Wednesday, December 14, 2022

203. ඉදුනු කෙසෙල් වලින් හැදුනු දොදොල් සාදාගන්නා අකාරය

❤ ඉදුනු කෙසෙල් වලින් හැදුනු  දොදොල්🌹



මෙන්න මේවා ඔනී...
🌹ඉදුනු කෙසෙල් 1kg
🌹හකුරු 500g
🌹වතුර කප් 1/4 (මැසමන්ට් කප්)
🌹ගී කප් 1/4( එලගි තෙල්)
🌹වෙනම තව ගී තෙල් මේස හැදි 4ක්
🌹එනසාල් කුඩු තේ හැදි 1
🌹 බැදගත් කජු  කප් 1/4..( රට කජු උනත් පුලුවන් )
   

❤ මෙහෙමයි හැදුවෙ....
🌹 ඉදුනු කෙසෙල් ටික ලෙලි ඇරලා.බ්ලෙන්ඩර් කප් එකට දාලා ස්මූත් එකට අබරාගන්න..
🌹 දැන්  පෑන් එකට හකුරු ටිකයි ..වතුර කප් 1/4 දාලා ලිපේ තියලා දියවෙන තුරු හැදිගාගෙන ලිපෙන් අරගන්න..
🌹 දැන් දොදොල් හදන භාජනේට  ගීතෙල්  කප් 1/4 දාලා ඒකටම අබරා ගත් කෙසෙල් ටික දාගන්න..ටිකක් උතුරනකොට ..හකුරු ටික 
දාගන්න....
 
🌹දැන් හොදින් හැදිගාන්න ..ටිකක් මිස්‍ර නය උකු වීගෙන එනකොට ගී  මේස හැදි දෙකක් දාන්න....ආයේ විනාඩි  10 කට පසු ..ඉතුරු ගීතෙල   හැදි දෙක දාන්න..දැන් මේ වෙලාවෙම එනසාල් කුඩු ටිකයි..කජු ටිකයි දාලා හොඳින් හැදිගාන්න...පදමට එනකොට තැටියකට දාලා කෑලී කපාගත්න ...❤🌹☺️

උපටාගැනිමක්

මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Featured Post

239. මස්කට් සාදාගන්නා ආකාරය

මස්කට් සාදාගන්නා ආකාරය  අවශ්‍ය ද්‍රව්‍ය *໑໑ 88 (corn flour) *ඉරිගු පිටි දිය කිරීමට වතුර 130ml *සීනී 300g *සීනී දිය කිරිමට වතුර 250ml *දෙහි ම...