Saturday, April 6, 2019

160. මාළු පාන් සාදාගන්නා ආකාරය srilankan cooking

මාළු පාන් සාදාගන්නා ආකාර


මලු බනිස් අවශ්‍ය දේවල්: (බනිස් 6කට)
යීස්ට් තේ හැදි 2
 සීනි තේ හැදි 2
 මද රස්නෙ වතුර පිටි 250 g
 බිත්තර කහ මද 1
 බටර් 70 g

 මද රස්නෙ වතුරෙ දියකරගත් කිරි පිටි තේ හැදි 3 (වතුර කප් කාලක් පමණ) ලුනු තේ හැදි කාලක් සාදාගන්නා ආකාරය: මුලින්ම සීනි හැදි 2ක් යීස්ට් මද රස්නෙ වතුරේ දියකර පිපෙන්න තියන්න,මිනිත්තු 10ක් පමණ. ඉන් පසු එයට කිරි පිටි සහ බටර් එකතු කරන්න. මම නම් Stand Mixer(with Dough Hook) එකේ තමය් ඇනුවේ. අතින් උනත් මේ විදිහට අනන්න පුලුවන්. දැන් බිත්තර කහමදේත් දාලා පිටි ටික ටික එක්කර අනාගන්න. හොද මෘදු ගතියට (Soft) ආවට පස්සෙ ලොකු භාජනේකට දාලා තෙත රෙද්දකින් වහලා පැයක් එකහමාරක් තියන්න. එවිට Dough එක (අනාගත්ත මිශ්‍රණය) දෙගුණ වෙලා තියේවි. දැන් ඒ Dough එක පිටි ඉසු ලෑල්ලක් මත තබා අතින් පොඩ්ඩක් අනලා සමාන බෝල හදාගන්න. දැන් ඒ බෝල තුනීකරලා හදාගත්ත පිරවුම මැදට තියලා ත්‍රිකෝණාකාර (Triangular) ආකාරයට නවාගන්න. දැන් බටර් ඇතිරපු තැටියක (පිපෙන්න ඉඩ ඇති) තියලා පිපෙන්න පැයක් තෙත රෙද්දෙන් වහලා තියන්න. පිපුනට පස්සෙ බිත්තර සාරු ටිකක් උඩින් ගාලා (Egg Wash) බේක් කරන්න 200°C විනාඩි 20ක් පමණ. පිරවුම සාදාගන්නා ආකාරය: බීලුණු අමුමිරිස් කරපිංචා සුදුලුණු තෙලට දාලා බැදෙනකොට සැමන් එක්කරන්න. ඉන්පසු තම්බා පොඩිකල අල එක්කරන්න. දැන් ලුනු, ගම්මිරිස් කුඩු කෑලිමිරිස් එක්කරන්න. බී-ලුණු වැඩියෙන් එක්කරන්න. කැමති නම් එළවලුත් එක්කරන්න.

මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Featured Post

239. මස්කට් සාදාගන්නා ආකාරය

මස්කට් සාදාගන්නා ආකාරය  අවශ්‍ය ද්‍රව්‍ය *໑໑ 88 (corn flour) *ඉරිගු පිටි දිය කිරීමට වතුර 130ml *සීනී 300g *සීනී දිය කිරිමට වතුර 250ml *දෙහි ම...