Sunday, April 5, 2020

181. අල පාරාට රහට පහසුවෙන් සාදාගන්නා ආකාරය

අල පරාටා හැදුවා ..මේ ඉස්සෙල්ලාම පාර,මේකට මන් හැදුවෙ පරිප්පූ මිරිසට ,චිකන් කරි මට්න් කරිත් නියමයි😋
 පොඩක් නීට් මදි..ඉස්සෙල්ලාම පාරනේ..ඒ උනාට රස හොදයි 😋❤️😘
ඒ තමා අපිට මේ කෑම වට්ටෝරුව කියා දුන්න නදිකා දමයන්ති කිව කතාව



 පිටි මෝලිය සදහා

 පාන් පිටි 500g
 බිත්තර 2
 ලුණු තේ හැදි 2
පොල් තෙල් මේස හැදි 2
මද උනුසුම් ජලය

 අල පිරවුමට

තම්බා ගත් අල ලුණූ
 කරපිංචා
 අමූ මිරිස් කරල්
 මිරිස් කුඩු
 කහ කුඩු
 ගම්මිරිස්
 කුඩු ලුනු කුඩු
අබ ටිකක්
 සූදුරු කුඩු
කොත්තමල්ලි කුඩු
පොල් තෙල්

සාදාගන්නා ආකාරය

   පාන් පිටි එකට බිත්තර ලුණු පොල් තෙල් ටික දමා මිශ්‍ර කරන්න.එකට මද උනුසුම් ජලය ටික ටික දමමින් අනාගන්න.( එය soft ඩෝ එකක් වගේම ටිකක් අලෙන ගතිය) එය දිග අතට හදා ගෙන කොටස් වලට කපා ගන්න. කොටස් එකින් එක බොල කරගෙන තෙල් තැවරැ තැටියක තබා පිටි බොල වල තෙල් ටිකක් ගන්න. පැය බාගයක් පමන වහලා තියන්න. පොල් තෙල් ටිකක් දමා එය රත් වන විට අබ සූදුරු කොත්ත මල්ලී කුඩු දමන්න.ලුණූ කරපිංචා මිරිස් ටික දාලා තෙම්පරාදු කරන්න.එයට මිරිස් කුඩු කහ කුඩු ගම්මිරිස් කුඩු දමන්න. පොඩි කරගත් අල ටික දමන්න. රස අනුව ලුණු දමන්න. හොදින් මිශ්‍ර කරන්න .ඒ මිශ්‍රනය බෝල සදා ගන්න. පිටි ටිකක් ඉහළ අපි හදා ගත්තු පිටි බොලය ගෙන ටිකක් තුනි කරන්න.රොටීය මැදට අල බොලයක් තියා රොටීය එකතු කරන්න. (හොදින් රොටීය එකතු කරන්න.) වැඩි කොටස අයින් කරන්න.(රොටි ටිකෙන් අයන් වෙන වැඩි කොටස් ටික එකතු කරලා අයේ රොටියක් හදා ගන්න)දැන් එය තුනි කරන්න. අඩු ගින්දරේ රොටී දෙපැත්ත පුච්චගන්න.. ❤️😋😋😋😊

මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Featured Post

239. මස්කට් සාදාගන්නා ආකාරය

මස්කට් සාදාගන්නා ආකාරය  අවශ්‍ය ද්‍රව්‍ය *໑໑ 88 (corn flour) *ඉරිගු පිටි දිය කිරීමට වතුර 130ml *සීනී 300g *සීනී දිය කිරිමට වතුර 250ml *දෙහි ම...