ගෙදරම හදා ගත්ත පපඩම්...😉
ඔයාලත් හදලා බලන්න මේක මම හදන්න දැනගත්තේ වෙන අක්කා කෙනෙක්ගෙන්...මම කලේ ඵ් රෙසිපියට හදලා බලපු ඵක... තවත් කෙනෙක්ගෙන් දෙයක් ඉගෙනගෙන ඵ්ක බෙදා හදාගෙන කන බොන ඵක නේද? හොද? තනියම බදාගෙන කනවට වඩා...
ඵ්ත් ඵහෙම කැමති නැති අයත් ඉන්නවා..මම නම් කැමති කවුරු හරි ජරාවක් නැතුව ආසාවෙන් දෙයක් හදලා දරු පැටියෙක්ට හරි කවනවට...🙏ඔයාලත් හදලා බලන්න... මම කලේ මෙහෙම..👍
උඳුපිටි කෝප්ප ඵකයි ( ඔයාලට ඕන තරමක් ගන්න මේ මම ගත්ත ප්රමාණය)
ලුණු රස අනුව
ආප්ප සෝඩා තේහැදි බාගයයි
වතුර ටිකක්...
මුලින්ම මේ ටික බෝල් ඵකකට දාලා හොදින් අනා ගන්න තද ඩෝ (ඝණකම ගුලියක්) ඵකක්...ඊට පස්සේ ඵ්ක ලෑල්ලක් උඩ හෝ ඕනම මතුපිටක් උඩ තියලා බර ( රෝලින් පින් ඵකකින් වගේ) ලීයකින් වගේ පෙරලා පෙරලා ගහන්න..ඊට පස්සේ ඵ්ක බටයක් වගේ දිගට රෝල් කරලා කෑලි වලට කපලා බෝල කර ගන්න...ඊට පස්සේ ඵ්ක පාන්පිටි ඉහලා හොදින් තුනී කර ගන්න...( පපඩම් වගේ රවුමට හරි තුනී වෙන හැඩේට හරි) තද අව්වේ පැයක් වගේ තියලා( පපඩම අයිනෙන් ඇකිලෙන ගානට ඵන්න).. හොදින් හුලං වදින්න නැතුව බාජනයකට දාලා වහලා තියලා ඕන වෙලාවට අරන් බැදලා ගන්න...පිරිසිදුයි රසයි...🙂
මෙ පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න