Tuesday, July 30, 2024

234. චිකන් ශවර්මා සාදාගන්නා ආකාරය

❤️❤️අදික මුදලක් දී කඩෙන් ගන්නවාට වඩා රසට ලස්සනට පිරිසිදු ව ගෙදර දීම සාදා රස බලන්න ....


🎅Chickane shawarma🎅

❄️චිකන් ශවර්මා❄️

🌮පළමුව අපි ශවර්මා එකට අවශ්‍ය ශවර්මා රොටිය හදමු

(ටෝ ටියා රොටී)

❄️ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍යය:-

🌯 පාන් පිටි ග්‍රෑම් 200 ක්
🌯 බේකින් පවුඩර් තේ හැඳි එකක් 
🌯ලුණු කුඩු තේ හැඳි භාගයක් 
🌯ඔලිව් ඔයිල් හෝ සුදු පොල් තෙල් මේස හැඳි දෙකක් 
🌯මඳ රස්නෙ වතුර

🔴රොටී සාදන ආකාරය:-

👉බෝල් එකක් ගෙන එයට පාන් පිටි ,බේකින් පවුඩර්,ලුණු කුඩු,තෙල් දමා සියල්ල හොඳින් කලවම් කර මඳ රස්නෙ වතුර ටික ටික දමමින් අතේ නොඇලෙන පදමට පිටි මෝලිය සාදාගන්න.

👉පසුව විනාඩි තුනක් විතර බෝල් එකේ තිබියදීම නිඩ් කරගන්න.

👉පසුව මොලිය රවුමට සාදාගෙන උඩින් තෙල් ස්වල්පයක් ගා තෙත රෙදි කැබැල්ලකින් විනාඩි පහළොවක් පමණ වසා තබන්න.

👉එසේ වසා තබා පසුව සමාන කොටසව කොටස් වලට කඩා කුඩා බෝල හයක් පමණ සාදා විනාඩි 10ක් පමණ වසා තබා පසුව පිටි ඉසගත් ලෑල්ලක් මත තුනී කරගන්න.(රෝලිං පින් එකක් ආධාරයෙන )

👉පසුව රොටි තැටිය ළිපේ තබා තෙල් ස්වල්පයක් ගා ලිපේ ගින්දර අඩු කර සාමාන්‍ය ගානට රොටී දෙපැත්ත පුළුස්සා ගන්න.

👉කර නොකරගෙන ලවට දුබුරු පාට ලප එනකොට බා ගන්න.

👉පසුව සවියට් එකක් මැදින් තබා වසා තබන්න.(එවිට රොටීය මොලොක් වෙනවා.අතින් නැමුවහම කැඩෙන්නේ නැති ගානට).

🍗දැන් චිකන් එක සාදාගමු:-

❄️ඒ සඳහා,

🌯 කටු නැති chicken චිකන් ග්‍රෑම් තුන්සියයක්
🌯යෝගට් මේස හැඳි 3 ක් 
🌯මිරිස් කුඩු තේ හැඳි එකක් 
🌯ගම්බිරිස් කුඩු තේ හැඳි භාගයක් 
🌯තුනපහා තේ හැඳි භාගයක් 
🌯රස අනුව ලුණු කුඩු 
🌯ඉඟුරු සුදුලුනු පේස්ට් මේස හැඳි එකක් 
🌯දෙහි යුෂ තේ හැඳි දෙකක්

🔴සාදන ක්‍රමය:-

👉චිකන් ටික දිග තිරු සිටින සේ කපා ගෙන ඉහත කිවු සියල්ල දමා හොඳින් කලවම් කර මැරිනේට් වීමට පැයක් පමණ ශීතකරණයේ තබන්න
 පසුව පොල් තෙල් මේස හැඳි දෙකක් පමණ භාජනයකට දමා එය රත් වී ගෙන එන විට චිකන් ටික දමා බැදගෙන පැත්තකින් තබා ගන්න 

❄️පසුව සෝස් එක සාදා ගමු 
     
🌯ඒ සඳහා මයෝනිස් සෝස් මේස හැඳි 5ක් 
🌯යෝගට් මේස හැඳි දෙකක්
🌯සුදුලුනු පේස්ට් තේ හැදි 1ක්
🌯ගම්බිරිස් කුඩු තේ හැඳි භාගයක් 
🌯ලුණු තේ හැඳි කාලක් 
🌯ඔලිව් ඔයිල් තේ හැඳි දෙකක්
🌯දෙහි යුෂ මේස හැඳි එකක් 

👉 පසුව මේ සියල්ල එකට දමා හොඳින් කලවම් කරගෙන පැත්තකින් තබා ගන්න.

🔴දැන් එලවලු සැලඩ් එක හදමු 

❄️ඒ සඳහා

🌯සලාද කොළ 
🌯දිගටි හැඩය ට සිහින්ව කපාගත් කැරට් කෝප්ප එකක් 
🌯ගෝවා සිහින්ව කපාගෙන කෝප්පයක්
🌯රතු කොළ බෙල්පෙපර් දිගටි හැඩයට 
කපා ගෙන
🌯කොල පිපිඤ්ඤා පොඩි ගෙඩියක් දිගැටි හැරියට සිහින්ව කපාගෙන 

👉මේ කපාගත් සියල්ල භාජනයකට දමා පසුව රස අනුව ලුණු කුඩු ගම්මිරිස් කුඩු ස්වල්පයක් ඔලිව් ඔයිල් තේ හැන්දක් දෙහි යුෂ ටිකක් මයෝනිස් ටිකක් දමා කලවම් කරගන්න.

🔴දැන් අපි රොටිය ඹ්තා ගමු.....

👉 පළමුව රොටියක් ගෙන එහි සාදා ගත් සෝස් එක මේස හැඳි දෙකක් පමණ ගා එයට උඩින් චිකන් ටිකක් ද පසුව එළවළු සලාද ටිකක් ද ,තක්කාලි සෝස් තේ හැන්දක් පමණ විසිරෙන ආකාරයට දමා රෝල් කරගන්න .

👉ගැලවෙනවට ටුල්පික් එකක් ගසා ගන්න. 

😋හරිම රසයි ....වර්ණවත් ... සාදා රස බලන්න ....
සෙයා කර ගෙන පල කරන්න ...උපුටා ගෙන පල කීරිමෙන් වලකීන්න ...

🎓Sandya kumari...🖋️
උපුටා ගැනීමකි 🙏💙
මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Featured Post

239. මස්කට් සාදාගන්නා ආකාරය

මස්කට් සාදාගන්නා ආකාරය  අවශ්‍ය ද්‍රව්‍ය *໑໑ 88 (corn flour) *ඉරිගු පිටි දිය කිරීමට වතුර 130ml *සීනී 300g *සීනී දිය කිරිමට වතුර 250ml *දෙහි ම...