Tuesday, December 13, 2022

202 සෝයාමීට් ඩෙවල් සාදාගන්නා ආකාරය

🏵️සෝයාමීට් ඩෙවල් 🏵️


සාදන අයුරු ..

සෝයා 100g
කෝන්ෆ්ලවර් මේස හැඳි 3 (පාන් පිටි ගන්නත් පුලුවන් )
සෝයා සෝස් මේස හැඳි 2
තක්කාලි සෝස් මේස හැඳි 4
සීනි මේස හැඳි 2
සුදුලූනු පේස්ට් මේස හැදි 1 
ඉඟුරු පේස්ට් මේස හැඳි 1
ගම්මිරිස් කුඩු තේ හැඳි 2
ලුණු කුඩු රස අනුව 
මිරිස් කුඩු මේස හැදි 1 
කෑලි මිරිස් මේස හැදි 2
කහ කුඩු ස්වල්පයක් 
තෙල්
බී ලූනු ගෙඩි 2
මාලුමිරිස් කරල් 3
අමුමිරිස් කරල් 3
තක්කාලි ගෙඩි 2 
එනසාල් ඇට 2ක් 3ක්
කුරුඳු පොතු කෑල්ලක් 

***ලූනු ගෙඩිය 4ට කපාගන්න .මාලුමිරිස් ලොකු කෑලි වලට කපාගන්න .අමුමිරිස් ලොකු කෑලි වලට කපාගන්න .

***සෝයා ටිකට ලුණු ටිකක් දමා උණු වතුර දමා තැම්බුනාට පසුව හොඳින් වතුර මිරිකා ගන්න .
***දැන් සෝයා ටිකට ගම්මිරිස් තේ හැඳි 1,මිරිස් කුඩු ⁣තේ හැඳි 1,ලුණු කුඩු ⁣තේ හැඳි 1/2,කහ කුඩු ස්වල්පයක් දමා හොඳින් කලවම් කරන්න .දැන් එයට කෝන්ෆ්ලවර් මේස හැදි 2 ක් දමා හොඳට කලවම් කරන්න .
***භාජනයකට තෙල් දමා රත්වෙද්දි සෝයා ටික දමා බැදගන්න .විනාඩියක් පමණ .වැඩිය බදින්න එපා.
***දැන් වෙනත් භාජනයකට තෙල් මේස හැදි 4ක් පමණ දමා රත්වෙද්දි  සුදු ලූනු ,ඉඟුරු ,එනසාල් දමා බැදෙනවිට ලූනු ,මාලුමිරිස් ,අමුමිරිස් දමා කලවම් කරන්න .
***දැන් රස අනුව ලූණු ,ගම්මිරිස් කුඩු ,කෑලි මිරිස් ,කුරුඳු ,සෝයා සෝස් ,තක්කාලි සෝස් ,සීනි ,තක්කාලි  දමා කලවම් කරන්න .බැදගත් සෝයා ටික දමා කලවම් කර විනාඩි 2ක් පමණ පිස ගන්න .
මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Featured Post

246. හැමතැනම නැති මිල අධික ගාලික් බෙඩ් සාදාගන්නා ආකාරය

හැමතැනම  නැති මිල අධික ගාලික් බෙඩ් සාදාගන්නා ආකාරය  අවශ්‍ය  ද්‍රව්‍ය පාන් පෙති 08 බටර් (ලුණු රහිත )100g ගා ගත් සුදුලූණු මේස හැඳි 1- 1/2 ලුණු...