ගෝවා වඩේ සාදාගන්නා ආකාරය
අවශ්‍ය ද්‍රව්‍ය :
කඩල පරිප්පු (රැයක් පොඟවාගත්) අඬු කෝප්ප 1
අමු මිරිස් (කුඩාවට කපාගත්) කරල් 6
ගෝවා කොල (කුඩාවට කපාගත්) අඬු කෝප්ප 1
කැරට් (කුඩාවට කපාගත්) අඬු කෝප්ප 1/2
ලොකු ළූණු (කුඩාවට කපාගත්) අඬු කෝප්ප 1/4
කොත්තමල්ලි කොල (කුඩාවට කපාගත්) අඬු කෝප්ප 1/4
කඩල පිටි අඬු කෝප්ප 1/4
ලුණු රස පදමට
ගැඹුරු තෙලේ බැදගැනීමට තෙල්
සාදන ක්‍රමය:-
පොඟවාගත් පරිප්පුවල වතුර හොඳින් බේරා ගන්න.
පසුව පරිප්පු සහ අමු මිරිස් යාන්තම් කැබලි ඉතිරි වන ආකාරයට බ්ලෙන්ඩ් කරගන්න.
දැන් මෙම මිශ්‍රණය බෝල් එකකට දමාගෙන එයටම අනෙකුත් සියලු ද්‍රව්‍යයන් එක්කර හොඳින් මිශ්‍ර කරගන්න.
ඉන්පසු මිශ්‍රණය සමාන කොටස් 20කට වෙන්කරගන්න.
එක් එක් කොටස බැගින් ගෙන වඩේ එකක හැඩයට අඟල් 2ක පමණ විශ්කම්භයට තුනී කරගන්න.
දැන් ලොකු තාච්චියක් ලිප තබා එයට තෙල් දමා රත්කරගෙන සාදාගත් වඩේ 3-4ක් එකවර දමා රන්වන් පාට වනතෙක් දෙපැත්ත හරවමින් බැදගන්න.
වැඩිපුර ඇති තෙල් ටිෂු කොලයකින් ඉවත් කරගෙන උණුවෙන්ම කෑමට ගන්න.
Garlic and Ginger
මෙ පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න