Friday, July 7, 2023

212. දෙල් වලින් රස කට්ලට් සාදාගන්නා ආකාරය

🟢දෙල් කට්ලට් 


 📌අවශ්‍ය ද්‍රව්‍ය

දෙල් 500 g
කටු රහිත කුකුල් මස් 150 g
ලොකු ළූණු ගෙඩි 1
අමු මිරිස් කරල් 3
අබ තේ හැඳි 1
සූදුරු තේ හැඳි 1
ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2
කෑලි මිරිස් කුඩු තේ හඳි 1
දෙහි බෑයක යුශ 
අවශ්‍ය පමන ලුණු 

📌කට්ලට් බැඳ ගැනීමට 

බිත්තර 2
පාන් කුඩු 
පොල් තෙල් 

📌සාදාගන්නා ආකාරය  🥣

ලුණු සහ කහ එකතු කර වාෂ්පයෙන් තම්බාගත් දෙල් ටික හොඳින් පොඩි කර ගන්න. ඉන්පසු මස් ටිකද කුඩා කැබලි වන සේ අඹරා පැත්තකින් තබා ගන්න. දැන් භාජනයක් ලිප තබා එයට පොල් තෙල් ටිකක් එක්කර පොල් තෙල් රත්වන විට අබ සහ සූදුරු එකතු කර අබ පුපුරන විට හීනියට කපාගත් ළූණු , අමු මිරිස් ද එක් කර තෙම්පරාදු කරගන්න. ළූණු ටික තැම්බෙන විට අඹරා ගත් මස් ද දමා හොඳින් කලවම් කරගන්න අතරතුර ගම්මිරිස් කෑලි මිරිස් සහ රස අනුව ලුණුද එකතුකර ගන්න. ඉන්පසු දෙල් ටික දමා සියල්ල හොඳින් මිශ්‍ර කර හදා ගත් මිශ්‍රණය නිවුන පසුව දෙහි යුෂ එකතු කර කුඩා බෝල සාදාගන්න. සාදාගත් බෝල ටික බිත්තර සාරු වල දමා (දෙවතාවක් පාන් කුඩු දවටා ගන්න) පාන් කුඩු තවරා ගෙන ගැඹුරු තෙලේ රන්වන් පැහැවන තෙක් බැදගන්න.

 📍ඔයා මස් මාළු නොකන කෙනෙක් නම් මස් අයින් කරලා කට්ලට් මිශ්‍රණය හදාගෙන බිත්තර සාරු වෙනුවට කෝන් පිටි සහ පාන් පිටි වලින් සාදා ගත් උකු මිශ්‍රණයක ගිල්වා පාන් කුඩු දවටා ගන්න.

 Ridmi Perera ❤️

මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Featured Post

244. එලවලු චොප්සි සාදාගන්නා ආකාරය

🌻චොප්සි (vegetable chopsuey)🌻 ~~~අවශ්‍ය දේවල් කැරට් ගෙඩියක් අල ගෙඩියක්  බෝංචි කරල් කීපයක් රතු/කහ/කොළ පාට බෙල් පෙපර් කැබලි කීපයක්  ගෝවා කොළ...