Friday, July 26, 2024

233. කතුරුමුරුංගා මල් සහ කොළ මිශ්‍ර බිත්තර කිරි හොදි සාදාගන්නා අකාරය

කතුරුමුරුංගා මල් සහ කොළ මිශ්‍ර බිත්තර කිරි හොදි


🍥අවශ්‍ය ද්‍රව්‍ය 

තම්බාගත් බිත්තර 5ක්
කතුරුමුරුංගා මල් සහ කොළ ටිකක්
හොඳට පැසුණු පොල් වලින් ගත්ත කිරි කෝප්ප දෙකක්
ලියා ගත් රතු ළූණු ගෙඩි හයක් 
ලියාගත් අමූමිරිස් කරල් 3ක්
බැදපු උළුහාල් ඇට ස්වල්පයක්
කහ තේ හැඳි කාලක්
කරපිංචා ඉති එකක් 1ක්  
ගොරකා කෑලි 2ක්
රම්පේ  අඟලක කෑල්ලක්
කුරුදු පොතු කැබැල්ලක් 
රස අනුව ලුණු කුඩු

🍥සාදාගන්නා ආකාරය
        👉👉පිරිසුදු මැටි ඇතිලියක් ගෙන  පොල්කිරි හැර අන් සියලු දේ දමා හොදින් අතින් මිශ්‍ර කර ගන්න .සුළු වේලාවක් තබා පොල් කිරි දමා  උතුරුවා ගන්න.
          👉👉කිරි හොද්ද උතුරත් දී ලිපේ දැල්ල අඩුකර අඩු කර මදගින්නේ නොනවත්වා හැඳි ගාන්න.කිරි කැටි ගැසුනොත් රස නැහැ .තම්බා කටු ඉවත් කරගත් බිත්තර ද දමා ගන්න .   
       👉👉කිරි හොද්ද ලිපේන් ඉවතට ගන්න ටික වේලාවකට කලින්  කතුරුමුරුංගා මල් සහ කොල දමා ගන්න .
   👉👉 පසුව ළිපෙන් බාගෙන නොනවත්වා විනාඩි 5ක් පමණ හැදි ගාන්න.
Sandya kumari ...🖊️🖊️

මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Featured Post

244. එලවලු චොප්සි සාදාගන්නා ආකාරය

🌻චොප්සි (vegetable chopsuey)🌻 ~~~අවශ්‍ය දේවල් කැරට් ගෙඩියක් අල ගෙඩියක්  බෝංචි කරල් කීපයක් රතු/කහ/කොළ පාට බෙල් පෙපර් කැබලි කීපයක්  ගෝවා කොළ...