Saturday, January 14, 2023

205. මටන් බුරියානි සාදාගන්නා ආකාරය 

මට්න් බුරියානි හදමු 


සාමාන්‍ය බිරියානි එකට වඩා අද හදන මේ එළුමස් සහ යෝගට් එකතුකර හදන බිරියානි එක තරමක් විශේෂයයි. එළුමස් වලට ප්‍රියතාවයක් නැති කෙනෙක්ට එළුමස් වෙනුවට කුකුළු මස් යොදා ගෙන චිකන් බිරියානි හඳන්නත් පුළුවන්.

 අවශ්‍ය ද්‍රව්‍ය- 

 බාස්මතී සහල් ග්‍රෑම් 500ක්
එළුමස් ග්‍රෑම් 30ක්
ලොකු අර්තාපල් අල 2ක්
ලොකු ලූනු ගෙඩි 2ක්
තක්කාලි ගෙඩියක්
යෝගට් මේස හැඳි 3ක්
අමු මිරිස් කරල් 4ක්
මිංචි කොළ සහ කොත්තමල්ලි කොළ ස්වල්පයක්
බේ ලීෆ් කොළයක්, කරඳමුංගු ඇට 3-4ක් කරාබු නැටි 2ක්, ඉඟුරු සුදු ලූනූ පේස්ට් ස්වල්පයක්
කුරුඳු කැබැල්ලක්
වසාවාසි ස්වල්පයක්
මිරිස් කුඩු තේ හැඳි 1ක්, කහ කුඩු තේ හැඳි ½ක්
බිරියානි මසාලා තේ හැඳි 1ක්
ගී බටර් හෝ පොල් තෙල් වර්ගවලින් එකකින් ස්වල්පයක්
ලුණු රස අනූව

 සාදන ක්‍රමය:- 

 තරමක් ලොකු කැබලි කපා හොඳින් පිරිසිදු කරගත් එළුමස්වලට මිරිස් කුඩු, කහ කුඩු, මසාලා පවුඩර්, යෝගට් සහ රස අනුව ලුණු එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න. 

මේ මස් ටික හොඳින් සීසන් වීම සඳහා පැයක් පමණ තිබීම අවශ්‍ය වෙනවා. ඉන් පසු ලොකු ලූනු සිහින්ව ලියා රන්වන් පැහැ වන තෙක් ගැඹුරු තෙලේ බැදගන්න. 

බඳුනක් ළිපේ තියා එයට ගී හෝ බටර් දමා රත් කරගන්න. එයට ඉඟුරු සුදු ලූනු පේස්ට් එක දමා මඳක් බැදෙන විට කපාගත් අමු මිරිස් සහ සීසන් කරගත් එළුමස් ටික දමා හොඳින් මිශ්‍ර කරමින් මඳ වෙලාවක් බැදගන්න. 

ඉන්පසු එයට බැදගත් ලොකු ලූනුවලින් අඩක්, තරමක් විශාලවට කපාගත් අර්තාපල්, තක්කාලි කැබලි, අවශ්‍ය පමණට ලූනු, කපාගත් මිංචි සහ කොත්තමල්ලි කොළ එකතු කර තවත් විනාඩි 15ක් පමණ කාලයක් පිසෙන්නට ඉඩ හරින්න. 

අවශ්‍ය නම් වතුර ස්වල්පයක් එකතු කරන්න. පුළුවන්කම තියෙනවා. මෙය හොඳින් තැම්බී මඳක් උකු ගතියට එනතුරු හිඳීම අවශ්‍ය වෙනවා. 

වෙනත් බඳුනක් ළිපේ තියා ගී එකතුකර රත්වෙන්නට ඉඩ හැර එයට කරඳමුංගු, කරාබු නැටි, වසාවාසි, කුරුඳු, බේලීෆ් සහ සෝදාගත් සහල් එක් කරගන්න. 

සාමාන්‍ය පමණට වඩා අඩුවෙන් වතුර යොදා බත පිසගන්න. ඉන්පසු තරමක් විශාල බඳුනක් ගෙන එහි අඩියට පිසගත් බත්, මස්, බැදගත් ලූනු, කොත්තමල්ලි සහ මිංචි කොළ මාරුවෙන් මාරුවට තට්ටු කිහිපයක් වශයෙන් දමාගන්න. 

මෙහි පියන වසා තවත් විනාඩි 15ක් පමණ මඳගින්නේ තම්බාගෙන, බෙරි නොවන සේ ප්‍රවේශමෙන් කවලම් කර ආහාරයට ගන්න.

 උපදෙස්

විධායක සූපවේදී සුජිත් ආරියරත්න
මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Featured Post

239. මස්කට් සාදාගන්නා ආකාරය

මස්කට් සාදාගන්නා ආකාරය  අවශ්‍ය ද්‍රව්‍ය *໑໑ 88 (corn flour) *ඉරිගු පිටි දිය කිරීමට වතුර 130ml *සීනී 300g *සීනී දිය කිරිමට වතුර 250ml *දෙහි ම...