෑලි කපාගන්න. මෑ කරල් සහ කරවල අඟලේ කෑලි කපාගන්න. තක්කාලි හතරට පළාගන්න. වට්ටක්කා කෑලි කපන්න.

02. භාජනයක් ගෙන එයට තක්කාලි, මෑ කරල්, බී ලූනු, මිටිකිරි, නිවිති හැර අනෙකුත් සියලූ දේවල් එකට දමා භාගයට වඩා තැම්බෙන්න හරින්න.

03. දැන් මිටිකිරි එක් කොට ඊට ම මෑ කරල්, බී ලූනු, තක්කාලි දමා තම්බන්න.

04. බිමට බා ගත් පසු නිවිති කොළ එක් කරන්න.

උපුටා ගැනීම Hadakari 

ඉදිරිපත් කිරීම Garlic and Ginger
මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Featured Post

239. මස්කට් සාදාගන්නා ආකාරය

මස්කට් සාදාගන්නා ආකාරය  අවශ්‍ය ද්‍රව්‍ය *໑໑ 88 (corn flour) *ඉරිගු පිටි දිය කිරීමට වතුර 130ml *සීනී 300g *සීනී දිය කිරිමට වතුර 250ml *දෙහි ම...