Friday, April 3, 2020

179. ලින්නා මාළු ඇඹුලට හදන හැටි 

ලින්නා මාළු ඇඹුලට හදන හැටි 

අවශ්‍ය ද්‍රව්‍ය:-

ලින්නා මාළු ග්‍රෑම් 500 
මිරිස් කුඩු මේස හැදි 2
ගම්මිරිස් කුඩු මේස හැදි 1 
බැදපු තුනපහ කුඩු මේස හැදි 1
අඹරපු ගොරකා තේ හැදි 1 
ලුණු කුඩු තේ හැදි 1 (රස අනුව )
ඉගුරු කෑල්ලක් 
සුදුලූනු බික් 6

සාදන ක්‍රමය:-

මාළු කපා සෝදා ගන්න.ඉගුරු සුදුලූනු අඹරා ගන්න.භාජනයක් ගෙන (මැටි වළදක් නම් වඩා හොඳයි.) එයට ඉගුරු, සුදුලූනු,මිරිස් කුඩු ,ගම්මිරිස් කුඩු ,බැදපු තුනපහ කුඩු,ලුනු කුඩු ,ගොරකා එකතු කර වතුර කෝප්ප 1 දමා පේස්ට් එකක් සේ කලවම් කරන්න. දැන් මාළු කෑලි එක බැගින් මේ පේස්ට් එකට එකතු කරන්න.ඉන් පසු භාජනය ලිපේ තබා මුඩියකින් වසන්න.හොදි එක නටන විට ගින්දර අඩු කර මුඩිය ඉවත් කර මද ගින්නේ හින්දවා ගන්න.රස අනුව ලුණු එකතු කරන්න.

මෙ  පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Featured Post

239. මස්කට් සාදාගන්නා ආකාරය

මස්කට් සාදාගන්නා ආකාරය  අවශ්‍ය ද්‍රව්‍ය *໑໑ 88 (corn flour) *ඉරිගු පිටි දිය කිරීමට වතුර 130ml *සීනී 300g *සීනී දිය කිරිමට වතුර 250ml *දෙහි ම...