උයමු කෙසෙල් මුහ ඇඹුලක් ගමේ විදියට 💜️
මෙහෙමයි මම කෙසෙල් මුහ උයන්නේ.....
අවශ්‍ය දැ....
කෙසෙල් මුහයක්...
කොස් ඇට....
තිබ්බටු...
කොච්චී සුදු හෝ කොල හිං කොච්චී උනත් කමක් නැ...
ගොරකා කැබලි කිපයක්..( මම ගොඩාක් දුරට දාන්නේ අමු අඹ )
බැදපු තුනපහ මිශ්‍ර මිරිස් කුඩු (ඒ මම ගෙදර කන්න මිරිස් කොටාගෙන ඉන්න විදිය )
කහාකුඩු ...
කුරුදු කැල්ලක්...
කරපිංචා...
රතු ළුනු ...
පොල් ගෙඩියක් ..
පොල් ගාගෙන ඉන්න ඉස්සෙල්ල ඊට පසු පොල් පලමු කිරි මිරිකා ගන්න මැටි ඇතිලියක් ගෙන එයට මිටි කිරි ටික දමන්න දෙවෙනි කිරත් මිරිකගෙන දමන්න..... දැන් බැදපු මිරිස්තුනපහ කහකුඩු .රතූළුනු .කොච්චී කරපිංචා කුරුදු පොතු කැල්ල දමා පසෙකින් තියාගන්න ..... ඉන්පසු කෙසෙල් මුහය තමන් කැමති විදියට කපාගන්න.කපාගත් කෙසෙල් මුහ ලුනු වතුරට දමා ටික වෙලාවක් තබා මිරිකා හොද වතුරින් දෙපාරක් සෝදාගන්න...කොස් ඇට තලාගන්න ගොඩාක් පොඩිවට එපා... තිබ්බටු ටිකත් කඩාගෙන සොදාගන්න ... තිබ්බටු කපාගන්න කපන එවා අර පොල් කිරි ඇතිලියට දමන්න (නැතිනම් කහට පිපෙනවා) ..දැන් කොස් ඇටත් දමා ගන්න.ඉන් පසු වතුර මිරිකා ගත් කෙසෙල් මුහ දාන්න දලා තමන්ට අවශ්‍ය පමණ ට ලුනු දමාගන්න .. මද ගින්දරේ උයා ගන්න .. කිරි කැට ගැහෙන්න නොදි හැදිගාන්න...කොස් ඇට තැම්බිලාද බලලා ගොරකා හෝ අඹ කැලි එකතු කරන්න..... ඉන්පසු හොදි හිදෙනතුරු උයාගෙන ලිපෙන් බාගන්න....මේ මම උයන විදිය.
ඔයාලත් උයලා රස කොහොමද කියන්නකෝ...... ස්තුතියි ...
Shalani dinesha....
📷 අන්තර්ජාලයෙන්
මෙ පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න