Thursday, August 22, 2024

238. මෙක්සිකන් ක්‍රමයට සැකසූ අලිගැටපේර සලාදය

මෙක්සිකන් ක්‍රමයට සැකසූ අලිගැටපේර සලාදය


අපි පුරුදුවෙලා ඉන්නෙ අලිගැට පේර රසවත් පානයක් ලෙසත් සකස් කරගන්නටයි. මෙක්සිකානු කෑම වලට නම් අලිගැටපේර වරදින්නේ නැහැ, පහතින් දැක්වෙන ආකාරයට මෙම රසවත් ගුණවත් සලාදය ඔබට පහසුවෙන් සාදා ගත හැකියි.

අවශ්‍ය ද්‍රව්‍ය:

අලිගැටපේර ගෙඩියක්
කුඩා බී ළූණු ගෙඩියක්
කහපාට, රතුපාට සහ කොළපාට බෙල්පෙපර් ස්වල්පයක්
මින්චි කොළ කිහිපයක්
ග්‍රේට් කරගත් චීස් මේස හැඳි 2
 මුදවපු කිරි මේස හැඳි 2ක්
දෙහි යුෂ ස්වල්පයක්
තිබෙනවා නම් ඔලිව් ස්වල්පයක්
රස අනුව ලුණු සහ ගම්මිරිස්
සාදන ආකාරය:

අලිගැට පේර ගෙඩියේ ‍පොත්ත ඉවත් කර කුඩා කොටුවලට කපාගන්න. බී ළූණු, ඔලිව් සහ මින්චි කොළද සිහින්ව ලියා ගන්න. බෙල් පෙපර් කුඩා කොටුවලට කපාගන්න. භාජනයක් ගෙන එයට මුදවපු කිරි, දෙහි යුෂ, ගම්මිරිස්, ලුණු එක් කර හොඳින් මිශ්‍ර කරගන්න. එයට අලිගැටපේර, ඔලිව්, බී ළූණු සහ බෙල්පෙපර් ද එක්කර පොඩිනොවන සේ කලවම් කර ගෙන උඩින් ග්‍රේට් කරගත් චීස් දමා කෑමට ගන්න.

මෙම සලාදය බෙරි නොවුණු අලිගැටපේර ගෙඩියක් තෝරාගන්න මතක තබාගන්න. යෝගට්, මී කිරි වූවත් මෙයට එක් කරගත හැකියි. මෙම සලාදය ආහාරයට ගැනීමට පැය භාගයකට පමණ පෙර පිළියෙල කරගැනීම වඩාත් සුදුසුයි. උත්සවයක බත රස කරන්න ඉතාමත් සුදුසු මෙම රසවත් සලාදය හදල බලන්න අමතක කරන්න එපා.

මුල් හිමිකරුට ස්තුතියි ❤❤❤👍👍👍🙏🙏
මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Featured Post

239. මස්කට් සාදාගන්නා ආකාරය

මස්කට් සාදාගන්නා ආකාරය  අවශ්‍ය ද්‍රව්‍ය *໑໑ 88 (corn flour) *ඉරිගු පිටි දිය කිරීමට වතුර 130ml *සීනී 300g *සීනී දිය කිරිමට වතුර 250ml *දෙහි ම...