Sunday, August 18, 2024

237. දකුණේ දෙල් බත සාදාගන්නා ආකාරය

පරංගි අපිව නැතිකරන්න ගෙනාපු ඒත් දැන් අපිට නැතුවම බැරි " දෙල් ' වලින් හදන......
         " දකුණේ දෙල් බත "
           🍈🥝🍈🥝🍈🥝


දෙල්බත සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

🍈 සම්බා හාල් ග්‍රෑම් 250ක්
🍈 තරමක දෙල් ගෙඩියක්
🍈රතු ලූණු ගෙඩි 5ක්
🍈අමු මිරිස් කරල් 2ක්
🍈රම්පේ කොළ කෑල්ලක් 
🍈කරපිංචා කොළ කීපයක්
🍈කුරුඳු කැබැල්ලක්
🍈ගම්මිරිස්කුඩු තේහැඳි 1/2ක්
🍈තුනපහ තේ හැඳි 1/2ක්
🍈මිරිස් කුඩු තේ හැන්දක්
🍈කහ තේ හැඳි 1/2ක්
🍈මිටි කිරි කෝප්පයක්
🍈දෙහි යුෂ
🍈ලුණු

සකසා ගන්නා ආකාරය
(==================)

🛑 දෙල් ගෙඩිය පොතු හැර හතරට පළා මැද ඇති නාරටිය වැනි කොටසත් ඉවත් කරගන්න. ඉන්පසු සෝදා කුඩා හතරැස් කැබලිවලට කපා ගන්න. කපාගත් කැබලි නැවත සෝදා ගෙන කහ කුඩු සහ දෙහි යුෂ එක්කර හොඳින් අතගාගෙන පසෙකින් තබන්න.

🛑 රතු ලූනු සහ අමු මිරිස් කපා පසෙකින් තබා ගන්න.

🛑 සම්බා සහල් සෝදා මැටි මුට්ටියකට දමන්න. එයටම සූදානම් කරගත් දෙල් කැබලිද එක්කර ගන්න. බත් සහ දෙල් ඉදීමට අවශ්‍ය පමණ වතුර එක්කර ලිපේ තබා ගන්න. බත් සහ දෙල් තැම්බෙන විට එයට කරපිංචා, රම්පේ, කුරුඳු කැබැල්ල සහ කහ එක්කර පොල්කටු හැන්දකින් කලවම්කර වසා වතුර හිඳෙනතුරු පිස ගන්න.

🛑 වතුර හිඳුණු පසු එයට පොල් කිරි, ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු, තුනපහ කුඩු, ලුණු, කපාගත් ලූනු සහ අමු මිරිස් ද එක්කරන්න.(සැර අවශ්‍ය ආකාරයට ගම්මිරිස් එක්කර ගත හැක ) දෙල් කැබලි කැඩී නොයන සේ ප්‍රවේශමෙන් හැඳිගාමින් කලවම් කරන්න. පොල්කිරි ටික හිඳෙනතුරු ඉදවා ගෙන ලිපෙන් බාගන්න.

🛑 උණු උණු දෙල් බත් මාළු ඇඹුල් තියල් කරියක් සමග රස බැලිය හැක.

🛑 වෑංජනයක් නොමැතිව වුවද දෙල් බත් පමණක්ම කෑමට ගැනීමටත් හැකිය
ශ්‍රී ලංකාවේ සාමාන්‍යයෙන් දෙල් ආහාරයට ගනු ලබන්නේ වෑංජන ලෙස හෝ තම්බා ගෙනය. සාමාන්‍යයෙන් දෙල් මාළුව සැකසීමේදී බතක් වෙනම පිස ගැනීම සිදුවන අතර එයට වැඩි කාලයක්, අමුද්‍රව්‍ය ප්‍රමාණයක් මෙන්ම ඉන්ධන ප්‍රමාණයක් ද වැය වේ. නමුත් දකුණේ ජනතාව මේ කරුණු සියල්ලම සැලකිල්ලට ගෙන නිර්මාණය කරන ලද ආහාරයක් ලෙස දෙල් බත හඳුන්වාදිය හැක. දෙල් බත ඉතා සුවඳකින් යුක්ත වන අතර, රස පිළිබඳව අමුතුවෙන් කිව යුතු නොවේ. ‘බඩ පැලෙන්නට’ කන්න පුළුවන් කෑමක් ලෙසත් දෙල් බත දකුණේ ජනප්‍රියයි .....😊😊
Thanks Original Owner 
Copied 🌎🌎 

මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Featured Post

239. මස්කට් සාදාගන්නා ආකාරය

මස්කට් සාදාගන්නා ආකාරය  අවශ්‍ය ද්‍රව්‍ය *໑໑ 88 (corn flour) *ඉරිගු පිටි දිය කිරීමට වතුර 130ml *සීනී 300g *සීනී දිය කිරිමට වතුර 250ml *දෙහි ම...