Friday, April 3, 2020

180. රසවත් අඹ චට්නි සාදාගන්නා ආකාරය

කමු රසවත් අඹ චට්නි


අවශ්‍ය ද්‍රව්‍ය:-

අඹ ග්‍රෑම් 850 (වලු අඹ/ බෙට්ටි අඹ - තමන්ගේ කැමැත්ත අනුව තෝරා ගන්න)
සීනි ග්‍රෑම් 600
මිරිස් මේස හැදි 1 1/2
විනාකිරි කෝප්ප 1 
ඉගුරු කෑල්ලක් 
සුදුලූනු බික් 6 ක් පමණ 
කරදමුංගු කීපයක් 
කරාබු නැටි 4 ක් පමණ
කුරුදු කෑල්ලක් 
අවශ්‍ය නම් ගම්මිරිස් කුඩු තේ හැන්දක් පමණ
ලුණු කුඩු රස අනුව 

සාදන ක්‍රමය:-

මුලින් අඹ ලෙල්ල සහ ඇට ඉවත් කරගෙන හතරැස් කෑලි කපා ගන්න. ඉගුරු සුදුලූනු අඹරා ගන්න. කපා ගත් අඹ ටික මැටි භාජනයකට දමා එයට මිරිස් කුඩු, ඉගුරු සුදුලූනු, අනෙකුත් කුළු බඩු, ගම්මිරිස් කුඩු හා ලුණු කුඩු ද එකතු කර අන්තිමට විනාකිරි ටික එකතු කරන්න.

මේ සියල්ල හොදින් කලවම් කරන්න. පොල් කටු හැන්දකින් නම් වඩා හොඳයි. දැන් මේ මිශ්‍රණය ලිපේ තබන්න. ලිපේ ගින්දර මුලින් වැඩි කර විනාඩි හතරක් පමණ තබා මුඩියකින් වසා තබන්න. එය උතුරන විට ගින්දර අඩු කර සීනි එකතු කර ගෙන හොදින් මිශ්‍රණය කලවම් කර ගන්න. සැරින් සැරේ වසන ලද මුඩිය ඇර කලවම් කරන්න. අඩිය නොඇලනසේ හැදි ගාන්න. මද ගින්දරේ තියන්න. විනාඩි 45 ක් පමණ තියන්න. 
රන්වන් පැහැය එන විට ලිප නිවා ගන්න. 

මෙය මදක් නිවුනු පසු උනු වතුරෙන් සෝදා ගත් වීදුරු බෝතල් වලට අසුරන්න.

මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Featured Post

239. මස්කට් සාදාගන්නා ආකාරය

මස්කට් සාදාගන්නා ආකාරය  අවශ්‍ය ද්‍රව්‍ය *໑໑ 88 (corn flour) *ඉරිගු පිටි දිය කිරීමට වතුර 130ml *සීනී 300g *සීනී දිය කිරිමට වතුර 250ml *දෙහි ම...