Wednesday, July 31, 2024

235. බිත්තර ශක්ෂුකා සාදාගන්නා ආකාරය

😋😋උදෑසන ආහාරයට බිත්තර ශක්ෂුකා....😍😘


🍕අවශ්‍ය ද්‍රව්‍ය:-

🍵බිත්තර හතරක්🐣🐣🐣🐣
🍵ලොකු තක්කාලි ගෙඩි දෙකක් 
🍵බී ළූණු ළූණු ගෙඩි එකක් 
🍵බෙල් පෙපර් ගෙඩි භාගයක් හෝ
 🍵මාළු මිරිස් 
🍵සුදු ළූණු බික් 5ක්
🍵තුන පහ කුඩු තේ හැඳි එකක්
🍵ගම්බිරිස් කුඩු තේ හැඳි බාගයක් 
🍵මිරිස් කුඩු මේස හැඳි එකක්
🍵ඔලිව් ඔයිල් හෝ පොල්තෙල් 
🍵 සීනි තේ හැඳි කාලක් 
🍵ලුණු කුඩු තේ හැදි බාගයක් රස අනුව 
🍵කොත්තමල්ලි කොල 

🧉සාදන ක්‍රමය:-
 
        ලොකු ළූණු බෙල්පෙපර් තක්කාලි සිහින්ව කොටු කපා ගන්න .කොත්තමල්ලි කොල හීනියට කපා ගන්න .බිත්තර වෙන වෙනම කඩාගන්න නරක් වෙන ඒවා තිබෙන නිසා වෙන වෙනම කඩාගන්න .සුදුළූණු තලා පොඩියට කපාගන්න .

         දැන් පෑන් එකක් ලිපේ තබා තෙල් දමා රත් වෙන්නට හැර කපාගත් ලූනු බෙල්පෙපර් සුදු ලූනු සහ ලුණු කුඩු ස්වල්පයක් එකතු කර මලවා ගන්න පසුව තක්කාලි ටික එකතු කර මිරිස් කුඩු තුනපහ කුඩු දමා මදගින්නේ උයාගන්න.

 සීනි ටිකද එකතු කරගන්න දැන් ලුණු රස බලා ලුණු මදි නම් නැවත ලුණු එකතු කර ගන්න .පාන් වගේ දෙයක් කනවා නම් ලුණු වැඩියෙන් දාගන්න එපා පසුව පෑන් එකේ මිශ්‍රනේ එහා මෙහා කර බිත්තර 1 එක්ක එක්ක එකතු කරගන්න.

පියනකින් වසා මදගින්නේ උයාගන්න පසුව කොත්තමල්ලි කොළ එකතු කරගන්න. ලුණු සහ ගම්මිරිස් කුඩු මිශ්‍රකර බිත්තර උඩින් දාගන්න ගොඩක්ම තැම්බෙන්නට නැතුව 
බිත්තර සාදාගෙන කෑමට ගන්න.
Sandya's kitchen ..🖊️🖊️🖊️🖊️
මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Featured Post

243.පපඩම් සාදාගන්නා ආකාරය

පපඩම් (Papadam).   (සාමාන්‍ය ප්‍රමානයේ පපඩම් 50 ක් සඳහා ) 350g පමණ ) අවශ්‍ය ද්‍රව්‍ය : උඳු පිටි 200g පාන් පිටි 100g ලුණු 20g පොල් ත...