Tuesday, April 7, 2020

182. අර්තාපල් රසට පහසුවෙන් තෙල් දා ගන්නා ආකාරය

අර්තාපල් රසට පහසුවෙන් තෙල් දා ගන්නා ආකාරය 

අවශ්‍ය ද්‍රව්‍ය:-
අර්තාපල් ග්‍රෑම් 500 
බීලූනු ගෙඩි 2
අමුමිරිස් කරල් 4
කරපිංචා 
කෑලි මිරිස් මේස හැදි 1 
ලුණු කුඩු තේ හැදි 1 රස අනුව 
පොල් තෙල් මේස හැදි 2 

සාදන ක්‍රමය :-
අර්තාපල් තම්බා කෑලි වලට කපා බැද ගන්න.(අවශ්‍ය නම් පමනක් )බීලූනු ,අමුමිරිස් කෑලි වලට කපා ගන්න.තෙල් දාන විදියට.දැන් භාජනයකට තෙල් ටික දමා බීලූනු ,අමුමිරිස් කරපිංචා ටික එකතු කරන්න.මෙයට කෑලි මිරිස් හා ලුණු කුඩු එකතු කරන්න.මෙය බැදෙන විට බැදගත් අල ටික එකතු කරන්න.
හොදින් බීලූනු බැද ගතහොත් පිළුනු වීමා අවම කර ගත හැක.


මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Featured Post

244. එලවලු චොප්සි සාදාගන්නා ආකාරය

🌻චොප්සි (vegetable chopsuey)🌻 ~~~අවශ්‍ය දේවල් කැරට් ගෙඩියක් අල ගෙඩියක්  බෝංචි කරල් කීපයක් රතු/කහ/කොළ පාට බෙල් පෙපර් කැබලි කීපයක්  ගෝවා කොළ...