Wednesday, April 1, 2020

175. වට්ටකා කරියක් රසට සාදාගන්නා ආකාරය

වට්ටක්කා කරිය.

 අවශ්‍ය ද්‍රව්‍ය :- 
 වට්ටක්කා ග්‍රෑම් 750 
පොල් කෝප්ප 1/2 
අබ ඇට තේ හැදි 1 
 සුදුලූනු බික් 5ක් 
 බීලූනු ගෙඩි 1/2 
අමුමිරිස් කරල් තුනක් 
 කහා තේ හැදි 1/2
 කුරුදු කෑල්ලක්
 කරපිංචා  
ගම්මිරිස් ඇට 10
 ලුණු කුඩු තේ හැදි 2 

පොල් කිරි අවශ්‍ය නැත
 සාදන ක්‍රමය:- වට්ටක්කා කෑලිවලට කපන්න.එයට වතුර අවශ්‍ය ප්‍රමානයට එකතු කරන්න.ලුණු කුඩු හා කහා කුඩු එකතු කරන්න. දැන් තැම්බෙන්න තියන්න. මෙයට පොල් වලට අබ,කහා.ගම්මිරිස් ඇට,කුරුදු කෑල්ල, සුදුලූනු කරපිංචා,බීලූනු,අමුමිරිස් කරල් , වතුර කෝප්ප 1/2 ක් සමග හොදින් අඹරා ගන්න.එය වට්ටක්කා මිශ්‍රණයට එකතු කරන්න.තව අවශ්‍ය නම් වතුර ටිකක් දමන්න.සීනි අවශ්‍ය නැත.අවශ්‍ය නම් දාන්න .ලුණු වල රස බලන්න.මේ වට්ටක්කා මාලුවට පොල් කිරි අවශ්‍ය නැත.ඕනේ නම් බැදපු තුනපහ ටිකක් එකතු කරන්න.

මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Featured Post

243.පපඩම් සාදාගන්නා ආකාරය

පපඩම් (Papadam).   (සාමාන්‍ය ප්‍රමානයේ පපඩම් 50 ක් සඳහා ) 350g පමණ ) අවශ්‍ය ද්‍රව්‍ය : උඳු පිටි 200g පාන් පිටි 100g ලුණු 20g පොල් ත...