Saturday, May 29, 2021

196 කොස් ඇට " බැදුමක්..

ලේසියෙන් හදා ගන්න පුළුවන් "කොස් ඇට "  බැදුමක්..
හදන්නේ  මෙහෙමයි..👇
අවශ්‍ය ද්‍රව්‍ය :-
👉  කොස් ඇට 
👉  පොඩි B ළූනු ගෙඩියක්
👉  අමු මිරිස් කරල් දෙක තුනක් ,උම්බලකඩ කෑලි ටිකක්,රම්පේ ,කරපිංචා ,අබ ඇට ටිකක් .
👉  මිරිස් කුඩු ,තුන පහ ,කහ කුඩු ටිකක්,
👉  පොල් තෙල් මේස හැදි දෙකක්..
සාදන ක්‍රමය :-
👉  ඉස්සෙල්ලම කොස් ඇට ටික කබලේ බැද ගන්න.(කොස් ඇටයක් දෙකක් " ඩෝං " ගාලා පිපිරුනා නම් ඔන්න හරි..පරිස්සම් වෙන්න ඕන කොස් ඇට පුපුරන කොට ඇස් වලට ඉහෙනවා.
👉  ඊලගට කොස් ඇට ටික තලලා පොතු ඇර ගන්න ඉස්සෙල්ල ටිකක් තලලා පොතුඇරලා ඉවර වෙලා..ආපහු ටිකක් තලන්න..එතකොට තමයි කොස් ඇටේ ඇතුලට හොදට ලුනු මිරිස් අහන්නේ..
👉 ඒ කොස් ඇට ටික බාජනයකට දාලා.මිරිස් කුඩු,තුනපහ,කහ,ලුනු දාල වතුර පොඩ්ඩකුත් දාලා හොදට කලවම් කරලා පැත්තකින් තියන්න.
👉  B ළූනුගෙඩිය,මිරිස් කරල් ටික,හීනියටකපන්න,රම්පේ ,කරපිංචාත් කපන්න..
👉  බාජනයක් ලිපේ තියලා තෙල් ටික දාලා රත් වෙනකොට අබ ඇට ටික එකතු කරන්න.
ඒකට කපා ගත්තු දේවල් ඔක්කොම උම්බලකඩත් එක්ක තෙලට දාන්න.
👉  ටිකක් බැදෙන්න තියලා  ඒකටම ලුනු ,මිරිස් අනා ගත්තු කොස් ඇට ටිකත් තෙලට එකතු කරන්න..වතුර පො...ඩ්ඩකුත් දාන්න..හොදට ම මිශ්‍ර කරන්න.  
විනාඩි 5 විතර..ගියාම ලිපෙන් බාන්න.

Featured Post

246. හැමතැනම නැති මිල අධික ගාලික් බෙඩ් සාදාගන්නා ආකාරය

හැමතැනම  නැති මිල අධික ගාලික් බෙඩ් සාදාගන්නා ආකාරය  අවශ්‍ය  ද්‍රව්‍ය පාන් පෙති 08 බටර් (ලුණු රහිත )100g ගා ගත් සුදුලූණු මේස හැඳි 1- 1/2 ලුණු...